යෙදුමෙන් කියවන්න

භද‍්දජිසුත‍්තං

5. 4. 2. 10.

5. 4. 2. 10.

[භද‍්දජිසුත‍්තං]

[භද්දජී සූත්‍රය]

20. එකං සමයං ආයස‍්මා ආනන්‍දො කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස‍්මා භද‍්දජි යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං භද‍්දජිං ආයස‍්මා ආනන්‍දො එතදවොච:

20. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වසන්නාහ. එ කල්හි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා සමඟ සතුටුවූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවන්ට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:

කින‍්නු ඛො ආවුසො භද‍්දජි, දස‍්සනානං අග‍්ගං? කිං සවණානං අග‍්ගං? කිං සුඛානං අග‍්ගං? කිං සඤ‍්ඤානං අග‍්ගං? කිං භවානං අග‍්ගන‍්ති?

ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, දර්‍ශනයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? ශ්‍රවණයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සුඛයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සංඥාවන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? භවයන් කෙරෙහි කුමක් අග්‍ර වේ දැයි?

අත්‍ථාවුසො, බ්‍රහ‍්මා අභිභූ අනභිභූතො අඤ‍්ඤදත්‍ථු දසො වසවත‍්තී, යො තං බ්‍රහ‍්මානං පස‍්සති, ඉදං දස‍්සනානං අග‍්ගං.

ඇවැත්නි, මෙරමා අභිභවා සිටි අනෙකක්හු විසින් අනභිභූත වූ ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ හැම දෙන සියවසයෙහි පවත්වන සුලු බ්‍රහ්මයෙක් ඇත. යමෙක් එ බ්‍රහ්මයා දක්නේ වේ නම්, මෙය දර්‍ශනයන් කෙරෙහි අග්‍රය.

අත්‍ථාවුසො ආභස‍්සරා නාම දෙවා සුඛෙන අභිසන‍්නා පරිසන‍්නා. තෙ කදාචි කරහචි උදානං උදානෙන‍්ති: “අහො සුඛං, අහො සුඛන‍්ති.” යො තං සද‍්දං සුණාති, ඉදං සවණානං අග‍්ගං.

ඇවැත්නි, ආභාස්වර නම් වූ සුඛයෙන් පිරී පැතිර සිටුනා දෙවිකෙනෙක් ඇත. ඔහු ඇතැම් කලෙක “අහෝ සුඛ ය, අහෝ සුඛය ය”යි උදන් අනත්. යමෙක් එ හඬ අසා නම්, මෙය ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර ය.

අත්‍ථාවුසො, සුභකිණ‍්හකා නාම දෙවා. තෙ සන‍්තඤ‍්ඤෙව සුඛිතා සුඛං පටිසංවෙදෙන‍්ති. ඉදං සුඛානං අග‍්ගං.

ඇවැත්නි, ශුභකෘතස්න නම් දෙවි කෙනෙක් ඇත. සුඛිත වූ ඔහු විද්‍යමාන වූ ම සුව විඳුනාහ. මෙ සුඛයන් කෙරෙහි අග්‍ර ය.

අත්‍ථාවුසො, ආකිඤ‍්චඤ‍්ඤායතනූපගා දෙවා. ඉදං සඤ‍්ඤානං අග‍්ගං.

ඇවැත්නි, ආකිඤ්චන්‍යායතනෝපග දෙවි කෙනෙක් ඇත. මෙ සංඥාවන් කෙරෙහි අග්‍ර යයි.

අත්‍ථාවුසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගා දෙවා. ඉදං භවානං අග‍්ගන‍්ති.

ඇවැත්නි, නෛවසංඥානාසංඥායතනොපග දෙවි කෙනෙක් ඇත. මෙ භවයන් කෙරෙහි අග්‍ර යයි.

සමෙති ඛො ඉදං ආයස‍්මතො භද‍්දජිස‍්ස යදිදං බහුජනෙනාති.

ආයුෂ්මත් භද්‍රජිත් තෙරුන‍්ගේ මෙ බස බහු ජනයාගේ (බොහෝ දෙනාගේ) බස් හා සැසැඳේ ය යි.

ආයස‍්මා ඛො ආනන්‍දො බහුස‍්සුතො. පටිභාතු ආයස‍්මන‍්තඤ‍්ඤෙව ආනන්‍දන‍්ති.

ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන්ට ම (තෙල කරුණ) වැටහේව යි.

තෙන හි ආවුසො, භද‍්දජි, සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති. එවමාවුසොති ඛො ආයස‍්මා භද‍්දජි ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසි. ආයස‍්මා ආනන්‍දො එතදවොච:

ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, එසේ වී නම්, මනා කොට අසව, මැනැවින් මෙනෙහි කරව, කියමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කරුණ කීහ:

යථා පස‍්සතො ඛො ආවුසො, අනන‍්තරා ආසවානං ඛයො හොති, ඉදං දස‍්සනානං අග‍්ගං. යථා සුණතො අනන‍්තරා ආසවානං ඛයො හොති, ඉදං සවණානං අග‍්ගං. යථා සුඛිතස‍්ස අනන‍්තරා ආසවානං ඛයො හොති. ඉදං සුඛානං අග‍්ගං. යථා සඤ‍්ඤිස‍්ස අනන‍්තරා ආසවානං ඛයො හොති, ඉදං සඤ‍්ඤානං අග‍්ගං. යථාභූතස‍්ස අනන‍්තරා ආසවානං ඛයො හොති, ඉදං භවානං අග‍්ගන‍්ති.

ඇවැත්නි, යම් පරිද්දෙකින් (ඉටු අනිටු කවර හෝ අරමුණක්) දක්නහුට එයට අනතුරුව ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ නම්, මෙ දර්‍ශනයන් කෙරෙහි අග්‍ර වෙයි. යම් පරිද්දෙකින් අසන්නහුට එයට අනතුරුව ට ආස්‍රවක්‍ෂය වේ නම්, මෙ ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර වෙයි. යම් මාර්‍ගසුඛයෙකින් සුඛිත වූවහුට අනතුරුව ම අර්‍හත්ත්‍ව ය උපදී නම්, මේ මාර්‍ගසුඛය සුඛයන් කෙරෙහි අග්‍ර ය. යම් මාර්‍ගසංඥාවක් ඇතියහුට (මාර්‍ගසංඥාවට) අනතුරුව ම ආස්‍රවක්‍ෂය වේ නම්, මේ සංඥාවන් කෙරෙහි අග්‍රය. යම් අත්බැවෙක සිටියහුට අනන්තරව ම (මාර්‍ගයට අනතුරුව ම) ආස්‍රවක්‍ෂය (ඵලය) වේ නම්, මේ පශ්චිමභවය භවයන් කෙරෙහි අග්‍ර වේ යයි.

ආඝාතවග‍්ගො දුතියො

ආඝාතවර්‍ගය දෙවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ ආඝාතවිනයා සාකච‍්ඡා සාජීවතො පඤ‍්හං පුච‍්ඡා නිරොධො චොදනා සීලං නිසන‍්ති භද‍්දජීති.

ආඝාතවිනය සූත්‍ර දෙක ය, සාකච්ඡා සූත්‍රය, සාජීව සූත්‍රය, පඤ්හපුච්ඡා සූත්‍රය, නිරෝධ සූත්‍රය, චෝදනා සූත්‍රය, සීල සූත්‍රය, නිසන්ති සූත්‍රය, භද්දජීසූත්‍ර ය දැ යි දසයෙකි.