සාරජ්ජසුත්තං
5. 4. 3. 1.
5. 4. 3. 1.
[සාරජ්ජසුත්තං]
[සාරජ්ජ සූත්‍රය]
21. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “වහන්ස” යි එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති. කතමෙහි පඤ්චහි:
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක ශාරද්‍යයට (බියට) බටුයේ වෙයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
පණිවා කරණුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසාවා කියනුයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර බොනුයේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක ශාරද්‍යයට බටුයේ වේ.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො හොති. කතමෙහි පඤ්චහි:
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක විශාරද වෙයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහරින් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙරින් වැළකියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො හොතීති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක විශාරද වේ ය යි.