විසාරදසුත්තං
5. 4. 3. 2.
5. 4. 3. 2.
[විසාරදසුත්තං]
[විසාරද සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
22. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො අවිසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි පඤ්චහි:
22. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක අවිශාරද වූයේ ගිහි ගෙයි වාස කරයි. කවර පසෙකින් යත්:
පාණාතීපාතී හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
පණිවා කරන්නේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙර පානය කරන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො අවිසාරදො අගාරං අජ්ඣාවසති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක අවිශාරද වූයේ ගිහිගෙහි වසයි.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි පඤ්චහි:
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක විශාරද ව ගිහිගෙහි වසයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
පණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො අගාරං අජ්ඣාවසතීති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක විශාරද වූයේ ගිහිගෙහි වෙසේ ය යි.
5. 4. 3. 3.
5. 4. 3. 3.
[නිරයසුත්තං]
[නිරය සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
23. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
23. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි උපදනේ වෙයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතී හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
පණිවා කරන්නේ වෙයි, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පානය කරන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම්සේ නම්, එසේ නිරයෙහි උපදනේ වේ.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උවසු ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම්, එසෙයින් ස්වර්ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
පණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම් සේ නම්, එසෙයින් ස්වර්ගයෙහි උපදනේ වේ ය යි.