යෙදුමෙන් කියවන්න

වෙරසුත‍්තං

5. 4. 3. 4.

5. 4. 3. 4.

[වෙරසුත‍්තං]

[වෙර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

24. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච:

24. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:

පඤ‍්ච ගහපති, භයානි වෙරානි අප‍්පහාය දුස‍්සීලො ඉති වුච‍්චති. නිරයං ච උපපජ‍්ජති. කතමානි පඤ‍්ච:

ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ. කවර පසෙක යත්:

පාණාතිපාතං, අදින‍්නාදානං, කාමෙසු මිච‍්ඡාචාරං, මුසාවාදං, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං.

පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණුවූ රහමෙර යැ යි.

ඉමානි ඛො ගහපති, පඤ‍්ච භයානි වෙරානි අප‍්පහාය දුස‍්සීලො ඉති වුච‍්චති. නිරයං ච උපපජ‍්ජති.

ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ.

පඤ‍්ච ගහපති, භයානි වෙරානි පහාය සීලවා ඉති වුච‍්චති, සුගතිං ච උපපජ‍්ජති. කතමානි පඤ‍්ච:

ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ කිරීමෙන් සිල්වත් ය යි කියනු ලැබේ. සුගතියට ද එළඹේ. කවර පසෙක යත්:

පාණාතිපාතං, අදින‍්නාදානං, කාමෙසු මිච‍්ඡාචාරං, මුසාවාදං, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං.

පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණු වූ රහමෙර යි.

ඉමානි ඛො ගහපති, පඤ‍්ච භයානි වෙරානි පහාය සීලවා ඉති වුච‍්චති. සුගතිං ච උපපජ‍්ජතීති.

ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ කොට සිල්වත් යයි කියනු ලැබේ. සුගතියට ද එළඹේ ය යි.

යං ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතො නෙව දිට‍්ඨධම‍්මිකං භයං වෙරං පසවති, න සම‍්පරායිකං භයං වෙරං පසවති, න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොති. යං ගහපති, අදින‍්නාදායී -පෙ- යං ගහපති, කාමෙසු මිච‍්ඡාචාරී -පෙ- යං ගහපති, මුසාවාදී -පෙ- යං ගහපති සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායී සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සුරාමෙරය මජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො නෙව දිට‍්ඨධම‍්මිකං භයං වෙරං පසවති, න සම‍්පරායිකං භයං වෙරං පසවති, න චෙතසිකං දුක‍්ඛංදොමනස‍්සං පටිසංවෙදෙති. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොතීති.

ගැහැවිය, පණිවා කරණුයේ ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් ම දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්‍රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, පණිවායෙන් දුරුවූයේ දෘෂ්ටධාර්මික භය හා වෛර හා නො ම ප්‍රසව කෙරෙයි, සාම්පරායික භය හා වෛර හා නො ම ප්‍රසව කෙරෙයි, මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය. පණිවායෙන් දුරුවුවහුට මෙසේ එ භය හා වෛර හා සන්හුන් වෙයි. ගැහැවිය, අයිනාදන් ගන්නා සුලුයේ ... ගැහැවිය, කාමයෙහි මිසහසර ඇතියේ ... ගැහැවිය, මුසාබස් කියනුයේ ... ගැහැවිය, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනුයේ මදපමා දෙකට කරුණු වූ රහමෙර බිම් හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්‍රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ එ දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව නො කෙරෙයි සාම්පරායික භය හා වෛර හා ප්‍රසව නො කෙරෙයි. මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූවහුට මෙ ලෙසින් එ භය හා වෛර හා සන්හිඳුනේ වේ යයි.

80. යො පාණමතිපාතෙති මුසාවාදඤ‍්ච භාසති, ලොකෙ අදින‍්නං ආදියති පරදාරඤ‍්ච ගච‍්ඡති, සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ‍්ජති;

80. යමෙක් පණිවා කෙරේ නම්, මුසාවාත් බෙණේ නම්, ලොව්හි නුදුන් දෑ ගන්නේ නම්, පරඹුන් කරා ද යේ නම්, යම් පුඟුලෙක් රහමෙර පානයත් කෙරේ නම්,

81. අප‍්පහාය පඤ‍්ච වෙරානි දුස‍්සීලො ඉති වුච‍්චති, කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො නිරයං සොපපජ‍්ජති

81. හේ පඤ්ච වෛරයන් ප්‍රහීණ නො කොට දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ කාබුන් මරණින් මතු නිරයට එළඹෙයි.

82. යො පාණං නාතිපාතෙති මුසාවාදං න භාසති, ලොකෙ අදින‍්නං නාදියති පරදාරං න ගච‍්ඡති, සුරාමෙරය පානං ච යො නරො නානුයුඤ‍්ජති;

82. යමෙක් පණිවා නො කෙරේ ද, මුසාවා නො බෙණේ ද, ලොව්හි අයිනාදන් නොගන්නේ ද, පරඹුන් කරා නො යේ ද, යම් නරයෙක් රහමෙර පානයෙහිත් නො යෙදේ ද,

83. පහාය පඤ‍්ච වෙරානි සීලවා ඉති වුච‍්චති, කායස‍්ස භෙදා සප‍්පඤ‍්ඤො සුගතිං සොපපජ‍්ජතීති.

83. හේ පඤ්ච වෛරයන් දුරු කොට සිල්වත් ය යි කියනු ලැබේ. කාබුන් මරණින් මතු ඒ සප්‍රාඥ තෙමේ සුගතියට පැමිණේ ය යි.