යෙදුමෙන් කියවන්න

උපාසකචණ‍්ඩාලසුත‍්තං

5. 4. 3. 5.

5. 4. 3. 5.

[උපාසකචණ‍්ඩාලසුත‍්තං]

[උපාසකචණ්ඩාල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

25. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො උපාසකො උපාසකචණ‍්ඩාලො ච හොති උපාසකමලඤ‍්ච උපාසකපතිකිට‍්ඨො ච. කතමෙහි පඤ‍්චහි?

25. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක, උපාසක-චණ්ඩාල ද උපාසකමල ද උපාසකප්‍රතිකෘෂ්ට (උපාසක පිළිකුල) ද වෙයි. කවර පසෙකින් යත්:

අස‍්සද‍්ධො හොති, දුස‍්සීලො හොති, කොතුහලමඞ‍්ගලිකො හොති, මඞ‍්ගලං පච‍්චෙති නො කම‍්මං. ඉතො ච බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං ගවෙසති. තත්‍ථ ච පුබ‍්බකාරං කරොති.

ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. කොතුහලමඞ්ගලික (සුබනිමිති බලනු) යෙක් වෙයි. කර්‍මය නො ව මඞ්ගලය අදහයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු සොයයි. එහිදු පූර්‍වකාර කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො උපාසකො උපාසකචණ‍්ඩාලො ච හොති උපාසකමලඤ‍්ච උපාසකපතිකිට‍්ඨො ච.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක, උපාසකචණ්ඩාල හා උපාසකමල හා උපාසක ප්‍රතිකෘෂ්ට හා වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො උපාසකො උපාසකරතනඤ‍්ච හොති උපාසකපදුමඤ‍්ච උපාසකපුණ‍්ඩරීකඤ‍්ච: කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක, උපාසකරත්න හා උපාසකපද්ම හා උපාසකපුණ්ඩරීක හා වෙයි. කවර පසෙකින් යත්:

සද‍්ධො හොති, සීලවා හොති, අකොතූහලමඞ‍්ගලිකො හොති, කම‍්මං පච‍්චෙති නො මඞ‍්ගලං, න ඉතො බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං ගවෙසති, ඉධ ච පුබ‍්බකාරං කරොති.

ශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. කොතුහලමඞ්ගලික නො වෙයි. මඞ්ගලය නො ව කර්‍මය නහමයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු නො සොයයි. මෙහිදු පූර්‍වකාර කරන්නේ ය.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො උපාසකො උපාසකරතනඤ‍්ච හොති උපාසකපදුමඤ‍්ච උපාසකපුණ‍්ඩරීකඤ‍්චාති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක, උපාසකරත්න ද උපාසකපද්ම ද උපාසකපුණ්ඩරික ද වේ ය යි.