පීතිසුත්තං
5. 4. 3. 6.
5. 4. 3. 6.
[පීතිසුත්තං]
[පීති සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
26. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති පඤ්චමත්තෙහි උපාසකසතෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
26. එ කල්හි අනාථපිණ්ඩික ගෘහපති පන්සියක් පමණ උපාසකයන් විසින් පිරිවරණ ලදුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
තුම්හෙපි ඛො ගහපති, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. න ඛො ගහපති, තාවතකෙනෙව තුට්ඨි කරණීයා: ‘මයං භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙනා’ති.
ගෘහපති, තෙපිදු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟුන් වටනහු ය. ගෘහපතිය, එ පමණෙකින් ම තුෂ්ටිය කළමනා නො වේ. “අපි බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් වටම්හ” යි.
තස්මාතිහ ගහපති, එවං සික්ඛිතබ්බං: “කින්ති මයං කාලෙන කාලං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරෙය්යාමා”ති. එවං හි වො ගහපති සික්ඛිතබ්බන්ති.
එහෙයින් ගෘහපතිය, මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු යි: “කිනම් උපායෙකින් අපි කලින් කල (ප්‍රථම-ද්වීතීයධ්යානික) ප්‍රීතිය ලබා වසමෝ දැ?” යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ! අබ්භුතං භන්තෙ!! යාව සුභාසිතඤ්චිදං භන්තෙ, භගවතා:-
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“තුම්හෙපි ඛො ගහපති, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, න ඛො ගහපති, තාවතකෙනෙව තුට්ඨි කරණීයා: ‘මයං භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙනා’ති. තස්මාතිහ ගහපති, එවං සික්ඛිතබ්බං: “කින්ති මයං කාලෙන කාලං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරෙය්යාමා’ති. එවං හි වො ගහපති, සික්ඛිතබ්බන්ති.”
“වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය!! වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිතය ම ය: ගෘහපතිය, තෙපිදු බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් වටනහු ය. ගෘහපතිය, “අපි චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් බික්සඟුන් වටම්හ” යන එපමණෙකින් ම තුෂ්ටිය නො කළමනා ය. ගෘහපතිය, එ හෙයින් මෙ කරුණෙහි ලා මෙසෙයින් හික්මිය යුතු යි: කවර උපායෙකින් අපි කලින් කල ප්‍රවිවේකප්‍රීතිය ලබා වාසය කරමෝ දැ? යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ” යි.
යස්මිං භන්තෙ, සමයෙ අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති. පඤ්චස්ස ඨානානි තස්මිං සමයෙ න හොන්ති:
වහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක (ප්‍රථම- ද්වීතීයධ්යානික) ප්‍රීතිය ලබා වෙසේ නම්, එ සමයෙහි ඔහට කරුණු පසෙක් නැත:
යම්පිස්ස කාමූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කාමූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති.
කාමයන් ඇරැබැ උපදනා යම් දුක්දොම්නසෙක් වේ නම්, ඒ සමයෙහි ඔහුට එ ද නැත. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහුට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් දුක් දොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. කුශලොපසංහිත යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නැත.
යස්මිං භන්තෙ, සමයෙ අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති. ඉමානිස්ස පඤ්ච ඨානානි තස්මිං සමයෙ න හොන්තීති.
වහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වාසය කෙරේ නම්, මෙ පස් දහම්හු එ සමයෙහි ඔහට නො වෙත් යයි.
සාධු! සාධු!! සාරිපුත්ත. යස්මිං සමයෙ සාරිපුත්ත, අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති, පඤ්චස්ස ඨානානි තස්මිං සමයෙ න හොන්ති:
ශාරීපුත්‍රයෙනි, මැනැවැ! මැනැවැ!! ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේකප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි පස් දහම් කෙනෙක් නො වෙති:
යම්පිස්ස කාමූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කාමූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති.
කාමෝපසංහිත වූ දුක්දොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, ඔහට එ සමයෙහි එ ද නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ ද එ සමයෙහි ඔහට නො වෙයි. කුශලොපසංහිත වූ යම් දුක්දොම්නසෙක් මේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි.
යස්මිං සමයෙ සාරිපුත්ත, අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති, ඉමානිස්ස පඤ්ච ඨානානි තස්මිං සමයෙ න හොන්තීති.
ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි මේ පඤ්චකාරයෝ නො වෙත් ය යි.