යෙදුමෙන් කියවන්න

3. උපාසකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. උපාසක වර්ගය

1-3. සාරජ‍්ජසුත‍්තාදිවණ‍්ණනා

1-3. සාරජ්ජ ආදි සූත්‍ර වර්ණනා

තතියස‍්ස පඨමදුතියතතියෙසු අගාරියප‍්පටිපත‍්ති කථිතා. සොතාපන‍්නසකදාගාමිනොපි හොන‍්තු, වට‍්ටන‍්තියෙව.

තෙවැනි වර්‍ගයෙහි පළමු දෙවැනි හා තෙවැනි සූත්‍රයන්හි අගාරික ප්‍රතිපත්තිය කියන ලදි, සෝවාන් සකෘදාගාමීහු වෙත්වා (ඔවුනටද) වටීමය.

4. වෙරසුත‍්තවණ‍්ණනා

4. වෙර සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ භයානීති චිත‍්තුත්‍රාසභයානි. වෙරානීති අකුසලවෙරානිපි පුග‍්ගලවෙරානිපි. චෙතසිකන‍්ති චිත‍්තනිස‍්සිතං. දුක‍්ඛන‍්ති කායපසාදවත්‍ථුකං දුක‍්ඛං. දොමනස‍්සන‍්ති දොමනස‍්සවෙදනං. ඉමස‍්මිං සුත‍්තෙ විරතිපහානං කථිතං.

සිවුවැන්නෙහි භයානි යනු සිත තැතිගැන්මේ බියයි, වෙරානි යනු අකුශල වෛරයෝ ද පුද්ගල වෛරයෝ ද වෙත්, චෙතසිකං යනු සිත ඇසුරු කොට ඇත්තේයි, දුක්ඛං යනු කායප්‍රසාද වස්තුක වූ දුකයි. දොමනස්සං යන දොම්නස් වේදනාවයි, මේ සූත්‍රයෙහි විරතීන් දුරුකිරීම කියන ලදි,

5. උපාසකචණ‍්ඩාලසුත‍්තවණ‍්ණනා

5. උපාසකචණ්ඩාල සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ උපාසකපතිකුට‍්ඨොති උපාසකපච‍්ඡිමකො. කොතූහලමඞ‍්ගලිකොති “ඉමිනා ඉදං භවිස‍්සතී”ති එවං පවත‍්තත‍්තා කොතූහලසඞ‍්ඛාතෙන දිට‍්ඨසුතමුතමඞ‍්ගලෙන සමන‍්නාගතො. මඞ‍්ගලං පච‍්චෙති නො කම‍්මන‍්ති මඞ‍්ගලං ඔලොකෙති, කම‍්මං න ඔලොකෙති. ඉතො ච බහිද‍්ධාති ඉමම‍්හා සාසනා බහිද‍්ධා. පුබ‍්බකාරං කරොතීති දානාදිකං කුසලකිච‍්චං පඨමතරං කරොති.

පස්වැන්නෙහි උපාසකපතිකිට්ඨො යනු උපාසකයන් අතුරෙන් අන්තිමයායි, කොතුහල මඞ්ගලිකො යනු මෙයින් මෙය වන්නේ යයි මෙසේ පැවති කුතූහල සංඛ්‍යාත වූ දුටු ඇසූ සහ විඳි මඟුල්වලින් (උතුම් දෙයින්) යුක්ත වූයේයි, මඞ්ගලං පච්චෙති නො කම්මං යනු මඞ්ගල්‍යය බලයි කර්‍මය නොබලයි. ඉතො ච බහිද්ධා යනු මේ සසුනෙන් බැහැරවූවෝයි, පුබ්බකාරං කරොති යනු දීම ගරු කිරීම ආදී කුසල් කටයුතු පළමුවම කරයි.

6. පීතිසුත‍්තවණ‍්ණනා

6. පීති සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කින‍්ති මයන‍්ති කෙන නාම උපායෙන මයං. පවිවෙකං පීතින‍්ති පඨමදුතියජ‍්ඣානානි නිස‍්සාය උප‍්පජ‍්ජනකපීතිං. කාමූපසංහිතන‍්ති කාමනිස‍්සිතං දුවිධෙ කාමෙ ආරබ‍්භ උප‍්පජ‍්ජනකං. අකුසලූපසංහිතන‍්ති “මිගසූකරාදයො විජ‍්ඣිස‍්සාමී”ති සරං ඛිපිත්‍වා තස‍්මිං විරද‍්ධෙ “විරද‍්ධං මයා”ති එවං අකුසලෙ නිස‍්සාය උප‍්පජ‍්ජනකං. තාදිසෙසු පන ඨානෙසු අවිරජ‍්ඣන‍්තස‍්ස “සුට‍්ඨු මෙ විද‍්ධං, සුට‍්ඨු මෙ පහට”න‍්ති උප‍්පජ‍්ජනකං අකුසලූපසංහිතං සුඛං සොමනස‍්සං නාම. දානාදිඋපකරණානං අසම‍්පත‍්තියා උප‍්පජ‍්ජමානං පන කුසලූපසංහිතං දුක‍්ඛං දොමනස‍්සන‍්ති වෙදිතබ‍්බං.

සවැන්නෙහි කින්තිමයං යනු කවර නම් උපායකින් අපි යනුයි, පච්චෙකපිතිං යනු ප්‍රථමද්විතීයද්ධ්‍යානයන් නිසා උපදින ප්‍රීතියයි, කාමුපසංහිතං යනු දෙවැදෑරුම් කාමයන් නිසා උපදින්නාවූයි: අකුසලුපසංහිතං යනු මුව ඌරු ආදීන් විදින්නෙමැයි ඊය යවා එය වැරදුණුවිට මට වැරදිනැයි මෙසේ අකුශලයන් නිසා උපදින්නාවූයි, එබඳු තැන්හි නොවරදින්නාට මවිසින් මනාව විදින ලදි, මනාව පහරදෙන ලදියි උපදින් අකුසල සහගත වූ සුවය සොම්නස නමි, දානාදී උපකරණ නොලැබීමෙන් උපදිනු ලබන, කුසලය ඇසුරු කොට ඇති දුක දොම්නස යයි දතයුතුය.

7. වණිජ‍්ජාසුත‍්තවණ‍්ණනා

7. වණිජ්ජා සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ වණිජ‍්ජාති වාණිජකම‍්මානි. උපාසකෙනාති තිසරණගතෙන. සත්‍ථවණිජ‍්ජාති ආවුධභණ‍්ඩං කාරෙත්‍වා තස‍්ස වික‍්කයො. සත‍්තවණිජ‍්ජාති මනුස‍්සවික‍්කයො. මංසවණිජ‍්ජාති සූකරමිගාදයො පොසෙත්‍වා තෙසං වික‍්කයො. මජ‍්ජවණිජ‍්ජාති යංකිඤ‍්චි මජ‍්ජං කාරෙත්‍වා තස‍්ස වික‍්කයො. විසවණිජ‍්ජාති විසං කාරෙත්‍වා තස‍්ස වික‍්කයො. ඉති සබ‍්බම‍්පි ඉමං වණිජ‍්ජං නෙව අත‍්තනා කාතුං, න පරෙ සමාදපෙත්‍වා කාරෙතුං වට‍්ටති.

සත්වැන්නෙහි වණිජ්ජා යනු වෙළඳ කටයුතුයි, උපාසකෙන යනු සරණගිය තැනැත්තා විසිනි, සත්‍ථවණිජ්ජා යනු ආයුධ භාණ්ඩ තනා ඒවා විකිණීමයි, මංසවණිජ්ජා යනු ඌරුමුව ආදීන් පොෂණය කොට ඔවුන් විකිණීමයි, මජ්ජවණිජ්ජා යනු කිසියම් මද්‍යයක් තනා එය විකිණීමයි, විසවණිජ්ජා යනු විෂ තනා එය විකිණීමයි, මෙසේ මේ සියලු වෙළදාම් තමා විසින් කිරීමටත් අනුන් සමාදන් කරවා කිරීමටත් නොවටියි.

8. රාජසුත‍්තවණ‍්ණනා

8. රාජ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පබ‍්බාජෙන‍්තීති රට‍්ඨම‍්හා පබ‍්බාජෙන‍්ති. යථාපච‍්චයං වා කරොන‍්තීති යථාධිප‍්පායං යථාජ‍්ඣාසයං කරොන‍්ති. තථෙව පාපකම‍්මං පවෙදෙන‍්තීති යථා තෙන කතං, තං තථෙව අඤ‍්ඤෙසං ආරොචෙන‍්ති කථෙන‍්ති.

අටවැන්නෙහි පබ්බාජෙන්ති යනු රටින් පිටුවහල් කරත්, යථා පච්චයං වා කරොන්ති යනු කැමැති පරිද්දෙන් අදහස් පරිද්දෙන් කරත්, තථෙව පාපකං කම්මං පවෙදයන්ති යනු ඔහු විසින් කරන ලද දෙය යම්සේද එය එසේම අනුන්ට සැලකරත් කියත්.

9. ගිහීසුත‍්තවණ‍්ණනා

9. ගිහි සූත්‍ර වර්ණනාව

නවමෙ සංවුතකම‍්මන‍්තන‍්ති පිහිතකම‍්මන‍්තං. ආභිචෙතසිකානන‍්ති උත‍්තමචිත‍්තනිස‍්සිතානං. දිට‍්ඨධම‍්මසුඛවිහාරානන‍්ති පච‍්චක‍්ඛෙයෙව ධම‍්මෙ පවත‍්තික‍්ඛණෙ සුඛවිහාරානං. අරියකන‍්තෙහීති අරියානං කන‍්තෙහි මග‍්ගඵලසීලෙහි.

නවවැන්නෙහි සංවුතකම්මෙනතං යනු වැසූ කර්‍මාන්තයයි, ආභිචෙතසිකානං යනු උතුම් සිත ඇසුරු කළවුන්ගේයි, දිට්ඨධම්මසුඛවිහාරානං යනු ප්‍රත්‍ය ධර්‍මයන් පවතින කෙණෙහි සැප විහරණ ඇත්තවුන්ගේයි, අරියකන්තෙහි යනු ආර්‍ය්‍යයන්ගේ සිත්ගන්නා මාර්‍ගඵල ශීලයන්ගෙනි,

අරියධම‍්මං සමාදායාති එත්‍ථ අරියධම‍්මොති පඤ‍්ච සීලානි කථිතානි. මෙරයං වාරුණින‍්ති චතුබ‍්බිධං මෙරයං පඤ‍්චවිධඤ‍්ච සුරං. ධම‍්මඤ‍්චානුවිතක‍්කයෙති නවවිධං ලොකුත‍්තරධම‍්මං අනුස‍්සතිවසෙනෙව විතක‍්කෙය්‍ය. අබ්‍යාපජ‍්ඣං හිතං චිත‍්තන‍්ති නිද‍්දුක‍්ඛං මෙත‍්තාදිබ්‍රහ‍්මවිහාරචිත‍්තං. දෙවලොකාය භාවයෙති බ්‍රහ‍්මලොකත්‍ථාය භාවෙය්‍ය. පුඤ‍්ඤත්‍ථස‍්ස ජිගීසතොති පුඤ‍්ඤෙන අත්‍ථිකස‍්ස පුඤ‍්ඤං ගවෙසන‍්තස‍්ස. සන‍්තෙසූති බුද‍්ධපච‍්චෙකබුද‍්ධතථාගතසාවකෙසු. විපුලා හොති දක‍්ඛිණාති එවං දින‍්නදානං මහප‍්ඵලං හොති. අනුපුබ‍්බෙනාති සීලපූරණාදිනා අනුක‍්කමෙන. සෙසං තිකනිපාතෙ වුත‍්තත්‍ථමෙව.

අරියධම්මං සමාදාය යනු මෙහි ආර්‍ය්‍යධර්‍මය යන්නෙන් පන්සිල් කියන ලදි, මෙරයං වාරුණිං යනු සිවුවැදෑරුම් මෙරය ද පස් වැදෑරුම් සුරාව ද වේ, අනුචිතක්කයෙ යනු නව ලොවුතුරු දහම සිහිකිරීම් වශයෙන්ම විතර්‍කනය කරන්නේය, අබ්‍යාපජ්ඣං හිතං චිත්තං යනු නිදුක් වූ මෛත්‍රි ආදී බ්‍රහ්මවිහාර සිතයි, දෙවලොකාය භාවයෙ යනු බ්‍රහ්මලෝකය (ලැබීම) සඳහා වඩන්නේය, පුඤ්ඤත්‍ථස්ස ජිගිංසතො යනු පිනෙන් වැඩ ඇත්තාට, පින සොයන්නාටයි, සන්තෙසු යනු බුදු-පසේ බුදු තථාගත ශ්‍රාවකයන් කෙරෙහියි, විපුලා හොති දක්ඛිණා යනු මෙසේ දුන් දානය මහත්ඵලවෙයි, අනුපුබ්බේන යනු සිල්පිරීම් ආදියෙන් ක්‍රමයෙනි, සෙස්ස තික නිපාතයෙහි කියනලද අර්‍ත්‍ථ ඇත්තේමය.

10. ගවෙසීසුත‍්තවණ‍්ණනා

10. ගවෙසී සූත්‍ර වර්ණනාව

දසමෙ සිතං පාත්‍වාකාසීති මහාමග‍්ගෙනෙව ගච‍්ඡන‍්තො තං සාලවනං ඔලොකෙත්‍වා “අත්‍ථි නු ඛො ඉමස‍්මිං ඨානෙ කිඤ‍්චි සුකාරණං උප‍්පන‍්නපුබ‍්බ”න‍්ති අද‍්දස කස‍්සපබුද‍්ධකාලෙ ගවෙසිනා උපාසකෙන කතං සුකාරණං. අථස‍්ස එතදහොසි – “ඉදං සුකාරණං භික‍්ඛුසඞ‍්ඝස‍්ස අපාකටං පටිච‍්ඡන‍්නං, හන්‍ද නං භික‍්ඛුසඞ‍්ඝස‍්ස පාකටං කරොමී”ති මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ ඨිතොව සිතපාතුකම‍්මං අකාසි, අග‍්ගග‍්ගදන‍්තෙ දස‍්සෙත්‍වා මන්‍දහසිතං හසි. යථා හි ලොකියමනුස‍්සා උදරං පහරන‍්තා “කහං කහ”න‍්ති හසන‍්ති, න එවං බුද‍්ධා. බුද‍්ධානං පන හසිතං හට‍්ඨපහට‍්ඨාකාරමත‍්තමෙව හොති.

දසවැන්නෙහි සිතං පාත්වාකාසි යනු මහමගින් යන්නේ ඒ සල්වනය බලා මෙතැන්හි උපන්විරූ යහපත් කරුණක් ඇද්දැයි කාශ්‍යප බුදුන් සමයෙහි (සත්‍යය) සොයන්නාවූ උවසුවකු විසින් කරනලද යහපත් කරුණක් දුටුවේය. ඉක්බිති උන්වහන්සේට මෙසේ අදහසක් විය. “මේ යහපත් කරුණ භික්ෂු සංඝයාට අප්‍රකටය, සැඟවුණේය, ඒකාන්තයෙන්ම එය භික්ෂු සංඝයාට ප්‍රකට කරමි” යනුවෙනි, මාර්‍ගයෙන් බැස එක්තරා පෙදෙසක සිටියේම සිනහ පහළ කිරීමක් කළේය, උතුම් දත්අග දක්වා මඳ සිනහවක් පහළ කළේය, ලෞකික මනුෂ්‍යයෝ උදරයට ගසමින් කොහි කොහිදැයි (කහ් කහ් යන හඬින්?) යම්සේ සිනහසෙත්ද බුදුවරු එසේ නොවෙති, බුදුවරුන්ගේ සිනහව වනාහි තුටු පහටු බවම වෙයි,

හසිතඤ‍්ච නාමෙතං තෙරසහි සොමනස‍්සසහගතචිත‍්තෙහි හොති. තත්‍ථ ලොකියමහාජනො අකුසලතො චතූහි, කාමාවචරකුසලතො චතූහීති අට‍්ඨහි චිත‍්තෙහි හසති, සෙඛා අකුසලතො දිට‍්ඨිගතසම‍්පයුත‍්තානි ද‍්වෙ අපනෙත්‍වා ඡහි චිත‍්තෙහි හසන‍්ති, ඛීණාසවා චතූහි සහෙතුකකිරියචිත‍්තෙහි, එකෙන අහෙතුකකිරියචිත‍්තෙනාති පඤ‍්චහි චිත‍්තෙහි හසන‍්ති. තෙසුපි බලවාරම‍්මණෙ ආපාථමාගතෙ ද‍්වීහි ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙහි හසන‍්ති, දුබ‍්බලාරම‍්මණෙ දුහෙතුකචිත‍්තද‍්වයෙන ච අහෙතුකචිත‍්තෙන චාති තීහි චිත‍්තෙහි හසන‍්ති. ඉමස‍්මිං පන ඨානෙ කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුසොමනස‍්සසහගතචිත‍්තං භගවතො පහට‍්ඨාකාරමත‍්තහසිතං උප‍්පාදෙති.

මේ සිනහව තෙළෙස් සොම්නස් සහගත සිතින්ම වෙයි. එහි ලෞකික මහජනයා අකුශල වශයෙන් සතරකින් ද, කාමාවචර කුශල වශයෙන් සතරකින්දැයි සිත් අටකින් සිනහවෙයි: ශෛක්ෂයෝ අකුසල්වලින් දිට්ඨිසහගත සිත දෙක අතහැර සිත් සයකින් සිනහසෙත්, ක්ෂීණාශ්‍රවයෝ සහේතුක ක්‍රියා සිත් සතරින්ද එක් අහේතුක ක්‍රියා සිතකින්දැයි සිත් පසකින් සිනහසෙති, ඔවුන් කෙරෙහි ද බලවත් අරමුණ ආපාථගත වූ කල්හි ඥානසම්පයුත්ත සිත් දෙකකින් සිනහවෙත්, දුබල අරමුණ ඇති කල්හි ද්විහේතුක සිත් දෙකින් ද අහේතුක සිතෙන්දැයි සිත් තුනකින් සිනහසෙති, මෙතැන්හි වනාහි කියා අහෙතුක මනොවිඥානධාතු සොමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට තුටු පහටුවූ ආකාරය පමණක්ම වූ සිනහව උපදවීය.

තං පනෙතං හසිතං එවං අප‍්පමත‍්තකම‍්පි ථෙරස‍්ස පාකටං අහොසි. කථං? තථාරූපෙ හි කාලෙ තථාගතස‍්ස චතූහි දාඨාහි චාතුද‍්දීපිකමහාමෙඝමුඛතො සමොසරිතා විජ‍්ජුලතා විය විරොචමානා මහාතාලක‍්ඛන්‍ධප‍්පමාණා රස‍්මිවට‍්ටියො උට‍්ඨහිත්‍වා තික‍්ඛත‍්තුං සිරවරං පදක‍්ඛිණං කත්‍වා දාඨග‍්ගෙසුයෙව අන‍්තරධායන‍්ති. තෙන සඤ‍්ඤාණෙන ආයස‍්මා ආනන්‍දො භගවතො පච‍්ඡතො ගච‍්ඡමානොපි සිතපාතුභාවං ජානාති.

අල්පමාත්‍ර වූ ද ඒ සිනහව තෙරුන්ට ප්‍රකට විය. කෙසේද? එබඳු කල්හි තථාගතයන් වහන්සේගේ සතර දළඳාවන්ගෙන් සතර දිවයිනෙහි විහිදෙන මහ වළාවකින් නික්මෙන විදුලියක් මෙන් බබළන මහ තල්කඳක් පමණ වූ රැස්වළලු පැනනැඟී තෙවරක් සිරස පැදකුණු කොට දළදා අගෙහිම අතුරුදහන් වෙයි. ඒ හැඟවීමෙන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් යන්නෝ වුවද සිනහ පහළවීම දනිති.

ඉද‍්ධන‍්ති සමිද‍්ධං. ඵීතන‍්ති අතිසමිද‍්ධං සබ‍්බපාලිඵුල‍්ලං විය. ආකිණ‍්ණමනුස‍්සන‍්ති ජනසමාකුලං. සීලෙසු අපරිපූරකාරීති පඤ‍්චසු සීලෙසු අසමත‍්තකාරී. පටිදෙසිතානීති උපාසකභාවං පටිදෙසිතානි. සමාදපිතානීති සරණෙසු පතිට‍්ඨාපිතානීති අත්‍ථො. ඉච‍්චෙතං සමසමන‍්ති ඉති එතං කාරණං සබ‍්බාකාරතො සමභාවෙනෙව සමං, න එකදෙසෙන. නත්‍ථි කිඤ‍්චි අතිරෙකන‍්ති මය‍්හං ඉමෙහි කිඤ‍්චි අතිරෙකං නත්‍ථි. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. අතිරෙකායාති විසෙසකාරණත්‍ථාය පටිපජ‍්ජාමීති අත්‍ථො. සීලෙසු පරිපූරකාරිං ධාරෙථාති පඤ‍්චසු සීලෙසු සමත‍්තකාරීති ජානාථ. එත‍්තාවතා තෙන පඤ‍්ච සීලානි සමාදින‍්නානි නාම හොන‍්ති. කිමඞ‍්ග පන න මයන‍්ති මයං පන කෙනෙව කාරණෙන පරිපූරකාරිනො න භවිස‍්සාම. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

ඉද්ධං යනු සමෘද්ධ වූයේයි, පිතං යනු සියල පිපුණු මල් ගොඩක් මෙන් අතිශයින් සමෘද්ධ වූයේයි: ආකිණ්ණමනුස්සං යනු ජනයාගෙන් ගැවසුනාවූයි: සීලෙසු අපරිපූරකාරි යනු පන්සිල්හි අසමත්වූයේයි, පටිදෙසිතානි යනු උවසුබව පිහිටවූයි, නැංවූයි, සරණයෙහි පිහිටවූයි, යන අර්‍ත්‍ථයි, ඉච්චෙතං සමසමං යනු මෙසේ මේ කරුණ සියලු ආකාරයෙන් සමබවින් සමයි, එක් අංශයකින් නොවේ, නත්‍ථි කිඤ්චි අතිරෙකං යනු මගේ මේවායින් කිසි අතිරේකයක් නැත, හන්ද යනු තීරණාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි, අතිරෙකාය යනු විශේෂ කාරණයක් සඳහා පිළිපදිමියි අරුත්ය, සීලෙසු පරිපූරකාරිං ධාරෙථ යනු පන්සිල්හි සමත්ව කරන්නෙකැයි දනිවු, මෙපමණකින් මෙයින් පන්සිල් සමාදන්වන ලද්දාහු නම් වෙති, කිමඞ්ග පන න මයං යනු අපි වනාහි කවර කරුණකින් සම්පූර්‍ණ කරන්නෝ නොවන්නෙමුද? මෙහි සෙස්ස පැහැදිලිමය.

උපාසකවග‍්ගො තතියො.

තෙවැනි වර්‍ගයයි.