ගවෙසීසුත්තං
5. 4. 3. 10.
5. 4. 3. 10.
[ගවෙසීසුත්තං]
[ගවේසී සූත්‍රය]
30. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අද්දසා ඛො භගවා අද්ධානමග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං පදෙසෙ මහන්තං සාලවනං. දිස්වා මග්ගා ඔක්කම්ම යෙන තං සාලවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං සාලවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි.
30. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන හා සමඟ කොසොල්දනව්යෙහි සැරිසරණසේක. දීර්ඝමාර්ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්රදේශයෙක්යි මහසල්වනයක් දුටු සේක. දැක මාර්ගයෙන් ඉවත් ව එ සල්වන කරා වැඩි සේක. වැඩ එ සල්වනයට පිවිස එක් පියසෙක වැඩසිට සිනා පාළ කළ සේක.
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “කො නු ඛො හෙතු කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙන තථාගතා සිතං පාතුකරොන්තී”ති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට තෙල සිත් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවර! ප්‍රත්‍යය කවර! තථාගතයෝ නො කරුණෙන් සිනා පාළ නො කෙරෙත් ය” යි.
අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙන තථාගතා සිතං පාතුකරොන්තී”ති.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ යැ? තථාගතයෝ නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති” යි.
භූතපුබ්බං ආනන්ද, ඉමස්මිං පදෙසෙ නගරං අහොසි ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. තං ඛො පන ආනන්ද, නගරං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි.
ආනන්දයෙනි, පෙර මෙ පියෙස්හි සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ දනක් ඇති ගැවසීගත් මිනිසුන් ඇති නුවරෙක් විය. ආනන්දයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ එ නුවර නිසා විසූහ.
කස්සපස්ස ඛො පන ආනන්ද, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ගවෙසී නාම උපාසකො අහොසි සීලෙසු අපරිපූරකාරී. ගවෙසිනා ඛො ආනන්ද, උපාසකෙන පඤ්චමත්තානි උපාසකසතානි පටිදෙසිතානි සමාදපිතානි අහෙසුං සීලෙසු අපරිපූරකාරිනො.
ආනන්දයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේට, ශීලයෙහි අපරිපුරකාරී වූ ගවේසී නම් උපාසකයෙක් විය. ආනන්දයෙනි, ගවේසී උවසුවහු විසින් පන්සියයක් පමණ උවසුවෝ (උපාසකත්වයට) පිළිණ කරවන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු ශීලයෙහි අපරිපුරාකාරී වූහ.
අථ ඛො ආනන්ද ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු අපරිපූරකාරී. ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු අපරිපූරකාරිනො. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා”ති.
ආනන්දයෙනි, එක්බිති, ගවේසී උපාසකයාහට තෙල සිත් විය. “මම් වනාහි මේ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්‍වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි අපරිපුරකාරීයෙමි. මේ පන්සියක් උවසුවෝ ද ශීලයෙහි අපරිපුරකාරි වෙති. මෙසෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් නැත. මම් අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැව” යි.
අථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච: “අජ්ජතග්ගෙ මං ආයස්මන්තො සීලෙසු පරිපූරකාරිං ධාරෙථා”ති. (1)
ආනන්දයෙනි, ඉක්බිති ගවේසී උපාසක එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සියක් උවසුවනට තෙල කීය: “ආයුෂ්මත්නි, අදින් මතු මා ශීලයෙහි පරිපුරකාරියකු කොට ධරවු” යි.
අථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා, අය්යො හි නාම ගවෙසී සීලෙසු පරිපූරකාරී භවිස්සති. කිමඞ්ග පන න මයං”ති.
ඉක්බිති ආනන්දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර ය, පූර්වඞ්ගමය, සමාදන් කරවන්නේ ය. ආර්‍ය්‍ය ගවේසී වනාහි ශීලයෙහි පරිපුරකාරි වන්නේ ය. කවර කරුණෙන් අපි එසේ නො වමෝ දැ?”යි.
අථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන ගවෙසී උපාසකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ගවෙසිං උපාසකං එතදවොචුං: “අජ්ජතග්ගෙ අය්යො ගවෙසී, ඉමානි පඤ්ච උපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො ධාරෙතූ”ති.
ඉක්බිති ආනන්දයෙනි, එ පන්සියක් උවසුවෝ ගවේසී උපාසකයා කරා එළඹියහ. එළඹ ගවේසී උවසුහට තෙල කීහ: “අද පටන් කොට ආර්‍ය්‍ය ගවේසී තෙමේ මෙ පන්සියක් උවසුවන් ශීලයෙහි පරිපූරකාරීන් කොට ධරාවා” යි.
අථ ඛො ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු පරිපූරකාරී. ඉමානි ච පඤ්චඋපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා”ති.
ආනන්දයෙනි, එ කල්හි ගවේසී උපාසකයාහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි. පූර්‍වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරී වෙමි. මෙ පන්සික් උවසුවෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ” යි.
අථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්චඋපාසකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච: “අජ්ජතග්ගෙ මං ආයස්මන්තො බ්රහ්මචාරිං ධාරෙථ ආරාචාරිං විරතං මෙථුනා ගාමධම්මා”ති. (2)
ආනන්දයෙනි, ඉක්බිති ගවේසී උවසු එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සිවක් උවසුවනට තෙළ කී ය: “ආයුෂ්මත්හු මා අද පටන් කොට ගැමිදහම් වූ මෛථුනයෙන් වෙන්ව හැසිරෙන අබ්රම්සරින් දුරු වූ බඹසර ඇතියකු කොට ධරව”යි.
අථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අය්යො හි නාම ගවෙසී බ්‍රහ්මචාරි භවිස්සති. ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. කිමඞ්ග පන න මයන්ති.”
එක්බිති ආනන්දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල අදහස විය: “ආර්‍ය්‍ය ගවේසී වනාහි අපට බහුකාර වෙයි, පූර්වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්‍ය්‍ය ගවේසී ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ අබ්රම්සරින් දුරු වූයේ බඹසරවස් ඇති වෙයි. අපි දු කවර හෙයින් එසේ නො වමෝ දැ?” යි.
අථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන ගවෙසී උපාසකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ගවෙසිං උපාසකං එතදවොචුං: “අජ්ජතග්ගෙ අය්යො ගවෙසී ඉමානි පඤ්ච උපාසකසතානි බ්රහ්මචාරිනො ධාරෙතු ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා”ති.
ආනන්දයෙනි, එක්බිති ඒ පන්සියක් උවසුවෝ ගවේසී උපාසක කරා එළඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල සැළකළහ: “අද පටන් කොට ආර්‍ය්‍ය ගවේසී මෙ පන්සියක් උවසුවන් ග්‍රාමධර්‍ම සඞ්ඛ්‍යාත මෛථුනයෙන් විරත වූ අබ්රම්සරින් දුරු වූ බ්‍රහ්මචාරීන් කොට ධරාවා”යි.
අථ ඛො ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු පරිපූරකාරී. ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො. අහඤ්චම්හි බ්‍රහ්මචාරී ආරාචාරී විරතො මෙථුනා ගාම ධම්මා. ඉමානි ච පඤ්ච උපාසකසතානි බ්රහ්මචාරිනො ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා’ති.
ආනන්දයෙනි, ඉක්බිති ගවේසී උවසුහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උපාසකයනට බහුකාරයෙම්, පූර්වඞ්ගමයෙම්, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපුරකාරීයෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙත්. මමත් ග්‍රාම ධර්ම සඞ්ඛ්‍යාත මෙවුන්දමින් වෙන් වූයෙම් අබ්රම්සරින් දුරු වූයෙම් බ්‍රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උවසුවෝ ද ග්‍රාමධර්‍ම නම් වූ මෛථුනයෙන් වෙන් වූවාහු අබ්රම්සරින් දුරු වූවාහු බ්‍රහ්මචාරී වෙත්. මෙ සෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේක ගුණයක් සඳහා වෙහෙසම් නම්, මැනැවැ” යි.
අථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච: “අජ්ජතග්ගෙ මං ආයස්මන්තො එකභත්තිකං ධාරෙථ රත්තූපරතං විරතං විකාලභොජනා’ති. (3)
ආනන්දයෙනි, එක්බිති ගවේසී උපාසක එ පන්සියක් උපාසකසන් කරා එළැඹියේ ය. එළැඹ එ පන්සියක් උපාසකයනට තෙල කරුණ කී ය: “ආයුෂ්මත්හු, අදින් මතු රාත්‍රිභෝජනයෙන් වැළැකි, විකාලභෝජනයෙන් විරත වූ ඒකභත්තිකයකු කොට මා ධරත්වා” යි.
අථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අය්යො හි නාම ගවෙසී එකභත්තිකො භවිස්සති රත්තුපරතො විරතො විකාලභොජනා. කිමඞ්ග පන න මයං”ති.
ආනන්දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර වෙයි, පූර්වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්‍ය්‍ය ගවේසී රාත්‍රිභෝජනයෙන් වැළකියේ විකාලභෝජනයෙන් විරත වූයේ ඒකභත්තික වෙයි. කවර හෙයින් අපි (එබඳු) නො වමෝ දැ” යි.
අථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන ගවෙසී උපාසකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ගවෙසිං උපාසකං එතදවොචුං: “අජ්ජතග්ගෙ අය්යො ගවෙසී ඉමානි පඤ්ච උපාසකසතානි එකභත්තිකෙ ධාරෙතු රත්තූපරතෙ විරතෙ විකාලභොජනා”ති.
ආනන්දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයෝ ගවේසී උපාසකයන් කරා එළැඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල කරුණ සැළකළහ. “ආර්‍ය්‍ය ගවෙසීනි, අද පටන් කොට මෙ පන්සියක් උවසුවන් රාත්‍රි භොජනයෙන් වැළැකියවුන්, විකාලභෝජනයෙන් විරත වූවන් කොට ධරාවා” යි.
අථ ඛො ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු පරිපූරකාරී. ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො. අහඤ්චම්හි බ්‍රහ්මචාරී ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. ඉමානි ච පඤ්ච උපාසකසතානි බ්රහ්මචාරිනො ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා. අහඤ්චම්හි එකභත්තිකො රත්තුපරතො විරතො විකාලභොජනා ඉමානි ච පඤ්චඋපාසකසතානි එකභත්තිකා රත්තුපරතා විරතා විකාලභොජනා. (3) ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා” ති.
ආනන්දයෙනි, එක්බිති ගවේසී උපාසකයාහට තෙල සිත් වීය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්‍වඞ්ගමයෙමි, සමාදන්කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරි වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරි වෙති. මම ද ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයෙම් දුරු වූයෙම් බ්‍රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූවාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වෙති. මම ද රාත්‍රිභෝජනයෙන් වැළැකියෙම්, විකාලභෝජනයෙන් වෙන් වූයෙම් ඒකභත්තික වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද රාත්‍රිභෝජනයෙන් වැළකියාහු, විකාල භොජනයෙන් වෙන් වූවාහු ඒකභත්තික වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් (විශේෂයෙක්) නැත. එ හෙයින් මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ”යි.
අථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “ලභෙය්යාහං භන්තෙ, භගවතො, සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යං උපසම්පදං”ති.
ආනන්දයෙනි, එක්බිති ගවේසී උපාසක අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවිදිබව ලබම්ව” යි, උපසම්පදා ව ලබම්ව” යි.
අලත්ථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං (4) අලත්ථ උපසම්පදං. (5)
ආනන්දයෙනි, ගවේසී උපාසක අර්හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබී ය. උපසම්පත් ලැබී ය.
අචිරූපසම්පන්නො ඛො පන ආනන්ද, ගවෙසී භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණාජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන ආනන්ද, ගවෙසී භික්ඛු අරහතං අහොසි.
ආනන්දයෙනි, උපසම්පදාව ලත් නොබෝකල් ඇති ගවේසී භික්ෂු එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවන් අරමුණෙහි මෙහෙයූ සිත් ඇති ව වසනුයේ, කුල පුත්‍රයෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා මැනැවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම්, ඉහාත්මයෙහිම ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය අවසාන කොට ඇති අනුත්තර අර්‍හත්ත්‍වය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා ගෙන විසී ය. “(මාගේ) ජාති (පුනර්භව) ය ක්ෂීණ වීය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු කිස නිමවන ලද. මෙ (රහත්) බව පිණිස කළ යුතු අනෙකක් නැතැ” යි මොනවට දැනගත්තේ ය. ආනන්දයෙනි, ගවේසී මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් (ප්‍රසිද්ධයෙක්) විය.
අථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අය්යො හි නාම ගවෙසී කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති. කිමඞ්ග පන න මයං”ති.
ආනන්දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර ය, පූර්වඞ්ගම ය, සමාදන් කරවන්නේ ය. ආශ්චර්‍ය්‍යයෙකි! ආර්‍ය්‍ය ගවේසී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ යැ. කවර හෙයින් අපි පැවිදි නො වමෝ දැ?” යි.
අථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදං”ති. අලභිංසු ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලභිංසු උපසම්පදං.
ආනන්දයෙනි, එක්බිති එ පන්සියක් උවසුවෝ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, අපි භාග්‍යවතුන් වයන්සේ වෙත පැවිදි ලබම්හ, උපසම්පදාව ලබම්හ” යි. ආනන්දයෙනි, එ පන්සියක් උපාසකයෝ අර්හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලැබූහ, උපසම්පදා ලැබූහ.
අථ ඛො ආනන්ද, ගවෙසිස්ස භික්ඛුනො එතදහොසි: “අහං ඛො ඉමස්ස අනුත්තරස්ස විමුත්තිසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. අහො වතිමානිපි පඤ්ච භික්ඛුසතානි ඉමස්ස අනුත්තරස්ස විමුත්තිසුඛස්ස නිකාමලාභිනො අස්සු අකිච්ඡලාභිනො අකසිරලාභිනො”ති.
ආනන්දයෙනි, එක්බිති ගවේසී භික්ෂුහට තෙල සිත් විය: “මම වනාහි මේ අනුත්තර වූ විමුක්තිසුඛය කැමැති සෙයින් ලබනුයෙම් නිදුකින් ලබනුයෙම් විපුල සෙයින් ලබනුයෙම් වෙමි. එකැතියෙන් මෙ පන්සියක් භික්ෂූහු දු මේ අනුත්තර වූ විමුක්තිසුඛය කැමති සෙයින් ලබන්නාහු නිදුකින් ලබන්නාහු විපුල කොට ලබන්නාහු වෙත් නම්, මනා මැ නු” යි.
අථ ඛො ආනන්ද, තානි පඤ්ච භික්ඛුසතානි වූපකට්ඨා අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා නචිරස්සෙව, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසු. “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අභඤ්ඤිංසු.
ආනන්දයෙනි, එක්බිති එ පන්සියක් මහණහු වෙන් වූවාහු අප්‍රමත්ත වූවාහු ආතාප (කෙලෙස් තවන වීර්‍ය්‍ය) ඇතියාහු ප්‍රහිතාත්ම (කාර්ය්ය සිද්ධිය පිණිස තැබූ සිත් ඇති) ව වසන්නාහු, යමක් සඳහා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සැදැහැයෙන් පැවිද්දට වදිත් නම්, බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අර්හත්වය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා විසූහ. “(අපගේ) ජාතිය ක්ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරණ ලද. මෙ රහත් බව පිණිස අන්කිසෙක් නැතැ” යි මැනවින් (ප්රත්යවේක්ෂාවෙන්) දත්හ.
ඉති ඛො ආනන්ද, තානි පඤ්ච භික්ඛුසතානි ගවෙසීපමුඛානි උත්තරුත්තරිං පණීතපණීතං වායමමානා අනුත්තරං විමුත්තිසුඛංසච්ඡාකංසු.
ආනන්දයෙනි, මෙසෙයින් ගවේසී ප්රමුඛ ඒ පන්සියක් භික්ෂූහු මතු මතුයෙහි ප්‍රණීත ප්‍රණීත (බැව්) පිණිස වෑයම් කරන්නාහු අනුත්තර විමුක්තිසුඛය සාක්ෂාත් කළහ.
තස්මාතිහ ආනන්ද, එවං සික්ඛිතබ්බං: ‘උත්තරුත්තරිං පණීතපණීතං වායමමානා අනුත්තරං විමුත්තිසුඛං සච්ඡිකරිස්සාමා’ති. එවං හි වො ආනන්ද, සික්ඛිතබ්බන්ති.
ආනන්දයෙනි, එ හෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: “මතු මතුයෙහි ප්‍රණීත ප්රණීතයට ව්‍යායාම කරමින් අනුත්තර විමුක්තිසුඛය සාක්ෂාත් කරන්නෙමි” යි ආනන්දයෙනි, තොප විසින් මෙසේ ම හික්මෙන්නේ යැයි.
උපාසකවග්ගො තතියො.
උපාසකවර්ගය තුන්වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සාරජ්ජං විසාරදො නිරයං වෙරං චණඩාලපඤ්චමං, පීතිවණිජ්ජා රාජානො ගිහී චෙව ගවෙසිනාති.
සාරජ්ජ සූත්‍රය, විසාරද සූත්‍රය, නිරය සූත්‍රය, වෙර සූත්‍රය, චණ්ඩාල සූත්‍රය, පීති සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, රාජ සූත්‍රය, ගිහී සූත්‍රය, ගවේසී සූත්‍රය දැයි දසයෙකි.