යෙදුමෙන් කියවන්න

ආරඤ‍්ඤක සුත‍්තං

5. 4. 4. 1.

5. 4. 4. 1.

[ආරඤ‍්ඤක සුත‍්තං]

[ආරඤ්ඤක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආරඤ‍්ඤකා. කතමෙ පඤ‍්ච:

31. මහණෙනි, මේ ආරණ්‍යකයෝ (වනවාසීහු) පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක් යත්:

මන්‍දත‍්තා මොමුහත‍්තා ආරඤ‍්ඤකො හොති. පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො ආරඤ‍්ඤකො හොති. උම‍්මාදා චිත‍්තක‍්ඛෙපා ආරඤ‍්ඤකො හොති. වණ‍්ණිතං බුද‍්ධෙහි බුද‍්ධසාවකෙහීති අරඤ‍්ඤකො හොති. අප‍්පිච‍්ඡතං යෙව නිස‍්සාය, සන‍්තුට‍්ඨිං යෙව නිස‍්සාය, සල‍්ලෙඛං යෙව නිස‍්සාය, පවිවෙකං යෙව නිස‍්සාය, ඉදමට‍්ඨිතං යෙව නිස‍්සාය ආරඤ‍්ඤකො හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආරඤ‍්ඤකා.

බාල බැවින් මූඪ බැවින් ආරණ්‍යක වෙයි. පාපේච්ඡ වූයේ ලාමක ඉච්ඡායෙන් මඩනා ලදුයේ ආරණ්‍යක වෙයි. උන්මාදය හේතු කොට චිත්තක්‍ෂේපය හේතු කොට ආරණ්‍යක වෙයි. ‘බුදුන් විසින් බුදු සව්වන් විසින් (මේ ආරණ්‍යකාඞ්ගය) පසස්නා ලදැ’ යි ආරණ්‍යක වෙයි. අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා ක්ලේශ ලිඛනය (කෙලෙසුන් ලියාලීම) ම නිසා උත්තම විවේකය ම නිසා මේ කල්‍යාණ ප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා (ධුතාඞ්ග වශයෙන්) ආරණ්‍යක වෙයි. මහණෙනි, මේ පඤ්ච ආරණ්‍යකයෝ ය.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං ආරඤ‍්ඤකානං ය‍්වායං ආරඤ‍්ඤකො අප‍්පිච‍්ඡතං යෙව නිස‍්සාය, සන‍්තුට‍්ඨිං යෙව නිස‍්සාය, සල‍්ලෙඛං යෙව නිස‍්සාය, පවිවෙකං යෙව නිස‍්සාය, ඉදමට‍්ඨිතං යෙව නිස‍්සාය, ආරඤ‍්ඤකො හොති, අයං ඉමෙසං පඤ‍්චන‍්නං, ආරඤ‍්ඤකානං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.

මහණෙනි, මේ පස් වැදෑරුම් ආරණ්‍යකයන් අතුරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුට්ඨිය ම නිසා ක්ලේශස ලිඛනය ම නිසා මේ කල්‍යාණප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා ආරණ්‍යක වේ ද, මේ තෙමේ මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං, ඛීරම‍්හා දධි, දධිම‍්හා නවනීතං, නවනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො තත්‍ථ අග‍්ගමක‍්ඛායති; එවමෙව ඛො භික‍්ඛවෙ ඉමෙසං පඤ‍්චන‍්නං ආරඤ‍්ඤකානං ය‍්වායං ආරඤ‍්ඤකො අප‍්පිච‍්ඡතං යෙව නිස‍්සාය, සන‍්තුට‍්ඨිං යෙව නිස‍්සාය සල‍්ලෙඛං යෙව නිස‍්සාය, පවිවෙකං යෙව නිස‍්සාය, ඉදමට‍්ඨිතං යෙව නිස‍්සාය ආරඤ‍්ඤකො හොති, අයං ඉමෙසං පඤ‍්චන‍්නං ආරඤ‍්ඤකානං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො චාති.

මහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ ද; එසෙයින් ම මහණෙනි, මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමත්‍ථි භාවය ම නිසා ආරණ්‍යක වේ ද, මේතෙම මේ පඤ්ච ආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ ය යි.