යෙදුමෙන් කියවන්න

4. ආරඤ‍්ඤකවග‍්ගො අට‍්ඨකථා

4. අරඤ්ඤක වර්ගය

1-10. ආරඤ‍්ඤක සුත‍්තාදිවණ‍්ණනා

1-10. ආරඤ්ඤක ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථස‍්ස පඨමෙ මන්‍දත‍්තා මොමූහත‍්තාති නෙව සමාදානං ජානාති, න ආනිසංසං. අත‍්තනො පන මන්‍දත‍්තා මොමූහත‍්තා අඤ‍්ඤාණෙනෙව ආරඤ‍්ඤකො හොති. පාපිච‍්ඡො ඉච‍්ඡාපකතොති “අරඤ‍්ඤෙ මෙ විහරන‍්තස‍්ස ‘අයං ආරඤ‍්ඤකො’ති චතුපච‍්චයසක‍්කාරං කරිස‍්සන‍්ති, ‘අයං භික‍්ඛු ලජ‍්ජී පවිවිත‍්තො’තිආදීහි ච ගුණෙහි සම‍්භාවෙස‍්සන‍්තී”ති එවං පාපිකාය ඉච‍්ඡාය ඨත්‍වා තාය එව ඉච‍්ඡාය අභිභූතො හුත්‍වා ආරඤ‍්ඤකො හොති. උම‍්මාදවසෙන අරඤ‍්ඤං පවිසිත්‍වා විහරන‍්තො පන උම‍්මාදා චිත‍්තක‍්ඛෙපා ආරඤ‍්ඤකො නාම හොති. වණ‍්ණිතන‍්ති ඉදං ආරඤ‍්ඤකඞ‍්ගං නාම බුද‍්ධෙහි ච බුද‍්ධසාවකෙහි ච වණ‍්ණිතං පසත්‍ථන‍්ති ආරඤ‍්ඤකො හොති. ඉදමත්‍ථිතන‍්ති ඉමාය කල්‍යාණාය පටිපත‍්තියා අත්‍ථො එතස‍්සාති ඉදමත්‍ථී, ඉදමත්‍ථිනො භාවො ඉදමත්‍ථිතා. තං ඉදමත්‍ථිතංයෙව නිස‍්සාය, න අඤ‍්ඤං කිඤ‍්චි ලොකාමිසන‍්ති අත්‍ථො. සෙසමෙත්‍ථ ඉතො පරෙසු ච උත‍්තානත්‍ථමෙව.

සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි මන්දත්තා මොමුහත්තා යනු සමාදන් වීම නොදනියි, ආනිශංසය නොදනියි, තමාගේ මෝඩ බවින් මුළාවට පත්වීමෙන්, නොදන්නා කරුණින්ම ආරණ්‍යකයෙක් වෙයි, පාපිච්ඡො ඉච්ඡාපකතො යනු අරණෙහි වසන්නහුට, මෙතෙම ආරණ්‍යකයෙකැයි සිවුපස සත්කාරය කරන්නහුය, මෙතෙම විවේකයෙහි යෙදුණු ලජ්ජි භික්ෂුවකැයි යනාදී ගුණයන්ගෙන් ගරු කරන්නහුයැයි මෙබඳුවූ පවිටු කැමැත්තෙහි සිට ඒ කැමැත්තෙන්ම මැඬුනේ වී ආරණ්‍යකයෙක් වෙයි, උමතුවීම් වශයෙන් අරණට පිවිස වසන්නේ වනාහි උම්මාදො චිත්තක්ඛෙපා ආරඤ්ඤකො යි නම් වෙයි, වණ්ණිතං යනු මේ ආරණ්‍යකාංගය බුදුවරුන් විසින් ද බුදුසව්වන් විසින් ද වණන ලදී. පසස්නා ලදැයි ආරණ්‍යකයෙක් වෙයි. ඉදමට්ඨිතං යනු මේ යහපත් වූ පිළිවෙතෙහි අර්‍ත්‍ථය මොහුටනුයි ඉදමට්ඨියි, ඉදමට්ඨින්ගේ ස්වභාවය ඉදමට්ඨිතා නමි, ඒ ඉදමට්ඨියයි, එය නිසාම අන්කිසි ලෝකාමිෂයක් නැතැයි අරුත්ය, මෙහි සෙස්ස ද මෙයින් මත්තෙහි ද පැහැදිලි අරුත් ඇත්තේමය.

අරඤ‍්ඤවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වර්‍ගයයි.