යෙදුමෙන් කියවන්න

5. සොණවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. සොණ වර්ගය

1. සොණ සුත‍්තවණ‍්ණනා

1. සොණ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ බ්‍රාහ‍්මණධම‍්මාති බ්‍රාහ‍්මණසභාවා. සුනඛෙසූති කුක‍්කුරෙසු. නෙව කිණන‍්ති න වික‍්කිණන‍්තීති න ගණ‍්හන‍්තා කිණන‍්ති, න දදන‍්තා වික‍්කිණන‍්ති. සම‍්පියෙනෙව සංවාසං සංබන්‍ධාය සම‍්පවත‍්තෙන‍්තීති පියො පියං උපසඞ‍්කමිත්‍වා පවෙණියා බන්‍ධනත්‍ථං සංවාසං පවත‍්තයන‍්ති. උදරාවදෙහකන‍්ති උදරං අවදිහිත්‍වා උපචිනිත්‍වා පූරෙත්‍වා. අවසෙසං ආදාය පක‍්කමන‍්තීති යං භුඤ‍්ජිතුං න සක‍්කොන‍්ති, තං භණ‍්ඩිකං කත්‍වා ගහෙත්‍වා ගච‍්ඡන‍්ති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටමෙව කථිතං.

පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි බ්‍රාහ්මණ ධම්මා යනු බ්‍රාහ්මණ ස්වභාවයෝයි, සුනඛෙසු යන බල්ලන් කෙරෙහිය, නෙච කිණන්ති න වික්කිණන්ති නොගන්නෝ මිළදී නොගනිත්, නොදෙන්නෝ නොවිකුණත්, සම්පියෙනෙව සංවාසං සංසග්ගත්‍ථාය සමපවත්තෙන්ති යනු ප්‍රිය වූ ප්‍රිය තැනැත්තකු වෙත එළඹ ප්‍රවේණියට ඇදීම සඳහා එක්ව විසීම පවත්වත්, උදරාවදෙහකං යනු උදරය ඉඩ නොතබා රැස්කොට පුරවායි, අවස්සෙං ආදාය පක්කමන්ති යනු යමක් කෑමට නොහැකි වෙත්ද එය පොට්ටනියක් කොට ගෙනයති, මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.

2. දොණ සුත‍්තවණ‍්ණනා

2. දොණ සූත්‍ර වර්ණනාව

දුතියෙ ත්‍වම‍්පි නොති ත්‍වම‍්පි නු. පවත‍්තාරොති පවත‍්තයිතාරො. යෙසන‍්ති යෙසං සන‍්තකං. මන‍්තපදන‍්ති වෙදසඞ‍්ඛාතං මන‍්තමෙව. ගීතන‍්ති අට‍්ඨකාදීහි දසහි පොරාණකබ්‍රාහ‍්මණෙහි සරසම‍්පත‍්තිවසෙන සජ‍්ඣායිතං. පවුත‍්තන‍්ති අඤ‍්ඤෙසං වුත‍්තං, වාචිතන‍්ති අත්‍ථො. සමීහිතන‍්ති සමුපබ්‍යූළ‍්හං රාසිකතං, පිණ‍්ඩං කත්‍වා ඨපිතන‍්ති අත්‍ථො. තදනුගායන‍්තීති එතරහි බ්‍රාහ‍්මණා තං තෙහි පුබ‍්බෙහි ගීතං අනුගායන‍්ති අනුසජ‍්ඣායන‍්ති. තදනුභාසන‍්තීති තං අනුභාසන‍්ති. ඉදං පුරිමස‍්සෙව වෙවචනං. භාසිතමනුභාසන‍්තීති තෙහි භාසිතං අනුභාසන‍්ති. සජ‍්ඣායිතමනුසජ‍්ඣායන‍්තීති තෙහි සජ‍්ඣායිතං අනුසජ‍්ඣායන‍්ති. වාචිතමනුවාචෙන‍්තීති තෙහි අඤ‍්ඤෙසං වාචිතං අනුවාචෙන‍්ති. සෙය්‍යථිදන‍්ති තෙ කතමෙති අත්‍ථො. අට‍්ඨකොතිආදීනි තෙසං නාමානි. තෙ කිර දිබ‍්බෙන චක‍්ඛුනා ඔලොකෙත්‍වා පරූපඝාතං අකත්‍වා කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස භගවතො පාවචනෙන සහ සංසන්‍දෙත්‍වා මන‍්තෙ ගන්‍ථෙසුං. අපරාපරෙ පන බ්‍රාහ‍්මණා පාණාතිපාතාදීනි පක‍්ඛිපිත්‍වා තයො වෙදෙ භින්‍දිත්‍වා බුද‍්ධවචනෙන සද‍්ධිං විරුද‍්ධෙ අකංසු. ත්‍යාස‍්සු’මෙති එත්‍ථ අස‍්සූති නිපාතමත‍්තං, තෙ බ්‍රාහ‍්මණා ඉමෙ පඤ‍්ච බ්‍රාහ‍්මණෙ පඤ‍්ඤාපෙන‍්තීති අත්‍ථො.

දෙවැන්නෙහි ත්වම්පි නො යනු නුඹත් නොවෙහිද? පවත්තාරො යනු පවත්වන්නෝයි, යෙසං යනු යමෙකුන්ට අයත් දෙයයි, මන්තපදං යනු වෙදසංඛ්‍යාත මන්ත්‍රයමයි, ගීතං යනු අට්ටකාදී වූ පෞරාණික බ්‍රාහ්මණයන් දසදෙනා විසින් ස්වර සම්පත්ති වශයෙන් සජ්ඣායනය කරනලද දෙයයි, පවුත්තං යනු අනුනට කියන ලද්ද කියන ලදියි අරුත්ය, සමීහිතං යනු එක් කරන ලද රැස්කරන ලද දෙය පිඬු කොට තබන ලදැයි අරුත්ය, තදනුගායන්ති යනු දැන් (වෙසෙන) බමුණෝ ඒ පෙර (විසූ) බමුණන් විසින් ගයන ලද එය අනුගායනය කරති. අනුසජ්ඣායනය කරති, තදනුභාසන්ති යනු එය අනුව කියති, මෙය මුල්පදයටම පර්‍ය්‍යාය වචනයකි. භාසිතමනුභාසන්ති යනු ඔවුන් කියන ලද දෙය අනුව කියති, සජ්ඣායිතමනුසජ්ඣායන්ති යනු ඔවුන් විසින් සජ්ඣායනය කරන ලද දෙය අනුසජ්ඣායනය කරති, වාචිතමනුවාචෙන්ති යනු ඔවුන් විසින් අනුනට කියන ලද දෙය අනුව කියති, සෙය්‍යථිදං යනු ඔවුහු කවරහුදැයි අරුත්ය, අට්ටකො යනාදි ඔවුන්ගේ නම්ය, ඔවුහු වනාහි දිවැසින් බලා අනුන් නොපෙළා කාශ්‍යප සම්මා සම්බුදුන්ගේ පාවචනය සමග සසඳා මන්ත්‍රයන් රචනා කළහ, පසුව පසුව වූ බමුණෝ සත්ත්වඝාතනාදිය බහා ත්‍රිවිධවේදයන් වනසා බුදුවදන් සමග ප්‍රතිපක්ෂ වූවන් කළාහුය. ත්‍යාස්සු මෙ යනු මෙහි අස්සු යනු නිපාත මාත්‍රයකි, බමුණා මේ පඤ්ඤ බ්‍රාහ්මණයන් පනවතැයි අරුත්ය.

මන‍්තෙ අධීයමානොති වෙදෙ සජ‍්ඣායන‍්තො ගණ‍්හන‍්තො. ආචරියධනන‍්ති ආචරියදක‍්ඛිණං ආචරියභාගං. න ඉස‍්සත්‍ථෙනාති න යොධාජීවකම‍්මෙන උප‍්පාදෙති. න රාජපොරිසෙනාති න රාජුපට‍්ඨාකභාවෙන. කෙවලං භික‍්ඛාචරියායාති සුද‍්ධාය භික‍්ඛාචරියාය එව. කපාලං අනතිමඤ‍්ඤමානොති තං භික‍්ඛාභාජනං අනතිමඤ‍්ඤමානො. සො හි පුණ‍්ණපත‍්තං ආදාය සීසං න‍්හාතො කුලද‍්වාරෙසු ඨත්‍වා “අහං අට‍්ඨචත‍්තාලීස වස‍්සානි කොමාරබ්‍රහ‍්මචරියං චරිං, මන‍්තාපි මෙ ගහිතා, ආචරියස‍්ස ආචරියධනං දස‍්සාමි, ධනං මෙ දෙථා”ති යාචති. තං සුත්‍වා මනුස‍්සා යථාසත‍්ති යථාබලං අට‍්ඨපි සොළසපි සතම‍්පි සහස‍්සම‍්පි දෙන‍්ති. එවං සකලගාමං චරිත්‍වා ලද‍්ධධනං ආචරියස‍්ස නිය්‍යාදෙති. තං සන්‍ධායෙතං වුත‍්තං. එවං ඛො දොණ බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මසමො හොතීති එවං බ්‍රහ‍්මවිහාරෙහි සමන‍්නාගතත‍්තා බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මසමො නාම හොති.

මන්තෙ අධීයමානො යනු වේදයන් සජ්ඣායනය කරමින් ගන්නේයි, ආචරියධනං යනු ආචාර්‍ය්‍ය දක්ෂිණාවයි, ආචාර්ය භාගයයි, න ඉස්සත්‍ථෙන යනු රාජ උපස්ථායකභාවයෙන් නොවේ, කෙවලං භික්ඛාචරියාය යනු හුදු පිඬුසිඟා හැසිරීම සඳහාමය, කපාලං අනතිමඤ්ඤමානො යනු ඒ භික්‍ෂා භාජනය පහත් කොට නොසලකන්නේයි, හෙතෙම වනාහි පිරුණු පාත්‍රය ගෙන හිස සිට නහා කුල ගෙවල සිටම අටසාළිස් වසක් කුමර බඹසරෙහි හැසුරුණෙමි, මවිසින් මන්ත්‍රයෝ ද උගන්නා ලදහ. ආචාර්‍ය්‍යවරයාට ද ආචාර්‍ය්‍ය ධනය දෙන්නෙමි, මට ධනය දෙවු යයි යදියි, එය අසා මිනිස්සු හැකි පරිද්දෙන් බලය පරිද්දෙන් අටක් ද සොළසක් ද සියයක් ද දහසක්දැයි දෙති. මෙසේ සියලු ගමෙහි හැසිර ලද ධනය ආචාර්‍ය්‍යවරයාට පවරා දෙයි. එය සඳහා මෙය කියන ලදි. එවං ඛො දොණබ්‍රාහ්මණො බ්‍රහ්මසමො හොති යනු මෙසේ බ්‍රහ්ම විහාරයන්ගෙන් සමන්විත බැවින් බමුණා බ්‍රහ්ම සමවූයේ නමි වෙයි,

නෙව කයෙන න වික‍්කයෙනාති නෙව අත‍්තනා කයං කත්‍වා ගණ‍්හාති, න පරෙන වික‍්කයං කත්‍වා දින‍්නං. උදකූපස‍්සට‍්ඨන‍්ති උදකෙන උපස‍්සට‍්ඨං පරිච‍්චත‍්තං. සො හි යස‍්මිං කුලෙ වයප‍්පත‍්තා දාරිකා අත්‍ථි, ගන‍්ත්‍වා තස‍්ස ද‍්වාරෙ තිට‍්ඨති. “කස‍්මා ඨිතොසී”ති වුත‍්තෙ “අහං අට‍්ඨචත‍්තාලීස වස‍්සානි කොමාරබ්‍රහ‍්මචරියං චරිං, තං සබ‍්බං තුම‍්හාකං දෙමි, තුම‍්හෙ මය‍්හං දාරිකං දෙථා”ති වදති. තෙ දාරිකං ආනෙත්‍වා තස‍්ස හත්‍ථෙ උදකං පාතෙත්‍වා දෙන‍්ති. සො තං උදකූපස‍්සට‍්ඨං භරියං ගණ‍්හිත්‍වා ගච‍්ඡති. අතිමීළ‍්හජොති අතිමීළ‍්හෙ මහාගූථරාසිම‍්හි ජාතො. තස‍්ස සාති තස‍්ස එසා. න දවත්‍ථාති න කීළනත්‍ථා. න රතත්‍ථාති න කාමරතිඅත්‍ථා. මෙථුනං උප‍්පාදෙත්‍වාති ධීතරං වා පුත‍්තං වා උප‍්පාදෙත්‍වා “ඉදානි පවෙණි ඝටීයිස‍්සතී”ති නික‍්ඛමිත්‍වා පබ‍්බජති. සුගතිං සග‍්ගං ලොකන‍්ති බ්‍රහ‍්මලොකමෙව සන්‍ධායෙතං වුත‍්තං. දෙවසමො හොතීති දිබ‍්බවිහාරෙහි සමන‍්නාගතත‍්තා දෙවසමො නාම හොති.

නෙව කයෙන න වික්කයෙන යනු තමා විසින් මිළදී ගැන්මක් කොට නොගනියි, අනුන් විසින් විකුණන දෙයක් කොට ද නොගනියි, උදකූපස්සට්ඨං යනු දියෙන් (වත්කොට) දෙන ලද පරිත්‍යාග කරන ලදයි, හෙතෙම වනාහි යම් කුලයක වියපත් දැරියක් ඇත්ද, ගොස් ඒ ගෙදොරෙහි සිටියි, කුමක් නිසා සිටියෙහිදැයි ඇසූ කල මම අටසාළිස් වසක් කුමර බඹසර හැසිරීමි, ඒ සියල්ල නුඹලාට දෙමි, නුඹලා මට දැරිය දෙවුයි කියයි, ඔවුහු දැරිය ගෙනවුත් ඔහුගේ අතෙහි දිය හෙළා දෙති. හෙතෙම ඒ දියෙන් හෙළා දෙන ලද බිරිඳගෙන යයි, අතිමීළ්හජො යනු මහා අසුචි ගොඩක උපන්නේයි, තස්ස සා යනු ඔහුට මෝ තොමෝයි, න දවත්‍ථා යන කෙළිසෙල්ලම සඳහා නොවේ, න රතත්‍ථා යනු කාමයෙහි ඇලීම සඳහා නොවේ, මිථුනං උප්පාදෙත්වා යනු දුවක හෝ පුතකු උපදවා දැන පරපුර සම්බන්ධ වන්නේයයි (ගෙයින්) නික්ම පැවිදිවෙයි, සුගතිං සග්ගං ලොකං යනු බඹලොව සඳහාම මෙය කියන ලදි: දෙවසමො හොති යනු දිව්‍ය විහරණයෙන් යුක්ත බැවින් දෙවියන්ට සමවූයේ නම් වෙයි,

තමෙව පුත‍්තස‍්සාදං නිකාමයමානොති ය‍්වාස‍්ස ධීතරං වා පුත‍්තං වා ජාතං දිස‍්වා පුත‍්තපෙමං පුත‍්තස‍්සාදො උප‍්පජ‍්ජති, තං පත්‍ථයමානො ඉච‍්ඡමානො. කුටුම‍්බං අජ‍්ඣාවසතීති කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා කුටුම‍්බමජ‍්ඣෙ වසති. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

තමෙව පුත්තස්සාදං නිකායමානො යනු මොහුට දුවක හෝ පුතකු උපදිනු දැක යම් පුත්‍ර ප්‍රේමයක් පුත්‍රවාදයක් උපදියි ද එය කැමතිවනු ලබන්නේ පතනු ලබන්නේයි, කුටුම්බං අජ්ඣාවසති යනු කුටුම්බය (පවුල) පිහිටුවා කුටුම්බය මැද වෙසෙයි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

3. සඞ‍්ගාරවසුත‍්තවණ‍්ණනා

3. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව

තතියෙ පගෙවාති පඨමඤ‍්ඤෙව. කාමරාගපරියුට‍්ඨිතෙනාති කාමරාගග‍්ගහිතෙන. කාමරාගපරෙතෙනාති කාමරාගානුගතෙන. නිස‍්සරණන‍්ති තිවිධං කාමරාගස‍්ස නිස‍්සරණං වික‍්ඛම‍්භනනිස‍්සරණං, තදඞ‍්ගනිස‍්සරණං, සමුච‍්ඡෙදනිස‍්සරණන‍්ති. තත්‍ථ අසුභෙ පඨමජ‍්ඣානං වික‍්ඛම‍්භනනිස‍්සරණං නාම, විපස‍්සනා තදඞ‍්ගනිස‍්සරණං නාම, අරහත‍්තමග‍්ගො සමුච‍්ඡෙදනිස‍්සරණං නාම. තං තිවිධම‍්පි නප‍්පජානාතීති අත්‍ථො. අත‍්තත්‍ථම‍්පීතිආදීසු අරහත‍්තසඞ‍්ඛාතො අත‍්තනො අත්‍ථො අත‍්තත්‍ථො නාම, පච‍්චයදායකානං අත්‍ථො පරත්‍ථො නාම, ස‍්වෙව දුවිධො උභයත්‍ථො නාම. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

තෙවැන්නෙහි පගෙව යනු පළමුවමයි, කාමරාගපරියුට්ඨිතෙන යනු කාමරාගයෙන් ගන්නා ලද්දහු විසිනි, කාමරාගපරෙතෙන යනු කාමරාගයට අනුගත වූවහු විසිනි, නිස්සරණං යනු කාමරාග නිශ්ශරණය තෙවැදෑරුම් වෙයි, වික්ඛම්හන නිස්සරණය තදඞ්ග නිස්සරණය, සමුච්ඡෙද නිස්සරණය යනුවෙනි. එහි අසුභ භාවනාවෙහි ප්‍රථමධ්‍යානය වික්ඛම්හන නිස්සරණය නමි, විදර්‍ශනාව තදඞ්ග නිස්සරණය නමි, අරහත්මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණය නමි, ඒ ත්‍රිවිධ නිශ්ශරණයම නොදනියි අරුත්ය, අත්තත්‍ථමපි යනාදියෙහි අරහත්වය සංඛ්‍යාත තමන්ගේ අර්‍ත්‍ථය අත්තත්‍ථො නමි, ප්‍රත්‍යය දෙන්නවුන්ගේ අර්‍ත්‍ථය පරදා නමි, ඒ දෙකම උභයත්‍ථො නමි, මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය යන්න දතයුතුයි:

අයං පන විසෙසො – බ්‍යාපාදස‍්ස නිස‍්සරණන‍්තිආදීසු හි ද‍්වෙව නිස‍්සරණානි වික‍්ඛම‍්භනනිස‍්සරණඤ‍්ච සමුච‍්ඡෙදනිස‍්සරණඤ‍්ච. තත්‍ථ බ්‍යාපාදස‍්ස තාව මෙත‍්තාය පඨමජ‍්ඣානං වික‍්ඛම‍්භනනිස‍්සරණං නාම, අනාගාමිමග‍්ගො සමුච‍්ඡෙදනිස‍්සරණං, ථිනමිද‍්ධස‍්ස ආලොකසඤ‍්ඤා වික‍්ඛම‍්භනනිස‍්සරණං, අරහත‍්තමග‍්ගො සමුච‍්ඡෙදනිස‍්සරණං. උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස යො කොචි සමථො වික‍්ඛම‍්භනනිස‍්සරණං, උද‍්ධච‍්චස‍්ස පනෙත්‍ථ අරහත‍්තමග‍්ගො, කුක‍්කුච‍්චස‍්ස අනාගාමිමග‍්ගො සමුච‍්ඡෙදනිස‍්සරණං. විචිකිච‍්ඡාය ධම‍්මවවත්‍ථානං වික‍්ඛම‍්භනනිස‍්සරණං, පඨමමග‍්ගො සමුච‍්ඡෙදනිස‍්සරණං.

මේ වනාහි විශේෂයයි, ව්‍යාපාදස්ස නිස්සරණං යනාදියෙහි වික්ඛම්හන නිස්සරණය සමුච්ඡෙද නිස්සරණය යන නිශ්ශරණ දෙකමය, එහි ව්‍යාපාදයාගේ වනාහි මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානය (ලැබීම) වික්ඛම්හන නිස්සරණයයි, අනාගාමී මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණයයි, ථීන මිද්ධයාගේ ආලොක සංඥාව වික්ඛම්හන නිස්සරණයයි, අරහත් මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණයයි, යම්කිසි සමථයක් උද්ධච්චකුක්කුචයාගේ වික්ඛම්හන නිස්සරණයයි, උද්ධච්චයේ වනාහි මෙහි අරහත් මාර්‍ගය ද කුක්කුච්චයේ අනාගාමි මාර්‍ගය ද සමුච්ඡෙද නිස්සරණයයි, යන නිශ්ශරණ දෙකමය, එහි ව්‍යාපාදයාගේ වනාහි මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානය (ලැබීම) වික්ඛම්හන නිස්සරණයයි, අනාගාමී මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණයයි, ථිනමිද්ධයාගේ ආලෝක සංඥාව වික්ඛම්හන නිස්සරණයයි, අරහත් මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණ යයි, යම්කිසි සමථයක් උද්ධච්චකුක්කුචයාගේ වික්ඛම්හන නිස්සරණයයි, උද්ධච්චයේ වනාහි මෙහි අරහත් මාර්‍ගය ද කුක්කුච්චයේ අනාගාමි මාර්‍ගයද සමුච්ඡෙද නිස්සරණයයි, ධර්‍ම ව්‍යවස්ථානය විචිකිච්ඡාවගේ වික්ඛම්හන නිස්සරණයයි, ප්‍රථම මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණයයි,

යා පනෙත්‍ථ සෙය්‍යථාපි, බ්‍රාහ‍්මණ, උදපත‍්තො සංසට‍්ඨො ලාඛාය වාතිආදිකා උපමා වුත‍්තා, තාසු උදපත‍්තොති උදකභරිතා පාති. සංසට‍්ඨොති වණ‍්ණභෙදකරණවසෙන සංසට‍්ඨො. උක‍්කුධිතොති කුධිතො. උස‍්සදකජාතොති උසුමකජාතො. සෙවාලපණකපරියොනද‍්ධොති තිලබීජකාදිභෙදෙන සෙවාලෙන වා නීලමණ‍්ඩූකපිට‍්ඨිවණ‍්ණෙන වා උදකපිට‍්ඨිං ඡාදෙත්‍වා නිබ‍්බත‍්තෙන පණකෙන පරියොනද‍්ධො. වාතෙරිතොති වාතෙන එරිතො කම‍්පිතො. ආවිලොති අප‍්පසන‍්නො. ලුළිතොති අසන‍්නිසින‍්නො. කලලීභූතොති කද‍්දමීභූතො. අන්‍ධකාරෙ නික‍්ඛිත‍්තොති කොට‍්ඨකන‍්තරාදිභෙදෙ අනාලොකට‍්ඨානෙ ඨපිතො. ඉමස‍්මිං සුත‍්තෙ භගවා තීහි භවෙහි දෙසනං නිවට‍්ටෙත්‍වා අරහත‍්තනිකූටෙන නිට‍්ඨපෙසි, බ්‍රාහ‍්මණො පන සරණමත‍්තෙ පතිට‍්ඨිතොති.

“සෙය්‍යථාපි බ්‍රාහ්මණ උදපත්තො සංසට්ඨො ලාඛාය වා” ආදිවූ යම් උපමාවක් කියන ලද්දේ ද ඒ උපමා අතුරෙහි උදපත්තො යනු දිය බර ඇති භාජනයයි, සංසට්ඨො යනු වර්‍ණභේදය ඇති කිරීම් වශයෙන් එකට මුසුවූයේයි, උක්කට්ඨිතො යනු කියන ලද්දේයි, උස්සදකජාතො යනු උණුසුම්බවට පැමිණියේයි, සෙවාලපණක පරියොනද්ධො යනු තල ඇට ආදී භේද ඇති සෙවලින් හෝ නිල් මැඬියකුගේ පිටෙහි පැහැයෙන් හෝ දියමතුපිට වසා හටගත් ජලජ ශාකයෙන් වැසුනේයි, වාතෙරිතො යනු වාතයෙන් සැඑණේයි කැළඹුණේයි, ආවිලො යනු නොපහන් වූයේයි, ලුළිතො යනු සන්සුන්ව නොසිටියේයි, කලලීභූතො යනු මඩවූයේයි, අන්ධකාරෙ නික්ඛිත්තො යනු කොටු අතරක ආදී භේද ඇති ආලෝකය නැති තැනක් තබන ලද්දේයි, මේ සූත්‍රයෙහිදී භාග්‍යවතුන් වහන්සේ තුන් භවයන්ගෙන් දෙසුම ඉදිරිපත් කොට රහත්බව කුළුගැන්වීමෙන් නිමවා වදාළ සේක. බමුණා තිසරණයෙහි පමණක් පිහිටියේයි.

4. කාරණපාලි සුත‍්තවණ‍්ණනා

4. කාරණපාලී සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කාරණපාලීති පාලොති තස‍්ස නාමං, රාජකුලානං පන කම‍්මන‍්තෙ කාරෙතීති කාරණපාලී නාම ජාතො. කම‍්මන‍්තං කාරෙතීති පාතොව උට‍්ඨාය ද‍්වාරට‍්ටාලකපාකාරෙ අකතෙ කාරෙති, ජිණ‍්ණෙ පටිජග‍්ගාපෙති. පිඞ‍්ගියානිං බ්‍රාහ‍්මණන‍්ති එවංනාමකං අනාගාමිඵලෙ පතිට‍්ඨිතං අරියසාවකං බ්‍රාහ‍්මණං. සො කිර පාතොව උට‍්ඨාය ගන්‍ධමාලාදීනි ගාහාපෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා නගරං ආගච‍්ඡති, ඉදං බ්‍රාහ‍්මණස‍්ස දෙවසිකං වත‍්තන‍්ති. තං සො එවං වත‍්තං කත්‍වා ආගච‍්ඡන‍්තං අද‍්දස. එතදවොචාති “අයං බ්‍රාහ‍්මණො පඤ‍්ඤවා ඤාණුත‍්තරො, කහං නු ඛො පාතොව ගන‍්ත්‍වා ආගච‍්ඡතී”ති චින‍්තෙත්‍වා අනුක‍්කමෙන සන‍්තිකං ආගතං සඤ‍්ජානිත්‍වා “හන්‍ද කුතො නූ”තිආදිවචනං අවොච.

සිවුවැන්නෙහි කාරණපාලි යනු පාල යනු ඔහුගේ නමයි, රාජකුලයන්හි කර්‍මාන්ත කෙරේනුයි කාරණපාලි නම් වූයේය, කම්මන්තං කාරෙති යනු උදයෙන්ම නැගිට දොරටු අටලු ප්‍රාකාරයන්හි (නිමා) නොකළ දෙය කරවයි, දිරුණු තැන් පිළිසකර කරවයි, පිඞ්ගියානිං බ්‍රාහ්මණං යනු මෙසේ නම් ඇති අනාගාමි පෙලෙහි පිහිටි ආර්යශ්‍රාවක බමුණායි, හෙතෙම උදෑසනින්ම නැඟිට ගඳමල් ආදිය ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වැඳ ගඳමල් ආදියෙන් පුදා නුවරට එයි, මෙය බමුණාගේ දිනපතා පිළිවෙතයි, හෙතෙම මෙසේ වත්කොට එන්නහු දුටුවේය, එතදවොච යනු මේ බමුණා නුවණැත්තෙකි, ඥානයෙන් උසස් වූවෙකි, කොහි උදෑසනින්ම ගොස් එන්නේදැයි සිතා පිළිවෙලින් සමීපයට ආවහු හැඳින භන්දකුතොනු භවං යනාදි වචන කීව්වේය.

තත්‍ථ දිවා දිවස‍්සාති දිවසස‍්සාපි දිවා, මජ‍්ඣන‍්හිකකාලෙති අත්‍ථො. පණ‍්ඩිතො මඤ‍්ඤෙති භවං පිඞ‍්ගියානී සමණං ගොතමං පණ‍්ඩිතොති මඤ‍්ඤති, උදාහු නොති අයමෙත්‍ථ අත්‍ථො. කො චාහං, භොති, භො, සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියජානනෙ අහං කො නාම? කො ච සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං ජානිස‍්සාමීති කුතො චාහං සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං ජානිස‍්සාමි, කෙන නාම කාරණෙන ජානිස‍්සාමීති එවං සබ‍්බථාපි අත‍්තනො අජානනභාවං දීපෙති. සොපි නූනස‍්ස තාදිසොවාති යො සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං ජානෙය්‍ය, සොපි නූන දස පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො තාදිසො බුද‍්ධොයෙව භවෙය්‍ය. සිනෙරුං වා හි පථවිං වා ආකාසං වා පමෙතුකාමෙන තප‍්පමාණො දණ‍්ඩො වා රජ‍්ජු වා ලද‍්ධුං වට‍්ටති, සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤං ජානන‍්තෙනපි තස‍්ස ඤාණසදිසමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ලද‍්ධුං වට‍්ටතීති දීපෙති. ආදරවසෙන පනෙත්‍ථ ආමෙඩිතං කතං. උළාරායාති උත‍්තමාය සෙට‍්ඨාය. කො චාහං, භොති, භො, අහං සමණස‍්ස ගොතමස‍්ස පසංසනෙ කො නාම. කො ච සමණං ගොතමං පසංසිස‍්සාමීති කෙන කාරණෙන පසංසිස‍්සාමි.

එහි දිවාදිවස්ස යනු දහවලෙහි ද දහවලයි, මධ්‍යාහ්න කාලයයි අරුත්ය, පණ්ඩිතො මඤ්ඤති යනු පිඞ්ගියානි බමුණා ශ්‍රමණභවත් ගෞතමයන් පණ්ඩිතයෙකැයි හඟිත්ද නැතහොත් නැද්දැයි මෙය මෙහි අර්‍ත්‍ථයයි, කො චාහං භො යනු පින්වත ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාවිශාරදත්වය දැනීමෙහි මම කවරෙක් නම් වේද, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්‍යත්තියං ජානිස්සාමි යනු කොයින් මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාවිශාරදත්වය දැන ගන්නෙම්ද කවර කරුණින් දැන ගන්නෙම්දැයි මෙසේ සර්‍වප්‍රකාරයෙන් ම තමන් නොදන්නා බව දක්වයි, සොපි නුනස්ස තාදිසොව යනු යමෙක් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥා විශාරදත්වය දන්නේද හෙතෙමේත් ඒකාන්තයෙන්ම දශපාරමිතාවන් පුරා සර්‍වඥ බවට පත් වූ එබඳු බුදුවරයෙක්ම වන්නේය, මහමෙර හෝ පොළොව හෝ අහස හෝ මනිනු කැමැත්තහු විසින් එපමණම වූ දණ්ඩක් හෝ රැහැනක් හෝ ලැබීමට වටියි, ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව දන්නහු විසින් ද ඔහුගේ ඥානයට සමාන වූම සර්‍වඥතාඥානය ලැබීමට වටීයයි දක්වයි, ගෞරව වශයෙන් මෙහි ආමෙණ්ඩිතය (විශ්මය ප්‍රකාශනය) කරන ලදි. උළාරාය යනු උතුම් වූ ශ්‍රේෂ්ඨවූයි, කො චාහං භො යනු පින්වත මම ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි කවරෙක් නම් වෙම්ද? කොච සමණං ගොතමං පසංසිස්සාමි යනු කුමන කරුණකින් ප්‍රශංසා කරන්නෙම්ද?

පසත්‍ථප‍්පසත්‍ථොති සබ‍්බගුණානං උපරි චරෙහි සබ‍්බලොකපසත්‍ථෙහි අත‍්තනො ගුණෙහෙව පසත්‍ථො, න තස‍්ස අඤ‍්ඤෙහි පසංසනකිච‍්චං අත්‍ථි. යථා හි චම‍්පකපුප‍්ඵං වා නීලුප‍්පලං වා පදුමං වා ලොහිතචන්‍දනං වා අත‍්තනො වණ‍්ණගන්‍ධසිරියාව පාසාදිකඤ‍්චෙව සුගන්‍ධඤ‍්ච, න තස‍්ස ආගන‍්තුකෙහි වණ‍්ණගන්‍ධෙහි ථොමනකිච‍්චං අත්‍ථි. යථා ච මණිරතනං වා චන්‍දමණ‍්ඩලං වා අත‍්තනො ආලොකෙනෙව ඔභාසති, න තස‍්ස අඤ‍්ඤෙන ඔභාසනකිච‍්චං අත්‍ථි, එවං සමණො ගොතමො සබ‍්බලොකපසත්‍ථෙහි අත‍්තනො ගුණෙහෙව පසත්‍ථො ථොමිතො, සබ‍්බලොකස‍්ස සෙට‍්ඨතං පාපිතො. න තස‍්ස අඤ‍්ඤෙන පසංසනකිච‍්චං අත්‍ථි.

පසත්‍ථපසත්‍ථො යනු සියලු ගුණයන්ට මත්තෙහි හැසිරෙන්නා වූ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන්ගෙන්ම පසස්නා ලද්දේයි, උන්වහන්සේට අන්‍යයන් විසින් පැසසීමේ වැඩක් නැත. යම් සේ සපුමලක් හෝ නිලුපුලක් හෝ පියුමක් හෝ රතු සඳුන් හෝ තමන්ගේ වර්‍ණගන්ධ ශ්‍රියාවෙන්ම පහදන සුලු වූයේ ද සුවඳවත් වූයේ ද වෙයි, එයට අමුතුවෙන් පැමිණෙන වර්‍ණගන්ධයන්ගෙන් ස්තුති කිරීමේ වැඩක් නැත. යම්සේ මැණික් රත්නයක් හෝ සඳමඬල හෝ තමන්ගේ ආලෝකයෙන්ම බබළයි ද එයට අන්‍යයන් විසින් බැබළවීමේ වැඩක් නැත. මෙසේ ශ්‍රමණ ගෞතමයෝ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන්ගෙන්ම පසස්නා ලද්දාහුය, ස්තුති කරන ලද්දාහුය. සියලු ලෝකයාගේ ශ්‍රේෂ්ඨබවට පැමිණියේ උන්වහන්සේට අන්‍යයකු විසින් පැසසීමේ වැඩක් නැත.

පසත්‍ථෙහි වා පසත්‍ථොතිපි පසත්‍ථප‍්පසත්‍ථො. කෙ පන පසත්‍ථා නාම? රාජා පසෙනදි කොසලො කාසිකොසලවාසිකෙහි පසත්‍ථො, බිම‍්බිසාරො අඞ‍්ගමගධවාසීහි, වෙසාලිකා ලිච‍්ඡවී වජ‍්ජිතට‍්ඨවාසීහි පසත්‍ථා, පාවෙය්‍යකා මල‍්ලා කොසිනාරකා මල‍්ලා අඤ‍්ඤෙපි තෙ තෙ ඛත‍්තියා තෙහි තෙහි ජානපදෙහි පසත්‍ථා, චඞ‍්කිආදයො බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණගණෙහි, අනාථපිණ‍්ඩිකාදයො උපාසකා උපාසකගණෙහි, විසාඛාආදිකා උපාසිකා අනෙකසතාහි උපාසිකාහි, සකුලුදායිආදයො පරිබ‍්බාජකා අනෙකෙහි පරිබ‍්බාජකසතෙහි, උප‍්පලවණ‍්ණත්‍ථෙරිආදිකා මහාසාවිකා අනෙකෙහි භික‍්ඛුනිසතෙහි, සාරිපුත‍්තත්‍ථෙරාදයො මහාථෙරා අනෙකසතෙහි භික‍්ඛූහි, සක‍්කාදයො දෙවා අනෙකසහස‍්සෙහි දෙවෙහි, මහාබ්‍රහ‍්මාදයො බ්‍රහ‍්මානො අනෙකසහස‍්සෙහි බ්‍රහ‍්මෙහි පසත්‍ථා. තෙ සබ‍්බෙපි දසබලං ථොමෙන‍්ති වණ‍්ණෙන‍්ති පසංසන‍්තීති භගවා “පසත්‍ථප‍්පසත්‍ථො”ති වුච‍්චති. අත්‍ථවසන‍්ති අත්‍ථානිසංසං.

ප්‍රශස්තයන් විසින් හෝ පසස්නා ලද්දේයි පසත්‍ථපසත්‍ථො යනු ද වෙයි, කවරහු නම් ප්‍රශස්තයෝ නම් වෙත්ද? පසේනදී කොසොල් රජතෙමේ කාසි කෝසල වැසියන් විසින් පසස්නා ලද්දේය, බිම්සර රජතෙමේ අංග මගධ වැසියන් විසිනි, විශාලාවෙහි ලිච්ඡවීහු වැදෑරට වැසියන් විසින් පසස්නා ලදහ. පාවෙය්‍යක මල්ල රජදරුවෝ කුසිනාරා වැසි මල්ලයෝ වෙනත් ඒ ඒ ක්ෂත්‍රියෝත් ඒ ඒ ජනපදවාසීන් විසින් පසස්නා ලදහ. චංකි ආදී බමුණෝ බමුණු සමූහයා විසින් ද අනේපිඬු ආදී උවසුවෝ උවසු සමුහයා විසින් ද විශාඛා ආදී උවැසියෝ නොයෙක් සියගණන් උවැසියන් විසින් ද සකුලදායී ආදි පිරිවැජියෝ නොයෙක් සිය ගණන් පිරිවැජියන් විසින් ද උපුල්වන් තෙරණිය ආදී මහා ශ්‍රාවිකාවෝ නොයෙක් සියගණන් භික්ෂුණීන් විසින් ද සැරියුත් තෙරුන් ආදී මහතෙරවරු නොයෙක් සියගණන් භික්‍ෂූන් විසින් ද ශුක්‍රාදී දෙවිවරු නොයෙක් දහස් ගණන් දෙවිවරුන් විසින් ද මහා බ්‍රහ්මාදී බ්‍රහ්මයෝ නොයෙක් දහස් ගණන් බ්‍රහ්මයන් විසින් ද පසස්නා ලදහ, ඒ සියල්ලෝම දශබලයන් වහන්සේට ස්තුති කරති. වර්‍ණනා කරති, පසසතියි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශස්තයන්ගෙන් ප්‍රශස්තයායි කියනු ලැබෙත්, අත්‍ථවසං යනු අර්‍ත්‍ථානිශංසයයි,

අථස‍්ස සො අත‍්තනො පසාදකාරණං ආචික‍්ඛන‍්තො සෙය්‍යථාපි, භො, පුරිසොතිආදිමාහ. තත්‍ථ අග‍්ගරසපරිතිත‍්තොති භොජනරසෙසු පායාසො ස‍්නෙහරසෙසු ගොසප‍්පි, කසාවරසෙසු ඛුද‍්දකමධු අනෙළකං, මධුරරසෙසු සක‍්කරාති එවමාදයො අග‍්ගරසා නාම. තෙසු යෙන කෙනචි පරිතිත‍්තො ආකණ‍්ඨප‍්පමාණං භුඤ‍්ජිත්‍වා ඨිතො. අඤ‍්ඤෙසං හීනානන‍්ති අග‍්ගරසෙහි අඤ‍්ඤෙසං හීනරසානං. සුත‍්තසොති සුත‍්තතො, සුත‍්තභාවෙනාති අත්‍ථො. සෙසුපි එසෙව නයො. තතො තතොති සුත‍්තාදීසු තතො තතො. අඤ‍්ඤෙසං පුථුසමණබ්‍රාහ‍්මණාප‍්පවාදානන‍්ති යෙ අඤ‍්ඤෙසං පුථූනං සමණබ්‍රාහ‍්මණානං ලද‍්ධිසඞ‍්ඛාතප‍්පවාදා, තෙසං. න පිහෙතීති න පත්‍ථෙති, තෙ කථියමානෙ සොතුම‍්පි න ඉච‍්ඡති. ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතොති ජිඝච‍්ඡාය චෙව දුබ‍්බලභාවෙන ච අනුගතො. මධුපිණ‍්ඩිකන‍්ති සාලිපිට‍්ඨං භජ‍්ජිත්‍වා චතුමධුරෙන යොජෙත්‍වා කතං බද‍්ධසත‍්තුපිණ‍්ඩිකං, මධුරපූවමෙව වා. අධිගච‍්ඡෙය්‍යාති ලභෙය්‍ය. අසෙචනකන‍්ති මධුරභාවකරණත්‍ථාය අඤ‍්ඤෙන රසෙන අනාසිත‍්තකං ඔජවන‍්තං පණීතරසං.

ඉක්බිති හෙතෙම ඔහුට තමන්ගේ පැහැදීමේ හේතුව පවසමින් “සෙය්‍යථාපි භො පුරිසො” යනාදිය කීවේය. එහි අග්ගරසපරිතිත්තො යනු බොජුන් රසයන්හි පායාසය ද තෙල් රසයෙහි ගවගිතෙල් ද කසට රසයන්හි ඛුද්දමධු අනෙළකය ද මිහිරි රසයන්හි සකුරුදැයි මේ ආදිය අග්‍රරස නම් වෙයි, ඒවා අතුරෙහි යම්කිසිවකින් ලොල්වූයේ උගුර පමණට අනුභව කොට සිටියේයි. අඤ්ඤෙසං හිනානං යනු අග්‍රරසයන්ගෙන් අන්‍යවූ පහත් රසයන්ගේයි, සුත්තසො යනු සූත්‍රයෙන්, සූත්‍රභාවයෙනියි අර්ථයයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි, තතො තතො යනු සූත්‍රාදියෙහි ඒ ඒ තැනින් යනුයි, අඤ්ඤෙසං පුථුසමණබ්‍රාහ්මණප්පවාදානං යනු අන්‍ය වූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යම් ලබ්ධි සංඛ්‍යාත ප්‍රවාදයෝ වෙත්ද ඔවුනට කැමති නොවෙයි, නොපතයි, ඔවුහු (ඒවා) කියනු ලබන විට ඇසීමට ද නොකැමති වෙයි, ජිගච්ඡා දුබ්බල්‍යපරෙතො යනු කුසගින්නෙන් ද දුබල බවින් ද අනුගත වූයේයි, මධුපිණ්ඩිකං යනු හාල්පිටි බැද චතුමධුර සමඟ යොදා කරන ලද බදිනා ලද අග්ගලා පිඬයි, මිහිරි කැවුම හෝ වෙයි, අධිගච්ඡෙය්‍ය යනු ලබන්නේය, අසෙවනකං යනු මිහිරිබව කරනු සඳහා වෙනත් රසයකින් නුමුසුවූ ඔදවත් ප්‍රණීත රසයයි,

හරිචන්‍දනස‍්සාති සුවණ‍්ණවණ‍්ණචන්‍දනස‍්ස. ලොහිතචන්‍දනස‍්සාති රත‍්තවණ‍්ණචන්‍දනස‍්ස. සුරභිගන්‍ධන‍්ති සුගන්‍ධං. දරථාදයො වට‍්ටදරථා, වට‍්ටකිලමථා, වට‍්ටපරිළාහා එව. උදානං උදානෙසීති උදාහාරං උදාහරි. යථා හි යං තෙලං මානං ගහෙතුං න සක‍්කොති, විස‍්සන්‍දිත්‍වා ගච‍්ඡති, තං අවසෙකොති වුච‍්චති. යඤ‍්ච ජලං තළාකං ගහෙතුං න සක‍්කොති, අජ‍්ඣොත්‍ථරිත්‍වා ගච‍්ඡති, තං ඔඝොති වුච‍්චති. එවමෙවං යං පීතිවචනං හදයං ගහෙතුං න සක‍්කොති, අධිකං හුත්‍වා අන‍්තො අසණ‍්ඨහිත්‍වා බහි නික‍්ඛමති, තං උදානන‍්ති වුච‍්චති. එවරූපං පීතිමයවචනං නිච‍්ඡාරෙසීති අත්‍ථො.

හරිචන්දනස්ස යනු රත්වන් සඳුනේයි, ලොහිතචන්දනස්ස යන රන්වන් සඳුනේයි, සුරභිගන්ධං යනු සුවඳයි, දරථ යනාදිය සසර උවදුරු සසර වෙහෙස සසර දැවිලිය, උදානං උදානෙසි යනු (සතුටු) වදනක් ප්‍රකාශ කළේය, යම්සේ යම් තෙලක් මිම්ම දරා ගැනීමට නොහැකි වේද පිටාර ගලා යයි. එය අවසෙකයයි (වැගිරීම යයි) කියනු ලැබේ, යම් දියක් ඉවුර දරා ගැනීමට නොහැකි වේද උතුරා යයි, එය ඔඝයයි කියනු ලැබේ, එසේම යං ප්‍රීති වචනයක් හදවතෙහි (දරා) ගැනීමට නොහැකි වෙයි ද වැඩි වී ඇතුළත නොසිට පිටට නික්මෙයිද එය උදානයයි කියනු ලැබේ, එබඳුවූ ප්‍රීතිමය වූ වචනයක් පිටකළේය යන අර්‍ත්‍ථයයි.

5. පිඞ‍්ගියානී සුත‍්තවණ‍්ණනා

5. පිඞ්ගියානී සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ නීලාති ඉදං සබ‍්බසඞ‍්ගාහිකං. නීලවණ‍්ණාතිආදි තස‍්සෙව විභාගදස‍්සනං. තත්‍ථ න තෙසං පකතිවණ‍්ණො නීලො, නීලවිලෙපනවිලිත‍්තත‍්තා පනෙතං වුත‍්තං. නීලවත්‍ථාති පටදුකූලකොසෙය්‍යාදීනිපි තෙසං නීලානෙව හොන‍්ති. නීලාලඞ‍්කාරාති නීලමණීහි නීලපුප‍්ඵෙහි අලඞ‍්කතා, තෙසං හත්‍ථාලඞ‍්කාර-අස‍්සාලඞ‍්කාර-රථාලඞ‍්කාර-සාණිවිතානකඤ‍්චුකාපි සබ‍්බෙ නීලායෙව හොන‍්ති. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

පස්වැන්නෙහි නීලා යනු මෙය සියල්ල ඇතුළත් කොට ගන්නා ලද්දේයි, නීලවණ්ණා යනාදිය ප්‍රභේද දැක්වීමයි, එහි ඔවුන්ගේ පියවි පැහැය නිල් පැහැය නොවේ, නිල් විලවුන් ගැල් වූ බැවින් මෙය කියන ලදි, නීල වත්‍ථා යනු දුහුල්පට කොසෙය්‍යවස්ත්‍රාදිය ද ඔවුන්ගේ නිල්ම වෙයි, නීලාලඞ්කාරා යනු නිල්මිණිවලින් නිල් මලින් අලංකාර කරන ලද ඔවුන්ගේ ඇත් සැරසිලි අස් සැරසිලි රියසැරසිලි තිර වියන් සැට්ට ද සියල්ල නිල්ම වෙයි, මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය,

පදුමං යථාති යථා සතපත‍්තං රත‍්තපදුමං. කොකනදන‍්ති තස‍්සෙව වෙවචනං. පාතොති පගෙව සුරියුග‍්ගමනකාලෙ. සියාති භවෙය්‍ය. අවීතගන්‍ධන‍්ති අවිගතගන්‍ධං. අඞ‍්ගීරසන‍්ති භගවතො අඞ‍්ගමඞ‍්ගෙහි රස‍්මියො නිච‍්ඡරන‍්ති, තස‍්මා අඞ‍්ගීරසොති වුච‍්චති. තපන‍්තමාදිච‍්චමිවන‍්තලික‍්ඛෙති ද‍්විසහස‍්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු ආලොකකරණවසෙන අන‍්තලික‍්ඛෙ තපන‍්තං ආදිච‍්චං විය විරොචමානං. අඞ‍්ගීරසං පස‍්සාති අත‍්තානමෙව වා මහාජනං වා සන්‍ධාය එවං වදති.

පදුමං යථා යනු සියපත් ඇති රත්පියුම යම්සේද යනුයි, කොකනන්දං යනු එයටම සමාන වචනයකි, පාතො යනු හිරු නැගීමට පෙරාතුවමයි, සියා යනු වන්නේය, අවීතගන්ධං යනු ඉවත් නොවූ සුවඳ ඇත්තාවූයි, අඞ්ගීරසං යනු භාග්‍යවතුන් වහන්සේගේ අවයවයන්ගෙන් රශ්මීහු පිටවෙත්, එබැවින් අඞ්ගීරසයයි කියනු ලැබේ, තපන්තමාදිච්චමීචන්තලික්ඛෙ යනු දෙදහසක් දිවයින් පිරිවරකොට ඇති සතර මහා දිවයිනෙහි ආලෝක කිරීම් වශයෙන් අහසෙහි බබළන හිරු මෙන් දිලිසෙන අඞ්ගීරස බුදුන්වහන්සේ බලවයි තමා සඳහාම හෝ මහජනයා සඳහා හෝ මෙසේ කියයි.

6. මහාසුපින සුත‍්තවණ‍්ණනා

6. මහාසුපින සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ මහාසුපිනාති මහන‍්තෙහි පුරිසෙහි පස‍්සිතබ‍්බතො මහන‍්තානඤ‍්ච අත්‍ථානං නිමිත‍්තභාවතො මහාසුපිනා. පාතුරහෙසුන‍්ති පාකටා අහෙසුං. තත්‍ථ සුපිනං පස‍්සන‍්තො චතූහි කාරණෙහි පස‍්සති ධාතුක‍්ඛොභතො වා අනුභූතපුබ‍්බතො වා දෙවතොපසංහාරතො වා පුබ‍්බනිමිත‍්තතො වාති.

සවැන්නෙහි මහා සුපිනා යනු මහා පුරුෂයන් විසින් දැකිය යුතු බැවින් ද මහත් අර්‍ත්‍ථයන්ට නිමිතිවන බැවින් ද මහත් වූ සිහිනයෝයි. පාතුරහෙසුං යනු පහළවූහ, එහි සිහින දකින්නේ ධාතු කැළඹීම් වශයෙන් හෝ කලින් අත්විඳීමක් වශයෙන් හෝ දෙවියන් විසින් ඉදිරිපත් කිරීම වශයෙන් හෝ පෙරනිමිත්තක් වශයෙන්දැයි කරුණු සතරකින් දකියි,

තත්‍ථ පිත‍්තාදීනං ඛොභකරණපච‍්චයප‍්පයොගෙන ඛුභිතධාතුකො ධාතුක‍්ඛොභතො සුපිනං පස‍්සති. පස‍්සන‍්තො ච නානාවිධං සුපිනං පස‍්සති පබ‍්බතා පතන‍්තො විය, ආකාසෙන ගච‍්ඡන‍්තො විය, වාළමිගහත්‍ථිචොරාදීහි අනුබද‍්ධො විය ච. අනුභූතපුබ‍්බතො පස‍්සන‍්තො පුබ‍්බෙ අනුභූතපුබ‍්බං ආරම‍්මණං පස‍්සති. දෙවතොපසංහාරතො පස‍්සන‍්තස‍්ස දෙවතා අත්‍ථකාමතාය වා අනත්‍ථකාමතාය වා අත්‍ථාය වා අනත්‍ථාය වා නානාවිධානි ආරම‍්මණානි උපසංහරන‍්ති. සො තාසං දෙවතානං ආනුභාවෙන තානි ආරම‍්මණානි පස‍්සති. පුබ‍්බනිමිත‍්තතො පස‍්සන‍්තො පුඤ‍්ඤාපුඤ‍්ඤවසෙන උප‍්පජ‍්ජිතුකාමස‍්ස අත්‍ථස‍්ස වා අනත්‍ථස‍්ස වා පුබ‍්බනිමිත‍්තභූතං සුපිනං පස‍්සති බොධිසත‍්තමාතා විය පුත‍්තපටිලාභනිමිත‍්තං, කොසලරාජා විය සොළස සුපිනෙ, අයමෙව භගවා බොධිසත‍්තභූතො ඉමෙ පඤ‍්ච මහාසුපිනෙ විය චාති.

එහි පිත ආදීන්ගේ කැළඹීම් ඇතිකරන හේතු යෙදීමෙන් කැළඹුණු ධාතු ඇත්තේ, ධාතු කැළඹීම් ඇත්තේ සිහිනයක් දකියි, දකින්නේද නා නා ආකාර ඇති සිහින දකියි, පර්‍වතයකින් වැටෙන්නේ මෙන් අහසින් යන්නේ මෙන් දරුණු මෘග ඇත් සොරුන් ආදීන් විසින් එහු බඳින්නේ මෙන් වෙයි, කලින් අත්විදීම් වශයෙන් දකින්නේ පෙර අත්විදි අරමුණක් දකියි, දෙවියන්ගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් දකින්නාට දෙවිවරු හිත කැමැත්තෙන් හෝ අහිත කැමැත්තෙන් හෝ වැඩ සඳහා හෝ ඇවැඩ සඳහා හෝ නොයෙක් අරමුණු එළවත්, හෙතෙම ඒ දෙවිවරුන්ගේ අනුභාවයෙන් ඒ අරමුණු දකියි, පෙරනිමිත්තක් වශයෙන් දකින්නේ පින්පවු වශයෙන් උපදිනු කැමැත්තාගේ යහපත් හෝ අයහපතේ පෙරනිමිත්තක් වූ සිහිනයක් දකියි, බෝසත් මව පුතකු ලැබීමේ නිමිත්ත මෙන් ද කොසොල් රජු සොළොස් සිහිනයන් මෙන් ද භාග්‍යවතුන් වහන්සේ බෝසත්ව සිටියදී මේ පස් මහ සිහිනයන් මෙන් ද වේ,

තත්‍ථ යං ධාතුක‍්ඛොභතො අනුභූතපුබ‍්බතො ච සුපිනෙ පස‍්සති, න තං සච‍්චං හොති. යං දෙවතොපසංහාරතො පස‍්සති, තං සච‍්චං වා හොති අලිකං වා. කුද‍්ධා හි දෙවතා උපායෙන විනාසෙතුකාමා විපරීතම‍්පි කත්‍වා දස‍්සෙන‍්ති. යං පන පුබ‍්බනිමිත‍්තතො පස‍්සති, තං එකන‍්තං සච‍්චමෙව හොති. එතෙසං චතුන‍්නං මූලකාරණානං සංසග‍්ගභෙදතොපි සුපිනභෙදො හොතියෙව.

එහි ධාතු කැළඹීමෙන් හා කලින් අත්දැකීම් වශයෙන් යම් සිහිනයක් දකියිද එය සත්‍යයක් නොවෙයි, දෙවියන්ගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් යමක් දකියිද එය සත්‍යයක් හෝ බොරුවක් හෝ වෙයි, කිපිණු දෙවියෝ උපායෙන් නසනු කැමැත්තාහු විපරීත කොට දක්වත්, පෙරනිමිති වශයෙන් යමක් දකියි ද එය ඒකාන්ත සත්‍යයක්ම වෙයි, මේ මුල් කරුණු සතරේ එකට එක්වීමේ ප්‍රභේද වශයෙන් ද ස්වප්න භේදය වෙයි,

තං පනෙතං චතුබ‍්බිධම‍්පි සුපිනං සෙඛපුථුජ‍්ජනාව පස‍්සන‍්ති අප‍්පහීනවිපල‍්ලාසත‍්තා, අසෙඛා න පස‍්සන‍්ති පහීනවිපල‍්ලාසත‍්තා. කිං පනෙතං පස‍්සන‍්තො සුත‍්තො පස‍්සති පටිබුද‍්ධො, උදාහු නෙව සුත‍්තො න පටිබුද‍්ධොති? කිඤ‍්චෙත්‍ථ යදි තාව සුත‍්තො පස‍්සති, අභිධම‍්මවිරොධො ආපජ‍්ජති. භවඞ‍්ගචිත‍්තෙන හි සුපති, තං රූපනිමිත‍්තාදිආරම‍්මණං රාගාදිසම‍්පයුත‍්තං වා න හොති. සුපිනං පස‍්සන‍්තස‍්ස ච ඊදිසානි චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති. අථ පටිබුද‍්ධො පස‍්සති, විනයවිරොධො ආපජ‍්ජති. යඤ‍්හි පටිබුද‍්ධො පස‍්සති, තං සබ‍්බොහාරිකචිත‍්තෙන පස‍්සති. සබ‍්බොහාරිකචිත‍්තෙන ච කතෙ වීතික‍්කමෙ අනාපත‍්ති නාම නත්‍ථි. සුපිනං පස‍්සන‍්තෙන පන කතෙපි වීතික‍්කමෙ එකන‍්තං අනාපත‍්ති එව. අථ නෙව සුත‍්තො න පටිබුද‍්ධො පස‍්සති, න නාම පස‍්සති. එවඤ‍්ච සති සුපිනස‍්ස අභාවො ච ආපජ‍්ජති? න අභාවො. කස‍්මා? යස‍්මා කපිමිද‍්ධපරෙතො පස‍්සති. වුත‍්තඤ‍්හෙතං – “කපිමිද‍්ධපරෙතො ඛො, මහාරාජ, සුපිනං පස‍්සතී”ති.

ඒ මේ සිවුවැදෑරුම් සිහිනය ශෛක්ෂ පෘථග්ජනයෝ ම දකිත්, ප්‍රහීන නොවූ විපල්ලාස ඇති බැවිනි, කිම, මෙය දකින්නේ නිදිගත් පුද්ගලයා දකියිද අවදිවූ පුද්ගලයා දකියිද, නැතහොත් නොනිදන්නේත් අවදිනොවන්නේත් දකියිද, කිම මෙහි ඉදින් දන්නේ දකියි ද එවිට අභිධර්‍මයට විරුද්ධවීමක් වේද? භවංග සිතෙන්ම නිදයි, ඒ රූප නිමිත්තාදී අරමුණ රාගාදියෙන් යුක්ත වූයේ හෝ නොවේ, සිහින දකින්නාට ද මෙබඳු සිත් උපදියි, අවදිවූයේ දකියිද විනය විරෝධයක් ඇතිවෙයි, අවදිවූයේ යමක් දකියිද එය සර්‍වව්‍යවහාරික සිතෙන්ම දකියි, සර්‍වව්‍යවහාරික සිතින් ආපත්තිව්‍යතික්‍රමයක් කළ කල්හි අනාපත්තියක් නම් නැත. (එය ඇවතක්මය) සිහිනයක් දකින්න විසින් ව්‍යතික්‍රමයක් කළ කහි නිසැකයෙන්ම අනාපත්තියක්මය, එසේ නම් නොනිඳත් අවදිනොවන්නේත් දකියිද? නොදකියි, මෙසේ ඇති කල්හි සිහිනයාගේ අභාවයක්ම වෙයිද?, අභාවයක් නොවේ, කුමක් හෙයින්ද? වඳුරු නින්දෙන් මැඬුණේ සිහිනය දකියිද එබැවිනි, “කපිමිද්ධපරෙතො ඛො මහාරාජ සුපිනං පස්සති” (මහරජ වදුරු නින්දෙන් පෙළුණු තැනැත්තේ සිහිනය දකියි) යන මෙකරුණ කියන ලදි.

කපිමිද‍්ධපරෙතොති මක‍්කටනිද‍්දාය යුත‍්තො. යථා හි මක‍්කටස‍්ස නිද‍්දා ලහුපරිවත‍්තා හොති, එවං යා නිද‍්දා පුනප‍්පුනං කුසලාදිචිත‍්තවොකිණ‍්ණත‍්තා ලහුපරිවත‍්තා, යස‍්සා පවත‍්තියං පුනප‍්පුනං භවඞ‍්ගතො උත‍්තරණං හොති, තාය යුත‍්තො සුපිනං පස‍්සති. තෙනායං සුපිනො කුසලොපි හොති අකුසලොපි අබ්‍යාකතොපි. තත්‍ථ සුපිනන‍්තෙ චෙතියවන්‍දනධම‍්මස‍්සවනධම‍්මදෙසනාදීනි කරොන‍්තස‍්ස කුසලො, පාණාතිපාතාදීනි කරොන‍්තස‍්ස අකුසලො, ද‍්වීහි අන‍්තෙහි මුත‍්තො ආවජ‍්ජනතදාරම‍්මණක‍්ඛණෙ අබ්‍යාකතොති වෙදිතබ‍්බො. ස‍්වායං දුබ‍්බලවත්‍ථුකත‍්තා චෙතනාය පටිසන්‍ධිං ආකඩ‍්ඪිතුං අසමත්‍ථො. පවත‍්තෙ පන අඤ‍්ඤෙහි කුසලාකුසලෙහි උපත්‍ථම‍්භිතො විපාකං දෙති. කිඤ‍්චාපි විපාකං දෙති, අථ ඛො අවිසයෙ උප‍්පන‍්නත‍්තා අබ‍්බොහාරිකාව සුපිනන‍්තචෙතනා. සො පනෙස සුපිනො කාලවසෙනපි දිවා තාව දිට‍්ඨො න සමෙති, තථා පඨමයාමෙ මජ‍්ඣිමයාමෙ පච‍්ඡිමයාමෙ ච. බලවපච‍්චූසෙ පන අසිතපීතඛායිතෙ සම‍්මා පරිණාමං ගතෙ කායස‍්මිං ඔජාය පතිට‍්ඨිතාය අරුණෙ උග‍්ගච‍්ඡමානෙව දිට‍්ඨො සුපිනො සමෙති. ඉට‍්ඨනිමිත‍්තං සුපිනං පස‍්සන‍්තො ඉට‍්ඨං පටිලභති, අනිට‍්ඨනිමිත‍්තං පස‍්සන‍්තො අනිට‍්ඨං.

කපිමිද්ධෙපරෙතො යනු වඳුරු නින්දෙන් යුත් තැනැත්තායි, යම්සේ වඳුරාගේ නින්ද ඉක්මණින් පෙරළෙන සුලු වේද මෙසේ යම් නින්දක් නැවත නැවත කුශලාදී සිත්වලින් මුසුවූ බැවින් ඉක්මණින් පෙරළෙන සුලු වේ යම් නින්දක පැවැත්මේදී නැවත නැවත භවංගයෙන් මතුවීමක් වේද එම නින්දෙන් යුත් තැනැත්තේ සිහිනය දකියි. එබැවින් මේ සිහිනය ද කුශලයක් ද අකුශලයක් ද අව්‍යාකෘතයක්ද වෙයි, එහි සිහින කෙළවර සෑවැදීම් දහම් ඇසීම් දහම් දෙසීම් ආදිය කරන්නාට කුශලයයි, පරපණ නැසීම් ආදිය කරන්නාට අකුශලය, ඒ අන්ත දෙකින්ම මිදුනේ ආවර්ජන තදාරම්මණක්‍ෂණයෙහි අව්‍යාකෘතයයි දතයුතුය. ඒ මෙය දුර්‍වල වස්තුක බැවින් චේතනාවෙන් ප්‍රතිසන්ධිය ඇදගැනීමට අසමත් වෙයි, ප්‍රවෘත්ති (විපාක) යෙහි වනාහි අනෙක් කුශලාකුශලයන්ගෙන් උදව් ලබන ලද්දේ විපාක දෙයි, කිසියම් විපාකයක් දෙයි, සිහින කෙළවර චෙතනාව විෂය රහිතව උපන් බැවින් ගණන් නොගතයුතු බවට යෙයි. ඒ මේ සිහිනය දහවල දක්නා ලද්දේ නොගැලපෙයි (අර්‍ත්‍ථවත් නොවේ), ප්‍රථම මධ්‍යම යාමයන්හි ද එසේය, පශ්චිම යාමයෙහි ද ඉතා උදෑසන ආහාර වශයෙන් ගන්නා ලද බොන ලද හා කන ලද දෙය මනාව පරිනාමයට (දිරායාමට) ගියවිට කයෙහි ඔද පිහිටි බැවින් අරුණ නැගෙනවිට දක්නාලද සිහිනය ගැලපෙයි (අර්‍ත්‍ථවත් වෙයි), ඉටු නිමිති ඇති සිහිනයක් දක්නේ ඉෂ්ට දෙයක් (යහපත් දෙයක්) ලබයි, අනිටු නිමිත්තක් දන්නේ අනිටු දෙයක් ලබයි,

ඉමෙ පන පඤ‍්ච මහාසුපිනෙ නෙව ලොකියමහාජනො පස‍්සති, න මහාරාජානො, න චක‍්කවත‍්තිරාජානො, න අග‍්ගසාවකා, න පච‍්චෙකබුද‍්ධා, න සම‍්මාසම‍්බුද‍්ධා, එකො සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තොයෙව පස‍්සති. අම‍්හාකං පන බොධිසත‍්තො කදා ඉමෙ සුපිනෙ පස‍්සීති? “ස‍්වෙ බුද‍්ධො භවිස‍්සාමී”ති චාතුද‍්දසියං පක‍්ඛස‍්ස රත‍්තිවිභායනකාලෙ පස‍්සි. තෙරසියන‍්තිපි වදන‍්තියෙව. සො ඉමෙ සුපිනෙ දිස‍්වා උට‍්ඨාය පල‍්ලඞ‍්කං ආභුඤ‍්ජිත්‍වා නිසින‍්නො චින‍්තෙසි – “සචෙ මයා කපිලවත්‍ථුනගරෙ ඉමෙ සුපිනා දිට‍්ඨා අස‍්සු, පිතු මහාරාජස‍්ස කථෙය්‍යං. සචෙ පන මෙ මාතා ජීවෙය්‍ය, තස‍්සා කථෙය්‍යං. ඉමස‍්මිං ඛො පන ඨානෙ ඉමෙසං පටිග‍්ගාහකො නාම නත්‍ථි, අහමෙව පටිගණ‍්හිස‍්සාමී”ති. තතො “ඉදං ඉමස‍්ස පුබ‍්බනිමිත‍්තං ඉදං ඉමස‍්සා”ති සයමෙව සුපිනෙ පටිග‍්ගණ‍්හිත්‍වා උරුවෙලගාමෙ සුජාතාය දින‍්නං පායාසං පරිභුඤ‍්ජිත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ බොධිං පත්‍වා අනුක‍්කමෙන ජෙතවනෙ විහරන‍්තො අත‍්තනො මකුලබුද‍්ධකාලෙ දිට‍්ඨෙ පඤ‍්ච මහාසුපිනෙ විත්‍ථාරෙතුං භික‍්ඛූ ආමන‍්තෙත්‍වා ඉමං දෙසනං ආරභි.

මේ පස්මහ සිහින ලෞකික මහා ජනයා නොදකියි මහ රජවරු, සක්විති රජවරු අගසව්වෝ, පසේ බුදුවරු සම්මා සම්බුදුවරු නොදකිත්, හුදෙක් සර්‍වඥ බෝසතාණෝම දකිති, අපගේ බෝසතාණෝ කවර කලෙක මේ සිහින දුටුවහුද යත් හෙට බුදුවන්නෙමැයි පක්ෂයේ තුදුස්වකෙහි රාත්‍රිය ගෙවී යන කල්හි දුටහ, තෙළෙස්වකෙහි යයි ද කියත්මැයි, හෙතෙම මේ සිහිනයන් දැක නැඟිට පළක් බැඳ හුන්නේ (මෙසේ) සිතුවේය. “ඉදින් මවිසින් මේ සිහිනයෝ කිඹුල්වත් නුවරෙහිදී දුටුවාහු වෙත්ද පියමහරජුට කියන්නෙමි, ඉදින් මගේ මව ජීවත් වන්නී නම් ඇයට කියන්නෙමි, මෙතැන්හිදී මේවා පිළිගන්නෙක් නැත. මමම පිළිගන්නෙමි”, ඉක්බිති මෙය මේ සිහිනයේ පෙර නිමිත්තය. මෙය මේ සිහිනයේ පෙර නිමිත්තයයි තෙමේම සිහිනයන් පිළිගෙන උරුවෙල් ගමෙහි සුජාතාව විසින් දෙන ලද පායාසය වළඳා බෝමැඬට නැඟ සම්බෝධියට පත්ව පිළිවෙළින් දෙව්රමෙහි වසන්නේ තමන්ගේ මුකුළු බුදු කල්හි (බුදුවීමට නුදුරුව) දුටු පස්මහ සිහිනයන් විස්තර කිරීමට භික්ෂූන් අමතා මේ දම් දෙසුම ඇරඹීය,

තත්‍ථ මහාපථවීති චක‍්කවාළගබ‍්භං පූරෙත්‍වා ඨිතා මහාපථවී. මහාසයනං අහොසීති සිරිසයනං අහොසි. ඔහිතොති ඨපිතො. සො පන න උදකස‍්මිංයෙව ඨපිතො අහොසි, අථ ඛො පාචීනසමුද‍්දස‍්ස උපරූපරිභාගෙන ගන‍්ත්‍වා පාචීනචක‍්කවාළමත්‍ථකෙ ඨපිතො අහොසීති වෙදිතබ‍්බො. පච‍්ඡිමෙ සමුද‍්දෙ දක‍්ඛිණෙ සමුද‍්දෙති එතෙසුපි එසෙව නයො. තිරියා නාම තිණජාතීති දබ‍්බතිණං වුච‍්චති. නාභියා උග‍්ගන‍්ත්‍වා නභං ආහච‍්ච ඨිතා අහොසීති නඞ‍්ගලමත‍්තෙන රත‍්තදණ‍්ඩෙන නාභිතො උග‍්ගන‍්ත්‍වා පස‍්සන‍්තස‍්ස පස‍්සන‍්තස‍්සෙව විදත්‍ථිමත‍්තං රතනමත‍්තං බ්‍යාමමත‍්තං යට‍්ඨිමත‍්තං ගාවුතමත‍්තං අඩ‍්ඪයොජනමත‍්තං යොජනමත‍්තන‍්ති එවං උග‍්ගන‍්ත්‍වා උග‍්ගන‍්ත්‍වා අනෙකයොජනසහස‍්සං නභං ආහච‍්ච ඨිතා අහොසි. පාදෙහි උස‍්සක‍්කිත්‍වාති අග‍්ගනඛතො පට‍්ඨාය පාදෙහි අභිරුහිත්‍වා. නානාවණ‍්ණාති එකො නීලවණ‍්ණො, එකො පීතවණ‍්ණො, එකො ලොහිතවණ‍්ණො, එකො පණ‍්ඩුපලාසවණ‍්ණොති එවං නානාවණ‍්ණා. සෙතාති පණ‍්ඩරා පරිසුද‍්ධා. මහතො මීළ‍්හපබ‍්බතස‍්සාති තියොජනුබ‍්බෙධස‍්ස ගූථපබ‍්බතස‍්ස. උපරූපරි චඞ‍්කමතීති මත්‍ථකමත්‍ථකෙ චඞ‍්කමති. දීඝායුකබුද‍්ධා පන තියොජනිකෙ මීළ‍්හපබ‍්බතෙ අනුපවිසිත්‍වා නිසින‍්නා විය හොන‍්ති.

එහි මහාපඨවි යනු සක්වල ගැබ පුරා සිටි මහපොළොවයි, මහාසයනං අහොසි යනු සිරියහනක් වූයේය, ඔහිතො යනු තබන ලද්දේයි, එය වනාහි දියෙහිම තබන ලද්දේ නොවේ, නැගෙනහිර සමුදුරේ මතු මත්තෙන් ගොස් නැගෙනහිර සක්වළ මතුයෙහි තබන ලද්දේ වූයේයයි දතයුතුය, පැසුළු මුහුදෙහි දකුණු මුහුදෙහි යන මේවායෙහි ද මේ ක්‍රමයමයි, තිරියා නාම තිණජාති යනු දර්‍භතෘණ (කුසතණ) යි කියනු ලැබේ. නාභියා උග්ගනත්වා නභං ආහච්ච ඨිතා අහොසි යනු නඟුලක් පමණ වූ රතු දණ්ඩක් ලැබෙන් මතුවී බලාසිටියදීම වියතක් පමණ රියනක් පමණ බඹයක් පමණ යටක් පමණ ගව්වක් පමණ අඩයොදුනක් පමණ යොදුනක් පමණ උඩට නැගෙමින් නොයෙක් යොදුන් දහස් ගණන් ඇති අහස හා පැහැසී සිටියේ විය. පාදෙහි උස්සක්කිත්වා යනු නිය අග පටන් පාදයන්ගෙන් උඩට නැඟීයි, නා නා වණ්ණා යනු එකෙක් නිල් පැහැ ඇත්තේ එකෙක් කහ පැහැ ඇත්තේ එකෙක් රතු පැහැ ඇත්තේ එකෙක් පඬුවන් පැහැ ඇත්තේයි මෙසේ නොයෙක් පැහැ ඇත්තෝයි, සෙතා යනු සුදු පැහැ ඇත්තෝ පිරිසුදු වූවෝයි, මහතො මිළ්හපබ්බතස්ස යනු තුන්යොදුනක් උස ඇති අශූචි පර්‍වතයකය, උපරූපරි වඞ්කමති යනු මතුමත්තෙහි හැසිරෙයි, දීඝායුක බුදුවරු තුන්යොදුනක් වූ අශූචි පර්‍වතයෙහි පිවිස වැඩහුන්නාහු මෙන් වෙති,

එවං එත‍්තකෙන ඨානෙන පුබ‍්බනිමිත‍්තානි දස‍්සෙත්‍වා ඉදානි සහ පුබ‍්බනිමිත‍්තෙහි පටිලාභං දස‍්සෙතුං යම‍්පි, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සබ‍්බගුණදායකත‍්තා බුද‍්ධානං අරහත‍්තමග‍්ගො අනුත‍්තරා සම‍්මාසම‍්බොධි නාම. තස‍්මා යං සො චක‍්කවාළමහාපථවිං සිරිසයනභූතං අද‍්දස, තං බුද‍්ධභාවස‍්ස පුබ‍්බනිමිත‍්තං. යං හිමවන‍්තපබ‍්බතරාජානං බිම‍්බොහනං අද‍්දස, තං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණබිම‍්බොහනස‍්ස පුබ‍්බනිමිත‍්තං. යං චත‍්තාරො හත්‍ථපාදෙ චක‍්කවාළමත්‍ථකෙ ඨිතෙ අද‍්දස, තං ධම‍්මචක‍්කස‍්ස අප‍්පටිවත‍්තියභාවෙ පුබ‍්බනිමිත‍්තං. යං අත‍්තානං උත‍්තානකං නිපන‍්නං අද‍්දස, තං තීසු භවෙසු අවකුජ‍්ජානං සත‍්තානං උත‍්තානමුඛභාවස‍්ස පුබ‍්බනිමිත‍්තං. යං අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා පස‍්සන‍්තො විය අහොසි, තං දිබ‍්බචක‍්ඛුපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. යං යාව භවග‍්ගා එකාලොකං අහොසි, තං අනාවරණඤාණස‍්ස පුබ‍්බනිමිත‍්තං. සෙසං පාළිවසෙනෙව වෙදිතබ‍්බන‍්ති.

මෙසේ මෙපමණ තැනකින් පෙර නිමිති දක්වා දැන් පෙරනිමිති සමග ප්‍රතිලාභය දැක්වීමට “යම්පි භික්ඛවෙ” යනාදිය කීය. එහි සියලු ගුණ දෙන බැවින් බුදුවරුන්ගේ රහත්මග අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය නමි, එහෙයින් හෙතෙම සක්වළ මහ පොළොව සිරියහනක් බවට පත්වීම් සංඛ්‍යාත යමක් දුටුවේද එය බුදුබවට පෙර නිමිත්තයි, හිමවත් පර්‍වත රාජයා කොට්ටයක් බවට පත්වීම පිළිබඳ යමක් දුටුවේද එය සර්‍වඥතාඥාන නැමති කොට්ටයට පෙරනිමිත්තයි, අත්පා සතර සක්වළ මතුයෙහි පිහිටීම් සංඛ්‍යාත යමක් දුටුවේද එය ධර්‍මචක්‍රය නොපෙරලිය හැකි බවෙහි පෙරනිමිත්තයි තමන් උඩුකුරුව (උඩුබැලිව) හෙවීම් සංඛ්‍යාත යමක් දුටුවේද එය තුන්භවයන්හි යටිකුරු වූ සත්ත්වයන්ගේ උඩුකුරු වූ මුව ඇති බවට පෙර නිමිත්තයි, ඇස් හැර බලන්නාක් මෙන් යමක් දුටුවේද එය දිවැස් ලැබීමේ පෙරනිමිත්තයි, භවාග්‍රය දක්වා ඒකාලෝක වීම් සංඛ්‍යාත යමක් දුටුවේද එය අනාවරණ ඥානයට පෙර නිමිත්තයි, සෙස්ස පෙළ ක්‍රමයෙන්ම දත යුතුය.

7. වස‍්සන‍්තරායසුත‍්තවණ‍්ණනා

7. වස්සනතරාය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ නෙමිත‍්තාති නිමිත‍්තපාඨකා. තෙජොධාතු පකුප‍්පතීති මහාඅග‍්ගික‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පාණිනා උදකං සම‍්පටිච‍්ඡිත්‍වාති උප‍්පන‍්නං උතුසමුට‍්ඨානං උදකං තියොජනසතෙන හත්‍ථෙන පටිග‍්ගහෙත්‍වා. පමත‍්තා හොන‍්තීති අත‍්තනො කීළාය පමත‍්තා හොන‍්ති විප‍්පවුට‍්ඨසතිනො. තෙසඤ‍්හි සකාය රතියා “රමාමා”ති චිත‍්තෙ උප‍්පන‍්නෙ අකාලෙපි දෙවො වස‍්සති, තදභාවෙ න වස‍්සති. තං සන්‍ධායෙතං වුත‍්තං – “න කාලවස‍්ස”න‍්ති. අට‍්ඨමනවමානි උත‍්තානත්‍ථානෙව.

සත්වැන්නෙහි නෙමිත්තා යනු නිමිති කියන්නෝයි, තෙජොධාතු පකුප්පති යනු මහ ගිනි ගොඩක් උපදියි, පාණිනා උදකං පටිච්ඡිත්වා යනු උපන්, සෘතුවෙන් හටගත් ජලය යොදුනක් පමණ වු අතින් පිළිගෙනයි, පමත්තා හොන්ති යනු තමන්ගේ ක්‍රීඩාවට පමාවෙති. පහවූ සිහිය ඇත්තෝ වෙත්, ඔවුන්ගේ සත්කාය කාමයෙන් සතුටු වෙමුයි සිත උපන් කල්හි නොකල්හි ද වැස්ස වසියි, එය නැති කල්හි නොවසියි, එය සඳහා මෙය කියන ලදි, නොකල් වැස්සයි, අටවැනි නවවැනි සූත්‍රයේ පැහැදිලි අරුත් ඇත්තෝය.

10. නිස‍්සාරණීය සුත‍්තවණ‍්ණනා

10. නිස්සාරණීය සූත්‍ර වර්ණනාව

දසමෙ නිස‍්සාරණීයාති නිස‍්සටා විසඤ‍්ඤුත‍්තා. ධාතුයොති අත‍්තසුඤ‍්ඤසභාවා. කාමං මනසිකරොතොති කාමං මනසිකරොන‍්තස‍්ස, අසුභජ‍්ඣානතො වුට‍්ඨාය අගදං ගහෙත්‍වා විසං වීමංසන‍්තො විය වීමංසනත්‍ථං කාමාභිමුඛං චිත‍්තං පෙසෙන‍්තස‍්සාති අත්‍ථො. න පක‍්ඛන්‍දතීති නප‍්පවිසති. නප‍්පසීදතීති පසාදං නාපජ‍්ජති. න සන‍්තිට‍්ඨතීති නප‍්පතිට‍්ඨහති. න විමුච‍්චතීති න අධිමුච‍්චති. යථා පන කුක‍්කුටපත‍්තං වා න‍්හාරුදද‍්දුලං වා අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තං පටිලීයති පතිකුටති පතිවට‍්ටති න සංපසාරීයති, එවං පටිලීයති න සංපසාරීයති. නෙක‍්ඛම‍්මං ඛො පනාති ඉධ නෙක‍්ඛම‍්මං නාම අසුභෙසු පඨමජ‍්ඣානං, තදස‍්ස මනසිකරොතො චිත‍්තං පක‍්ඛන්‍දති. තස‍්ස තං චිත‍්තන‍්ති තස‍්ස තං අසුභජ‍්ඣානචිත‍්තං. සුගතන‍්ති ගොචරෙ ගතත‍්තා සුට‍්ඨු ගතං. සුභාවිතන‍්ති අහානභාගියත‍්තා සුට‍්ඨු භාවිතං. සුවුට‍්ඨිතන‍්ති කාමතො වුට‍්ඨිතං. සුවිමුත‍්තන‍්ති කාමෙහි සුට‍්ඨු විමුත‍්තං. කාමපච‍්චයා ආසවා නාම කාමහෙතුකා චත‍්තාරො ආසවා. විඝාතාති දුක‍්ඛා. පරිළාහාති කාමරාගපරිළාහා. න සො තං වෙදනං වෙදියතීති සො තං කාමවෙදනං විඝාතපරිළාහවෙදනඤ‍්ච න වෙදියති. ඉදමක‍්ඛාතං කාමානං නිස‍්සරණන‍්ති ඉදං අසුභජ‍්ඣානං කාමෙහි නිස‍්සටත‍්තා කාමානං නිස‍්සරණන‍්ති අක‍්ඛාතං. යො පන තං ඣානං පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො තතියමග‍්ගං පත්‍වා අනාගාමිඵලෙන නිබ‍්බානං දිස‍්වා “පුන කාමා නාම නත්‍ථී”ති ජානාති. තස‍්ස චිත‍්තං අච‍්චන‍්තනිස‍්සරණමෙව. සෙසපදෙසුපි එසෙව නයො.

දසවැන්නෙහි නිස්සාරණීයා යනු ඉවත්වූයි, වෙන්වූයි, ධාතුයො යනු ආත්මශුන්‍ය ස්වභාවයයි, කාමං මනසිකරොතො යනු කාමය මෙනෙහි කරන්නාගේයි, අසුභ ධ්‍යානයෙන් නැගිට බෙහෙතක් ගෙන විෂ විමසන්නෙකු මෙන් විමසීම සඳහා සාමය පෙරටු කොට ඇති සිත යවන්නාගේය යන අරුත්ය, න පක්ඛන්දති යනු නොපිවිසෙයි, න සන්තිට්ඨති යනු නොපිහිටයි, න විමුච්චති යනු නොමිදෙයි, යම්සේ ගින්නෙහි බහාලූ කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ හැකිලෙයි ද පෙරලී සිටියිද දිග නොහැරෙයි ද එසේ හැකිලෙයි දිග නොහැරෙයි, නෙක්ඛම්මං ඛො පන යනු මෙහි නෙක්ඛම්මය යනු අසුභයන්හි ප්‍රථම ධ්‍යානයයි, එය මෙනෙහි කරන ඔහුගේ සිත පැකිල්ලෙයි, තස්ස තං චිත්තං යනු ඔහුගේ ඒ අසුභධ්‍යාන සිතයි, සුගතං යනු ගොදුරෙහි ගිය බැවින් මනාව යන ලද්දේයි, සුභාවිතං යනු පිරිහීම් පැත්තෙහි නොවන බැවින් මනාව වඩනා ලද්දේයි, සුවුට්ඨිතං යනු කාමයෙන් නැගී සිටියේයි, සුචිමුත්තං යනු කාමයන්ගෙන් මනාව මිදුනේයි, කාමපච්චයා ආසවා නම් කාමය හේතුකොට ඇති සතර ආශ්‍රවයෝයි, විඝාතා යනු දුක්ඛයෝයි, පරිළාහා යනු කාමරාග දැවීම්ය, න සො තං වෙදනං වෙදියති යනු හෙතෙම ඒ කාම වේදනාව ද දුක් තැවීම් වේදනා ද නොවිඳියි, ඉදමක්ඛාතං කාමානං නිස්සරණං යනු මේ අසුභධ්‍යානය කාමයන්ගෙන් වියුක්ත වූ බැවින් කාමයන්ගේ නිශ්ශරණය (වෙන්වීම) යයි කියන ලදි, යමෙක් එම ධ්‍යානය පාදක කොට සංස්කරණයන් ගැන මනාව දනිමින් තෙවැනි මගට පැමිණ අනාගාමි ඵලයෙන් නිවන දැක නැවත කාමයෝ නම් නැතැයි දනියි, ඔහුගේ සිත අත්‍යන්තයෙන්ම මිදුනේමය. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි,

අයං පන විසෙසො – දුතියවාරෙ මෙත‍්තාඣානානි බ්‍යාපාදස‍්ස නිස‍්සරණං නාම. තතියවාරෙ කරුණාඣානානි විහිංසාය නිස‍්සරණං නාම. චතුත්‍ථවාරෙ අරූපජ‍්ඣානානි රූපානං නිස‍්සරණං නාම. අච‍්චන‍්තනිස‍්සරණඤ‍්චෙත්‍ථ අරහත‍්තඵලං යොජෙතබ‍්බං. පඤ‍්චමවාරෙ සක‍්කායං මනසිකරොතොති සුද‍්ධසඞ‍්ඛාරෙ පරිග‍්ගණ‍්හිත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස සුක‍්ඛවිපස‍්සකස‍්ස ඵලසමාපත‍්තිතො වුට‍්ඨාය වීමංසනත්‍ථං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාභිමුඛං චිත‍්තං පෙසෙන‍්තස‍්ස. ඉදමක‍්ඛාතං සක‍්කායස‍්ස නිස‍්සරණන‍්ති ඉදං අරහත‍්තමග‍්ගෙන ච ඵලෙන ච නිබ‍්බානං දිස‍්වා ඨිතස‍්ස භික‍්ඛුනො “පුන සක‍්කායො නත්‍ථී”ති උප‍්පන‍්නං අරහත‍්තඵලසමාපත‍්තිචිත‍්තං සක‍්කායස‍්ස නිස‍්සරණන‍්ති අක‍්ඛාතං. ඉදානි එවං සක‍්කායනිස‍්සරණං නිරොධං පත්‍වා ඨිතස‍්ස ඛීණාසවස‍්ස වණ‍්ණං කථෙන‍්තො තස‍්ස කාමනන්‍දීපි නානුසෙතීතිආදිමාහ. තත්‍ථ නානුසෙතීති න නිබ‍්බත‍්තති. අනනුසයාති අනිබ‍්බත‍්තියා. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මේ වනාහි විශේෂයයි, දෙවැනි වරෙහි මෛත්‍රී ධ්‍යානයෝ ව්‍යාපාදයාගේ නිශ්ශරණයයි, තෙවැනි වරෙහි, සිවුවැනි වරෙහි අරූපධ්‍යානයෝ රූපයන්ගේ නිශ්ශරණයයි, අත්‍යන්ත නිශ්ශරණයෙහි මෙහි අරහත්ඵලය යෙදිය යුතු ය. පස්වැනි වරෙහි සක්කායං මනසිකරොතො යනු සුද්ධ සංස්කාරයන් විමසා රහත්බවට පැමිණි ශුෂ්ක විදර්‍ශකයාගේයි, පලසමවතින් නැගිට විමසීම සඳහා පඤ්ච උපාදාන ස්කන්ධයන් පෙරටුකොට මෙහෙයවන්නාගේයි, ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං යනු මෙය අරහත් මගින් ද ඵලයෙන් ද නිවන දැක සිටි භික්ෂුවට යළි සත්කායය නැතැයි උපන්නා වූ අරහත්තඵල සමාපත්ති සිත සත්කායයාගේ නිශ්ශරණයයි කියන ලදි, දැන් මෙසේ සත්කාය නිශ්ශරණය වූ නිරෝධයට පැමිණ සිටි ක්ෂීණාශ්‍රවයාගේ ගුණ කියමින් තස්ස කාමනන්දිපි නානුසෙති යනාදිය කීවේය. එහි නානුසෙති යනු නොඉපදෙයි, අනනුසයා යනු නොඉපදීමෙනි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

බ්‍රාහ‍්මණවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි බ්‍රාහ්මණ වර්‍ගයයි

චතුත්‍ථපණ‍්ණාසකං නිට‍්ඨිතං.

සිවුවැනි පණ්ණාසකයයි.