කාරණපාලී සුත්තං
5. 4. 5. 4.
5. 4. 5. 4.
[කාරණපාලී සුත්තං]
[කාරණපාලී සූත්‍රය]
45. එකං සමයං භගවා වෙසාලියං විහරති, මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන. කාරණපාලී බ්රාහ්මණො ලිච්ඡවීනං කම්මන්තං කාරෙති.
45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහාවන කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි කාරණාපාලී බ්‍රාහ්මණ ලිච්ඡවීන්ගේ නවකර්මාන්ත කරවයි.
අද්දසා ඛො කාරණපාලී බ්රාහ්මණො පිඞ්ගියානිං බ්රාහ්මණං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන පිඞ්ගියානිං බ්රාහ්මණං එතදවොච:
කාරණපාලී බ්‍රාහ්මණ දුරදී මැ එන පිඞ්ඟීයානී බ්‍රාහ්මණයා දුටුයේ ය. දැක පිඞ්ඟීයානී බ්‍රාහ්මණහට තෙල කීය:
හන්ද කුතො නු භවං පිඞ්ගියානී ආගච්ඡති දිවාදිවස්සාති.
භවත් පිඞඟියානී ඉතා දවල් කොහි සිට එන්නේදැ යි?
ඉතොහං භො ආගච්ඡාමි, සමණස්ස ගොතමස්ස සන්තිකාති.
භවත්නි, මම මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙතින් එඹි යි.
තං කිං මඤ්ඤති භවං පිඞ්ගියානී සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං, පණ්ඩිතො මඤ්ඤෙති?
භවත් පිඞ්ඟීයානී තෙමේ එ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෛයක්ත්‍යය කිමැ යි හඟනේ ද? හේ පණ්ඩිතයැ යි හඟනේ දැ? යි.
කො චා හං භො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි. සොපි නූනස්ස තාදිසොව යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්යාති.
භවත්නි, මම කවරෙකිම්, කිසෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා හා වියත්කම් දනිම් දැ? යි. යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෛයක්ත්‍යය දන්නේ නම්, හේ එකැතින් එබඳු ම වේ යයි.
උළාරාය ඛලු භවං පිඞ්ගියානී සමණං ගොතමං පසංසාය පසංසතීති.
භවත් පිඞ්ඟීයානී උදාර ප්‍රශංසායෙන් මහණගොයුම්හු පසස්නේ ය යි.
කො චාහං භො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි, පසත්ථ පසත්ථොව සො භවං ගොතමො සෙට්ඨො දෙවමනුස්සානන්ති.
භවත්නි, මම කවරෙකිම්, කිසෙයින් මහණගොයුම්හු පසස්නෙම් ද? දේවමනුෂ්‍යයනට ශ්‍රේෂ්ඨ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ ප්රශස්ත ගුණයන් විසින් ම ප්‍රශස්තයහ.
කිං පන භවං පිඞ්ගියානී අත්ථවසං සම්පස්සමානො සමණෙ ගොතමෙ එවං අභිප්පසන්නො?ති.
භවත් පිඞ්ඟීයානී කවර කරුණක් දක්නේ මහණගොයුම්හු කෙරෙහි මෙ සෙයින් අභිප්‍රසන්න වේ දැ?” යි.
සෙය්යථාපි භො පුරිසො අග්ගරසපරිතිත්තො න අඤ්ඤෙසං හීනානං රසානං පිහෙති, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති: යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො න අඤ්ඤෙසං පුථුසමණ බ්රාහ්මණප්පවාදානං පිහෙති. (1)
භවත්නි, යම් පරිද්දෙකින් අග්රරසයන්හි පරිතෘප්ත පුරුෂයෙක් අන්‍ය හීනරසයනට කැමති නො වේ ද, භවත්නි, එ පරිදිදෙන් ම ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය සූත්‍ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්ම විසින් හෝ සූත්‍රාදි යම් යම් ම කරුණෙකින් අසා නම්, එ එ කරුණෙන් අන්‍ය වූ නානා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ (ලබ්ධිසඞ්ඛ්යාත) ප්රවාදයන් නො පතාමැයි. (1)
සෙය්යථාපි භො පුරිසො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්ය, සො යතො යතො සායෙථ, ලභතෙව සාධුරසං අසෙචනකං, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති. යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො ලභතෙව අත්තමනතං, ලභති චෙතසො පසාදං. (2)
භවත්නි, යම් සේ පුරුෂයෙක් ජිඝත්සායෙන් හා දුර්වලභාවයෙන් මැඩුනේ මීවදයක් ලබානම්, හේ එය යම් මැ තැනෙකින් එහි රස විඳුනේ නම් අතෘප්තිකර මියුරු රස ලබන්නේ ම ය. භවත්නි, එසෙයින් ම සූත්‍ර විසින් වේව යි ගෙය විසින් වේව යි වෛයාකරණ විසින් වේව යි අද්භූත ධර්ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසා නම්, එ එ කරුණින් සොම්නස ලබා මැයි. චිත්තප්‍රසාදය ලබා මැයි. (2)
සෙය්යථාපි භො පුරිසො චන්දනඝටිකං අධිගච්ඡෙය්ය හරිචන්දනස්ස වා ලොහිතචන්දනස්ස වා, සො යතො යතො ඝායෙථ, යදි මූලතො යදි මජ්ඣතො යදි අග්ගතො, අධිගච්ඡතෙව සුරභිගන්ධං අසෙචනකං, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති: යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො අධිගච්ඡති පාමොජ්ජං, අධිගච්ඡති සොමනස්සං. (3)
පින්වත, යම් සේ පුරුෂයෙක් සුදුසඳුන් වේවයි, රත්සඳුන් වේවයි, සඳුන්ගැටක් ලබා නම්, හේ එය මුලින් වේවයි මැදින් වේවයි අගින් වේවයි යම් ම තැනෙකින් ආඝ්‍රාණය කෙරේ නම්, අතෘප්තිකර සුගන්ධය ලබාම ය. පින්වත, එසෙයින් ම සූත්‍ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්ම විසින් වේවයි යම් ම අයුරෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසා නම්, එ එ අයුරින් ප්‍රාමෝද්‍යය ලබාම ය. සොම්නස ලබයි. (3)
සෙය්යථාපි භො පුරිසො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, තස්ස කුසලො භිසක්කො ඨානසො ආබාධං නීහරෙය්ය, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති: යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා අබ්භත්ථං ගච්ඡන්ති. (4)
පින්වත, යම් සේ රෝගී වූ දුකට පත් වූ දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් වේ ද, දක්ෂ වෛද්‍යයෙක් ඔහුගේ රෝගය කෙණෙකින් බැහැරලන්නේ නම්, පින්වත එ පරිද්දෙන් ම සූත්‍ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්ම විසින් හෝ යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසා නම්, එ එ කරුණෙන් ම ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ මොනවට අස්තයට යන්නාහ. (4)
සෙය්යථාපි භො පොක්ඛරණී අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතකා සුපතිත්ථා රමණීයා, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො, සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා නහාත්වා ච පීත්වා ච සබ්බදරථකිලමථපරිළාහං පටිප්පස්සම්භෙය්ය. එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො සබ්බදරථකිලමථපරිළාහා පටිප්පස්සම්භන්තී’ති. (5)
පින්වත, යම් සේ පහන් දියැති මියුරු දියැති සුදු වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු පොකුණක් වේ නම්, වැලිත් ගිමින් තැවුනු ගිමින් මැඩුණු ක්ලාන්ත වූ තෘෂිත වූ පැන්බොනු කැමති පුරුෂයෙක් එයි, හෙ එ පොකුණට බැස පැන් සනහා පැන් බී හැම දරථක්ලමථූපරිදාහය සන්සිඳුවන්නේ ය, පින්වත, එ සෙයින් ම සූත්‍ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේ ගේ ධර්මය අසා නම්, එ එ කරුණෙන් සර්වදරථක්ලමථුපරිදාහයෝ සන්හිඳෙන්නාහයි. (5)
එවං වුත්තෙ කාරණපාලී බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා”ති.
මෙසේ කී කල්හි කාරණපාලී බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොටලා දකුණුදණමඬල පොළොව්හි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ දසට ප්රණාම කොට තෙවරක් උදන් ඇනී ය: “එ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” යි.
අභික්කන්තං භො පිඞ්ගියානී, අභික්කන්තං භො පිඞ්ගියානී. සෙය්යථාපි භො පිඞ්ගියානී, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්ති’ති, එවමෙවං භොතා පිඞ්ගියානිනා අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භො පිඞ්ගියානී තං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මං ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං පිඞ්ගියානී ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, යම් සේ යටිහුරු කොට තබනලද්දක් උඩුහුරු කොට තබන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළාවුවකුහට මඟ කියන්නේ හෝ වේ ද, “චක්ෂුර්මත්හු රූ දක්නාහ” යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එලෙසින් ම භවත් පිඞ්ගියානිහු විසින් නන් අයුරින් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේ ය. භවත් පිඞ්ගියානියෙනි, තෙල මම ඒ භවත් ගෞතමයන් වහන්සේ හා ධර්මය හා භික්ෂුසඞ්ඝයා හි සරණකොට යෙමි. භවත් පිඞ්ගියානී තෙමේ අද පටන් කොට මා දිවිහිම්ව (තුනුරුවන්) සරණගිය උපාසක කොට ධරාවායි.