යෙදුමෙන් කියවන්න

පිඞ‍්ගියානී සුත‍්තං

5. 4. 5. 5.

5. 4. 5. 5.

[පිඞ‍්ගියානී සුත‍්තං]

[පිඞ්ගියානී සූත්‍රය]

46. එකං සමයං භගවා වෙසාලියං විහරති, මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන පඤ‍්චමත‍්තානි ලිච‍්ඡවීසතානි භගවන‍්තං පයිරුපාසන‍්ති. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී නීලා හොන‍්ති නීලවණ‍්ණා නීලවත්‍ථා නීලාලඞ‍්කාරා. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී පීතා හොන‍්ති පීතවණ‍්ණා පීතවත්‍ථා පීතාලඞ‍්කාරා. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී ලොහිතකා හොන‍්ති ලොහිතකවණ‍්ණා ලොහිතකවත්‍ථා ලොහිතකාලඞ‍්කාරා. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී ඔදාතා හොන‍්ති ඔදාතවණ‍්ණා ඔදාතවත්‍ථා ඔදාතාලඞ‍්කාරා. ත්‍යාස‍්සුදං භගවා අතිරොචති වණ‍්ණෙන චෙ ව යසසා ච.

46. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වෛශාලී නගරාසන්නයෙහි වූ මහාවනයෙහි කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එසමයෙහි පන්සියක් පමණ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවූවාහු නිල්පැහැ ඇත්තාහු නිල්වත් ඇත්තාහු නිල් අබරණ ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීත (කහ) වූවාහු පීතවර්‍ණ ඇත්තාහු පීතවස්ත්‍ර හැඳියාහු පීතාලඞ්කාර ඇතියාහු වෙති. ඇතැම් ලිච්ඡවීහු ලෝහිත (ලේ පැහැ) වූවාහු ලෝහිත වර්‍ණ ඇත්තාහු ලෝහිතවස්ත්‍ර ඇත්තාහු ලොහිතාලඞ්කාර ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු අවදාත (සුදු) වූවාහු අවදාතවර්‍ණ ඇත්තාහු අවදාතවස්ත්‍ර ඇත්තාහු අවදාතලඞ්ඛාර ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙනුදු යශසිනුදු ඔවුන් හැම ඉක්මවා බබලන සේක.

අථ ඛො පිඞ‍්ගියානී බ්‍රාහ‍්මණො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති.

ඉක්බිති පිඞ්ගියානී බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරු සළුව එකස් කොටලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ” යයි.

පටිභාතු තං පිඞ‍්ගියානීති භගවා අවොච.

පිඞ්ගියානිය, තට වැටහේවායි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

අථ ඛො පිඞ‍්ගියානී බ්‍රාහ‍්මණො භගවතො සම‍්මුඛා සාරුප‍්පාය ගාථාය අභිත්‍ථවි:

ඉක්බිති පිඞ්ගියානී බ්‍රාහ්මණ භාග්‍යවතුන් හමුවෙහි සාරුප්‍ය ගාථායෙන් ස්ත්‍රෝත්‍ර කෙළේය:

99. පදුමං යථා කොකනදං සුගන්‍ධං පාතො සියා ඵුල‍්ලමවීතගන්‍ධං, අඞ‍්ගීරසං පස‍්ස විරොචමානං තපන‍්තමාදිච‍්චමිවන‍්තලික‍්ඛෙති.

99. “උදාසන්හි පිපි නොහළ සුවඳැති කොකනද සඞ්ඛ්‍යාත සුවඳවත් රත්පියුමෙක් යම්සේ වේ නම්, එසේ වූ අහස්හි තෙවුනා හිරුමෙන් වොරදනා අඞ්ගීරස (සිරුරු රැස් විහිදෙන) බුදුන් බලව” යි.

අථ ඛො තෙ ලිච‍්ඡවී පඤ‍්චහි උත‍්තරාසඞ‍්ගසතෙහි පිඞ‍්ගියානිං බ්‍රාහ‍්මණං අච‍්ඡාදෙසුං. අථ ඛො පිඞ‍්ගියානී බ්‍රාහ‍්මණො තෙහි පඤ‍්චහි උත‍්තරාසඞ‍්ගසතෙහි භගවන‍්තං අච‍්ඡාදෙසි.

එකල්හි එ ලිච්ඡවීහු පන්සියත් උතුරුසළුයෙන් පිඞ්ගියානී බමුණු පිදූහ. එකල්හි පිඞ්ගියානී බ්‍රාහ්මණ එ උතුරු සළු පන්සියෙන් භාග්‍යවතුන් වහන්සේ පිදී.

අථ ඛො භගවා තෙ ලිච‍්ඡවී එතදවොච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ ලිච්ඡවීනට තෙල වදාළසේක.

පඤ‍්චන‍්නං ලිච‍්ඡවී, රතනානං පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. කතමෙසං පඤ‍්චන‍්නං:

ලිච්ඡවීනි, ලොව්හි රත්නපස්දෙනකුන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. කවර පස්දෙනකුගේය යත්:

තථාගතස‍්ස අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසෙතා පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං. තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසිතස‍්ස විඤ‍්ඤාතා පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං. තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසිතස‍්ස විඤ‍්ඤාතා ධම‍්මානුධම‍්මපටිපන‍්නො පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං. කතඤ‍්ඤූ කතවෙදී පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං.

තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ ලොව්හි ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසන පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. දෙසන ලද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දැනගන්නා පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. දෙසන ලද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දැනගත් ධර්‍මානුධර්‍මයෙහි පිළිපන් පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. කෘතඥවූ කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභ වේ වෙයි.

ඉමෙසං ඛො ලිච‍්ඡවී පඤ‍්චන‍්නං රතනානං පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මින‍්ති.

ලිච්ඡවීනි, ලෝකයෙහි මේ පඤචරතනයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වේ යයි.