මහාසුපින සුත්තං
5. 4. 5. 6.
5. 4. 5. 6.
[මහාසුපින සුත්තං]
[මහාසුපින සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
46. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො පඤ්ච මහාසුපිනා පාතුරහෙසුං. කතමෙ පඤ්ච.
46. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝධිසත්ව වූවන්ට ම පඤ්චමහා ස්වප්න කෙනෙක් පහළවූහ. කවර පස්දෙනෙක යත්:
තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං මහාපඨවි මහාසයනං අහොසි. හිමවා පබ්බතරාජා බිම්බොහනංඅහොසි. පුරත්ථිමෙ සමුද්දෙ වාමො හත්ථො ඔහිතො අහොසි. පච්ඡිමෙ සමුද්දෙ දක්ඛිණො හත්ථො ඔහිතො අහොසි. දක්ඛිණෙ සමුද්දෙ උභො පාදා ඔහිතා අහෙසුං. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං පඨමො මහාසුපිනො පාතුරහොසි.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ව වූවන්ට ම මෙ මහපොළොව මහ යහන් විය, හිමවූපවුරද කන්වයින් විය. පැදුම් සමුදුරෙහි වම්අත තබන ලදුයේ (පැදුම් සක්වළමත පිහිටියේ) විය. පැළදිග සමුදුරෙහි දකුණත තබන ලදුයේ (පැළදිගැ සක්වළමත පිහිටියේ) විය. දකුණු මුහුදෙහි උභයපාදයෝ තබන ලදහු දකුණු සක්වළමත පිහිටියහ. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවන්ට ම මෙ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
පුන චපරං භික්ඛවෙ තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො තිරියා නාම තිණජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසි. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං දුතියො මහාසුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට ම තිරිය නම් තෘණජාතියෙක් (බබුස් තණ) නැබින් පැනනැඟී අහසැ පැතිරැ සිටියේ විය. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට මැ මේ ද්විතීය මහාස්වප්නය පහළ විය.
පුන චපරං භික්ඛවෙ තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො සෙතා කිමී කණ්හසීසා පාදෙහි උස්සක්කිත්වා යාව ජාණුමණ්ඩලං පටිච්ඡාදෙසුං. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං තතියො මහාසුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ව වූවනට ම කළුහිස් ඇති ශ්වේත කෘමිහු (පණුවෝ) දෙපසින් නැඟී දණමඬුලු තෙක් වසා සිටගත්හ. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට මැ මේ තෘතීය මහාස්වප්නය පහළ විය.
පුන චපරං භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො චත්තාරො සකුණා නානාවණ්ණා චතූහි දිසාහි ආගන්ත්වා පාදමූලෙ නිපතිත්වා සබ්බසෙතා සම්පජ්ජිංසු. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං චතුත්ථො මහාසුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට නීලාදි නන් පැහැ ඇති සතර ලිහිණි කෙනෙක් සිව්දිගින් අවුදු පාමුල හෙවැ සර්‍වශ්වේතව ගියහ. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට මැ මේ සතරවන මහාස්වප්නය පහළ විය.
පුන චපරං භික්ඛවෙ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො මහතො මීළ්හපබ්බතස්ස උපරූපරිචඞ්කමති අලිප්පමානො මීළ්හෙන. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං පඤ්චමො මහාසුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයෝ සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවාහු ම මහාමීඨ (තියොදුන් වර්චස්) පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කරන්නාහ. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට ම මේ පස්වන මහාස්වප්නය පහළ විය.
යම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං මහාපඨවී මහාසයනං අහොසි, හිමවා පබ්බතරාජා බිම්බොහනං අහොසි, පුරත්ථිමෙ සමුද්දෙ වාමො හත්ථො ඔහිතො අහොසි, පච්ඡිමෙ සමුද්දෙ දක්ඛිණෙ හත්ථො ඔහිතො අහොසි, දක්ඛිණෙ සමුද්දෙ උභො පාදා ඔහිතා අහෙසුං, තථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන අනුත්තරා සම්මාසම්බොධි අභිසම්බුද්ධා, තස්සා අභිසම්බොධාය අයං පඨමො මහාසුපිනො පාතුරහොසි.
මහණෙනි, යම්හෙයෙකින් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට ම මේ මහපොළොව යහන් වී ද, හිමව්පව්රද කන්වයින් වී ද, පෙරදිග මහසයුරෙහි වම්අත තබන ලද වී ද, පැළදිග සයුරෙහි දකුණත තබන ලද වී ද, දකුණුමුහුදෙහි දෙපා තබන ලද වී ද, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධතථාගතයන් වහන්සේ විසින් අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණලද නම් ඒ අභිසම්බෝධියට (සර්වඥතා ඥාන, අනාවරණ ඥාන ආදියට) (පූර්වනිමිත්ත වූ) මේ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
යම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො තිරියා නාම තිණ ජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසි, තථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන අරියො අට්ඨඞ්ගිකො මග්ගො අභිසම්බුජ්ඣිත්වා යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතො, තස්ස අභිසම්බොධාය අයං දුතියො මහාසුපිනො පාතුරහොසි.
මහණෙනි, යම්හෙයෙකින් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට නැබින් තිරිය නම් තෘණජාතියෙක් පැනනැඟී අහස්හි පැතිරැ සිටියේ වී ද, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කොට යම්තාක් (නුවණැති) දෙවිමිනිසුන් කෙරෙහි මොනවට ප්‍රකාශ කරණ ලද නම්, ඒ ප්‍රකාශයාගේ අභිසම්බොධයට (පෙරනිමිති වූ) මෙ දෙවන මහා ස්වප්නය පහළ වීය.
යම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො සෙතා කිමී කණ්හසීසා පාදෙහි උස්සක්කිත්වා යාව ජාණුමණ්ඩලා පටිච්ඡාදෙසුං, බහූ භික්ඛවෙ, ගිහී ඔදාතවසනා තථාගතං පාණුපෙතං සරණං ගතා, තස්ස අභිසම්බොධාය අයං තතියො මහාසුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට ම කළුහිස් ඇති සුදු කෘමීහු දෙපසින් නැඟී දණමඬල තෙක් වසාසිටගත්හු නම්, මහණෙනි, සුදුවත් හඳනා බොහෝ ගිහියෝ තථාගතයන් දිවිහිම් කොට සරණ ගියාහු නම්, ඒ සරණගමනයාගේ අභිසම්බොධයට මේ තෙවන මහාස්වප්නය පහළ විය.
යම්පි භික්ඛවෙ තථාගතස්ස අරහතො, සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො චත්තාරො සකුණා නානාවණ්ණා චතූහි දිසාහි ආගන්ත්වා පාදමූලෙ නිපතිත්වා සබ්බසෙතා සම්පජ්ජිංසු, චත්තාරො මෙ භික්ඛවෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අනුත්තරං විමුත්තිං සච්ඡිකරොන්ති, තස්ස අභිසම්බොධාය අයං චතුත්ථො මහාසුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්වයෙහි ම සිවුදිගින් නන්පැහැ ඇති ලිහිණියෝ සතරදෙනෙක් අවුත් අනභිසම්බුද්ධ වූ බෝධිසත්වයන්ගේ පාමුල්හි හෙව සර්‍වශ්වේත වූවාහු නම්, මහණෙනි, ක්ෂත්රියයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහ යන මේ සතර වර්ණයෝ වෙත් නම් ඔහු ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත වූ ධර්මවිනය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිව අනුත්තර වූ විමුක්තිය සාක්ෂාත් කරන්නාහු නම්, එ අභිසම්බොධයට මේ සතරවන මහාස්වප්නය පහළ විය.
යම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහං සම්මාසම්බුද්ධො පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො මහතො මීළ්හපබ්බතස්ස උපරූපරි චඞ්කමති අලිප්පමානො මීළ්හෙන, ලාභී භික්ඛවෙ, තථාගතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, තත්ථ ච තථාගතො අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තස්ස අභිසම්බොධාය අයං පඤ්චමො මහා සුපිනො පාතුරහොසි.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝසත් වූවාහු ම මහාමීඨ පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ චීවරපිණ්ඩපාත ශයනාසන ගිලානප්‍රත්‍යයභෛෂජ්‍ය පරික්ෂාකාර ලාභී වෙත් නම්, එහිදු තථාගතයෝ නො ගැටුනාහු මුසපත් නො වූවාහු නො මැඩුනාහු ආදීනව දක්නාසුලු වූවාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු වළඳනාහු නම්, ඒ නිඃසරණ පරිභෝගයාගේ අභිසම්බොධයට මේ පස්වන මහාස්වප්නය පහළ විය.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො ඉමෙ පඤ්ච මහා සුපිනා පාතුරහෙසුන්ති.
මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්වයෙහිම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට ම මේ පඤ්චමහාස්වප්නයෝ පහළ වූහයි.