වස‍්සන‍්තරායසුත‍්තං
5. 4. 5. 7.
5. 4. 5. 7.
[වස‍්සන‍්තරායසුත‍්තං]
[වස්සනතරාය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
47. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, වස‍්සස‍්ස අන‍්තරායා, යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමති. කතමෙ පඤ‍්ච:
47. මහණෙනි, යම් වැසි අන්තරායක් නිමිත්තපාඨකයෝ නො දන්නාහු නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ චක්‍ෂුස නොවදනේ නම්, මේ ඒ වැසි අන්තරාය පසෙකි. කවර පසෙක යත්:
උපරි භික‍්ඛවෙ, ආකාසෙ තෙජොධාතු පකුප‍්පති, තෙන උප‍්පන‍්නා මෙඝා පටිවිගච‍්ඡන‍්ති. අයං භික‍්ඛවෙ, පඨමො වස‍්සස‍්ස අන‍්තරායො යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමති.
මහණෙනි, උස් අහස්හි තේජෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (වලා) දැවී පහව යෙත්. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, වැසි පිළිබඳ මේ ඒ පළමුවන අන්තරාය වෙයි.
පුන චපරං භික‍්ඛවෙ, උපරි ආකාසෙ වායොධාතු පකුප‍්පති තෙන උප‍්පන‍්නා මෙඝා පටිවිගච‍්ඡන‍්ති. අයං භික‍්ඛවෙ, දුතියො වස‍්සස‍්ස අන‍්තරායො, යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමති.
තවද මහණෙනි, උස් අහස්හි වායෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (විසිරී) පහව යෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ චක්‍ෂුස නො වදනේ නම්, මේ ඒ දෙවන වැසි අන්තරාය යි.
පුන චපරං භික‍්ඛවෙ, රාහු අසුරින්‍දො පාණිනා උදකං සම‍්පටිච‍්ඡිත්‍වා මහාසමුද‍්දෙ ඡඩ‍්ඩෙති. අයං භික‍්ඛවෙ, තතියො වස‍්සස‍්ස අන‍්තරායො, යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමති.
තවද මහණෙනි, රාහු අසුරෙන්‍ද්‍ර අත්ලෙන් දියගෙණ (උතුසමුට්ඨාන ජලය දොහොතින් ගෙණ) මහමුහුදෙහි හෙළන්නේය. මහණෙනි, නිමිත්තපාඨකයෝ යමක් නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ තෙවන වැසි අන්තරාය යි.
පුන චපරං භික‍්ඛවෙ, වස‍්සවලාහකා දෙවා පමත‍්තා හොන‍්ති. අයං භික‍්ඛවෙ, චතුත්‍ථො වස‍්සස‍්ස අන‍්තරායො, යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමති.
තවද මහණෙනි, වැසිවලාදෙවියෝ (කෙළිදෙලින්) ප්‍රමත්ත වෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ සතරවන වැසි අන්තරාය යි.
පුන චපරං භික‍්ඛවෙ, මනුස‍්සා අධම‍්මිකා හොන‍්ති. අයං භික‍්ඛවෙ, පඤ‍්චමො වස‍්සස‍්ස අන‍්තරායො, යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමති.
තවද මහණෙනි, මනුෂ්‍යයෝ අධාර්මික වෙති. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මේ ඒ පස්වන වැසි අන්තරාය යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වස‍්සස‍්ස අන‍්තරායා, යං නෙමිත‍්තා න ජානන‍්ති, යත්‍ථ නෙමිත‍්තානං චක‍්ඛුං න කමතීති.
මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මෙ ඒ වැසි අන්තරාය පසයි.