සුභාසිතවාචාසුත‍්තං
5. 4. 5. 8.
5. 4. 5. 8.
[සුභාසිතවාචාසුත‍්තං]
[සුභාසිතවාචා සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
48. පඤ‍්චහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි, සමන‍්නාගතා වාචා සුභාසිතා හොති, නො දුබ‍්භාසිතා, අනවජ‍්ජා ච අනනුවජ‍්ජා ච විඤ‍්ඤූනං. කතමෙහි පඤ‍්චහි:
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්‍භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:
කාලෙන ච භාසිතා හොති, සච‍්චා ච භාසිතා හොති, සණ‍්හා ච භාසිතා හොති, අත්‍ථසංහිතා ච භාසිතා හොති, මෙත‍්තචිත‍්තෙන ච භාසිතා හොති.
කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි. සත්‍යභාෂිත ද වෙයි. ශලක්‍ෂණභාෂිත ද (සිලුටු වචන) වෙයි. අර්‍ත්‍ථසංහිත භාෂිත ද වෙයි. මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ‍්භාසිතා, අනවජ‍්ජා ච අනනුවජ‍්ජා ච විඤ‍්ඤූනන‍්ති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වචනය සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.