යෙදුමෙන් කියවන්න

කුලසුත‍්තං

5. 4. 5. 9.

5. 4. 5. 9.

[කුලසුත‍්තං]

[කුල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

49. යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ සීලවන‍්තො පබ‍්බජිතා කුලං උපසඞ‍්කමන‍්ති, තත්‍ථ මනුස‍්සා පඤ‍්චහි ඨානෙහි බහුං පුඤ‍්ඤං පසවන‍්ති. කතමෙහි පඤ‍්චහි:

49. මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයකට එළඹෙත් නම්, එහි මිනිස්සු කරුණු පසෙකින් බොහෝ පින් ප්‍රසව කෙරෙත්. කවර පසෙකින් යත්:

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ සීලවන‍්තෙ පබ‍්බජිතෙ කුලං උපසඞ‍්කමන‍්තෙ මනුස‍්සා දිස‍්වා චිත‍්තානි පසාදෙන‍්ති, සග‍්ගසංවත‍්තනිකං භික‍්ඛවෙ, තං කුලං තස‍්මිං සමයෙ පටිපදං පටිපන‍්නං හොති.

මහණෙනි, යම් කලෙක මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක සිත් පහදවත් නම්, මහණෙනි, එ කුලය එ සමයෙහි ස්වර්‍ගය පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ සීලවන‍්තෙ පබ‍්බජිතෙ කුලං උපසඞ‍්කමන‍්තෙ මනුස‍්සා පච‍්චුට‍්ඨෙන‍්ති, අභිවාදෙන‍්ති, ආසනං දෙන‍්ති, උච‍්චාකුලීනසංවත‍්තනිකං භික‍්ඛවෙ, තං කුලං තස‍්මිං සමයෙ පටිපදං පටිපන‍්නං හොති.

මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක මනුෂ්‍යයෝ ප්‍රත්‍යුත්‍ථාන කෙරෙත් ද, (හුනස්නෙන් නැගිටිත් ද, අභිවාදනා කෙරෙත් ද, අසුන් දෙත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය උසස් කුලවත් බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ සීලවන‍්තෙ පබ‍්බජිතෙ කුලං උපසඞ‍්කමන‍්තෙ මනුස‍්සා මච‍්ඡෙරමලං පටිවිනොදෙන‍්ති, මහෙසක‍්ඛසංවත‍්තනිකං භික‍්ඛවෙ තං කුලං තස‍්මිං සමයෙ පටිපදං පටිපන‍්නං හොති.

මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මනුෂ්‍යයෝ මසුරුමල දුරු කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහායශෂ්ක (මහයස පිරිවර ඇතිවන) බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ, සීලවන‍්තෙ පබ‍්බජිතෙ කුලං උපසඞ‍්කමන‍්තෙ මනුස‍්සා යථාසත‍්ති යථාබලං සංවිභජන‍්ති, මහාභොගසංවත‍්තනිකං භික‍්ඛවෙ, තං කුලං තස‍්මිං සමයෙ පටිපදං පටිපන‍්නං හොති.

මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මිනිස්සු ශක්ති වූ පරිදි බල වූ පරිදි දාන සංවිභාග කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා භොග පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ සීලවන‍්තෙ පබ‍්බජිතෙ කුලං උපසඞ‍්කමන‍්තෙ මනුස‍්සා පරිපුච‍්ඡන‍්ති, පරිපඤ‍්හන‍්ති, ධම‍්මං සුණන‍්ති, මහා පඤ‍්ඤසංවත‍්තනිකං භික‍්ඛවෙ, තං කුලං තස‍්මිං සමයෙ පටිපදං පටිපන‍්නං හොති.

මහණෙනි, යම් සමයෙක්හි මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් පරිපෘච්ඡා කෙරෙත් ද, පරිප්‍රශ්න කෙරෙත් ද, (ඔවුන්ගෙන්) ධර්‍මය අසත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා ප්‍රඥා පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ සීලවන‍්තො පබ‍්බජිතා කුලං උපසඞ‍්කමන‍්ති, තත්‍ථ මනුස‍්සා ඉමෙහි පඤ‍්චහි ඨානෙහි බහුං පුඤ‍්ඤං පසවන‍්තීති.

මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයට එළඹෙත් නම්, එහි මිනිස්සු මෙ කරුණු පසින් බොහෝ පින් ප්‍රසව (රැස්) කරන්නාහයි.