යෙදුමෙන් කියවන්න

නිස‍්සාරණීය සුත‍්තං

5. 4. 5. 10.

5. 4. 5. 10.

[නිස‍්සාරණීය සුත‍්තං]

[නිස්සාරණීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

50. පඤ‍්චිමා භික‍්ඛවෙ, නිස‍්සාරණීයා ධාතුයො. කතමා පඤ‍්ච:

50. මහණෙනි, මේ නිස්සාරණීය ධාතුහු (නික්මීමෙහි - වෙන්වීමෙහි ධර්‍ම) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත‍්තං න පක‍්ඛන්‍දති. නප‍්පසීදති, න සංතිට‍්ඨති, න විමුච‍්චති. නෙක‍්ඛම‍්මං ඛො පනස‍්ස මනසිකරොතො නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දති, පසීදති, සන‍්තිට‍්ඨති. විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං සුවිසංයුත‍්තං කාමෙහි. යෙ ච කාමපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා, මුත‍්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක‍්ඛාතං කාමානං නිස‍්සරණං.

මහණෙනි, මෙ සස්නෙහි කාමයන් මෙනෙහි කරණ මහණහුගේ සිත කාමයන්හි නො බැසගන්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත (මිදුනේ) නො වන්නේ ය. (අශුභයෙහි ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යය මෙනෙහි කරණ ඔහුගේ සිත එහි බැසගන්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනොවට අශුභභාවනාවට ගියේ සුභාවිත වූයේ කාමයන්ගෙන් මොනවට නැඟීසිටියේ කාමයන්ගෙන් මොනොවට මිදුනේ කාමයන් කෙරෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි. කාමයන් හේතුකොට දුක් වූ පරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙ එ කාමවේදනා නො විඳුනේ ය. මෙ (අශුභධ්‍යානය) කාමයන්ගේ නිඃසරණය යි කියන ලද.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො ව්‍යාපාදං මනසිකරොතො ව්‍යාපාදෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. අව්‍යාපාදං ඛො පනස‍්ස මනසිකරොතො අව්‍යාපාදෙ චිත‍්තං පක‍්ඛන්‍දති, පසීදති, සන‍්තිට‍්ඨති, විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං සුවිසංයුත‍්තං ව්‍යාපාදෙන. යෙ ච ව්‍යාපාදපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා, මුත‍්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක‍්ඛාතං ව්‍යාපාදස‍්ස නිස‍්සරණං.

තවද මහණෙනි, ව්‍යාපාදය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නො හෙයි. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අව්‍යාපාදය මෙනෙහි කරණ ඔහුගේ සිත (මෛත්‍රීධ්‍යාන සඞ්ඛ්‍යාත) අව්‍යාපාදයෙහි පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ ඒ මෛත්‍රීධ්‍යාන චිත්තය මොනවට මෛත්‍රීධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට ව්‍යාපාදයෙන් නැඟී සිටියේ මොනවට අධිමුක්ත වූයේ ව්‍යාපාදයෙන් මොනවට විසංයුක්ත වෙයි. ව්‍යාපාදප්‍රත්‍යයයෙන් යම් දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ එයින් මුක්ත වෙයි. හෙ ඒ ව්‍යාපාදවේදනාව නො විඳුනේ ය. මෙ මෛත්‍රීධ්‍යාන ව්‍යාපාදනිඃසරණය යි කියන ලද.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. අවිහෙසං ඛො පනස‍්ස මනසිකරොතො අවිහෙසාය චිත‍්තං පක‍්ඛන්‍දති, පසීදති, සන‍්තිට‍්ඨති, විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං සුවිසංයුත‍්තං විහෙසාය. යෙ ච විහෙසාපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා, මුත‍්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක‍්ඛාතං විහෙසාය නිස‍්සරණං.

තවද මහණෙනි, විහිංසාව මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත විහිංසායෙහි නො බස්නේ ය. එහි නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. (කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත) අවිහිංසාව මෙනෙහි කරණ ඔහුගේ සිත කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත අවිහිංසායෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. මොනවට කරුණාවට ගිය ඔහුගේ එ සිත සුභාවිතය. මොනවට නැඟී සිටියේ ය. සුවිමුක්ත ය. විහිංසායෙන් මොනවට විසංයුක්ත ය. විහිංසාප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ ඔවුන්ගෙන් මුක්ත වයි. හෙ එ විහිංසා වේදනාව නො විඳුනේ ය. මේ කරුණාධ්‍යානය විහිංසාවගේ නිඃසරණය යි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො රූපං මනසිකරොතො රූපෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. අරූපං ඛො පනස‍්ස මනසිකරොතො අරූපෙ චිත‍්තං පක‍්ඛන්‍දති, පසීදති, සන‍්තිට‍්ඨති, විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං සුවිසංයුත‍්තං රූපෙහි. යෙ ච රූපපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා, මුත‍්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක‍්ඛාතං රූපානං නිස‍්සරණං.

තවද මහණෙනි, රූපය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ චිත්තය රූපයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අරූපාරම්මණය මෙනෙහි කරණ ඔහුගේ සිත අරූපධ්‍යානයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට අරූපධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වෙයි. රූප ප්‍රත්‍යය කොට දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් , හෙ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙතෙම එ වේදනා නො විඳුනේ ය. මෙ අරූප ධ්‍යානය රූපයන්ගේ නිස්සරණය යි කියන ලද.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො සක‍්කායං මනසිකරොතො සක‍්කායෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. සක‍්කායනිරොධං ඛො පනස‍්ස මනසිකරොතො සක‍්කායනිරොධෙ චිත‍්තං පක‍්ඛන්‍දති, පසීදති, සන‍්තිට‍්ඨති, විමුච‍්චති. තස‍්ස තං චිත‍්තං සුගතං සුභාවිතං සුවුට‍්ඨිතං සුවිමුත‍්තං සුවිසංයුත‍්තං සක‍්කායෙන. යෙ ච සක‍්කායපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා, මුත‍්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක‍්ඛාතං සක‍්කායස‍්ස නිස‍්සරණං.

තවද මහණෙනි සත්කාය (පඤ්චෝපාදානස්කන්‍ධය) මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත සත්කායයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහුගේ සිත සත්කායනිරෝධයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට සත්කායනිරෝධයට ගියේ සුභාවිත වූයේ මොනොවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ සත්කායයෙන් මොනවට විසංයුක්ත වෙයි. සත්කායප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙතෙම ඔවුන් කෙරෙන් මිදුනේ වෙයි. හෙ එ වේදනාව නො විඳුනේ ය. (අර්‍හත් ඵලසමාපත් සිත) සත්කායයාගේ නිඃසරණය යි කියන ලද.

තස‍්ස කාමනන්‍දිපි නානුසෙති, ව්‍යාපාදනන්‍දිපි නානුසෙති, විහෙසානන්‍දිපි නානුසෙති, රූපනන්‍දිපි නානුසෙති, සක‍්කායනන්‍දිපි නානුසෙති. සො කාමනන්‍දියාපි අනනුසයා, ව්‍යාපාදනන්‍දියාපි අනනුසයා විහෙසා නන්‍දියාපි අනනුසයා, රූපනන්‍දියාපි අනනුසයා, සක‍්කායනන්‍දියාපි අනනුසයා. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු නිරනුසයො අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සංයොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්ස.

ඔහුගේ කාමනන්‍දිය ද අනුශය (ඉපදීම) නො කෙරෙයි. ව්‍යාපාදනන්‍දිය ද අනුශය නො කෙරෙයි. විහිංසානන්‍දිය ද අනුශය නො කෙරෙයි. රූපනන්‍දිය ද අනුශය නො කෙරෙයි. සත්කායනන්‍දිය ද අනුශය නො කෙරෙයි. කාමනන්‍දිද අනුශය නො කිරීමෙන් ව්‍යාපාදනන්‍දි ද අනුශය නො කිරීමෙන් විහිංසානන්‍දි ද අනුශය නො කිරීමෙන් රූපනන්‍දි ද අනුශය නො කිරීමෙන් සත්කායනන්‍දිය ද අනුශය නො කිරීමෙන් මෙ මහණ අනුශය නැතියේ තෘෂ්ණාව මුලුසුන් කළේ යයි ද සංයෝජන මුලිනුදුරා ලූයේ යයි ද මැනවින් මානයාගේ ප්‍රහාණාභිසමයෙන් දුක් කෙළවර කෙළේයයි ද කියනු ලැබේ

ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච නිස‍්සාරණීයා ධාතුයොති.

මහණෙනි, මේ පඤ්චනිස්සාරණීය ධාතුහු යි.

සොණවග‍්ගො පඤ‍්චමො

සෝණවර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සොණො දොණො සඞ‍්ගාරවො කාරණපාලී ච පිඞ‍්ගියානී. සුපිනා ච වස‍්සා වාචා කුලං නිස‍්සාරණීයෙන චාති.

සෝණ සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, කාරණපාලි සූත්‍රය, පිඞ්ගියානී සූත්‍රය, මහා සුපින සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය, සුභාසිතවාචා සූත්‍රය, කුල සූත්‍රය, නිස්සාරණීය සූත්‍රය දැයි දසයෙකි.

චතුත්‍ථො පණ‍්ණාසකො සමත‍්තො.

සතරවන පණ්ණාසකය සමාප්තයි.