යෙදුමෙන් කියවන්න

කිම‍්බිලසුත‍්තං

5. 5. 1. 1.

5. 5. 1. 1.

[කිම‍්බිලසුත‍්තං]

[කිම්බිල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. එකං සමයං භගවා කිම‍්බිලායං විහරති, නිචෙලුවනෙ. අථ ඛො ආයස‍්මා කිම‍්බිලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා කිම‍්බිලො භගවන‍්තං එතදවොච:

1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල්වෙනෙහි වසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල (කෘමිලා) තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:

‘කො නු ඛො භන‍්තෙ, හෙතු කො පච‍්චයො, යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො න චිරට‍්ඨිතිකො හොතීති’.

වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යී.

ඉධ කිම‍්බිල, තථාගතෙ පරිනිබ‍්බුතෙ භික‍්ඛු භික‍්ඛුනියො උපාසකා උපාසිකායො සත්‍ථරි අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා. ධම‍්මෙ අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා, සඞ‍්ඝෙ අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා, සික‍්ඛාය අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා, අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සා. අයං ඛො කිම‍්බිල, හෙතු අයං පච‍්චයො, යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො න චිරට‍්ඨිතිකො හොතීති.

කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි භික්‍ෂුහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ සථරුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය (ආශ්‍රය) නැතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මේ (එයට) හේතු ය, මේ (එයට) ප්‍රත්‍යයයි.

කො පන භන‍්තෙ, හෙතු කො පච‍්චයො, යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො චිරට‍්ඨිතිකො හොතීති.

වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එයට හේතු කවරැ? එයට ප්‍රත්‍ය කවරැ?යි.

ඉධ කිම‍්බිල, තථාගතෙ පරිනිබ‍්බුතෙ භික‍්ඛූ භික‍්ඛුනියො උපාසකා උපාසිකායො සත්‍ථරි සගාරවා විහරන‍්ති සප‍්පතිස‍්සා. ධම‍්මෙ සගාරවා විහරන‍්ති සප‍්පතිස‍්සා, සඞ‍්ඝෙ සගාරවා විහරන‍්ති සප‍්පතිස‍්සා, සික‍්ඛාය සගාරවා විහරන‍්ති සප‍්පතිස‍්සා, අඤ‍්ඤමඤ‍්ඤං සගාරවා විහරන‍්ති සප‍්පතිස‍්සා. අයං ඛො කිම‍්බිල, හෙතු අයං පච‍්චයො, යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො චිරට‍්ඨිතිකො හොතී’ති.

කිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණහු මෙහෙණහු උවසුහු උවැසියෝ ශාස්තෲන් කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. උනුනට ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මේ එයට හේතු ය, මේ එයට ප්‍රත්‍යය යි.