යෙදුමෙන් කියවන්න

1. කිම‍්බිලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. කිම්බිල වර්ගය

1. කිම‍්බිලසුත‍්තවණ‍්ණනා

1. කිම්බිල සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ කිමිලායන‍්ති එවංනාමකෙ නගරෙ. නිචුලවනෙති මුචලින්‍දවනෙ. එතදවොචාති අයං කිර ථෙරො තස‍්මිංයෙව නගරෙ සෙට‍්ඨිපුත‍්තො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා පුබ‍්බෙනිවාසඤාණං පටිලභි. සො අත‍්තනා නිවුත්‍ථං ඛන්‍ධසන‍්තානං අනුස‍්සරන‍්තො කස‍්සපදසබලස‍්ස සාසනොසක‍්කනකාලෙ පබ‍්බජිත්‍වා චතූසු පරිසාසු සාසනෙ අගාරවං කරොන‍්තීසු නිස‍්සෙණිං බන්‍ධිත්‍වා පබ‍්බතං ආරුය‍්හ තත්‍ථ සමණධම‍්මං කත්‍වා අත‍්තනො නිවුත්‍ථභාවං අද‍්දස. සො “සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා තං කාරණං පුච‍්ඡිස‍්සාමී”ති එතං “කො නු ඛො, භන‍්තෙ”තිආදිවචනං අවොච.

පස්වැනි පණ්ණාසකයේ පළමු සූත්‍රයෙහි කිම්බිලායං යනු එබඳු නම් ඇති නුවරෙහිය, නිවෙලුවනෙ යනු මුචලින්ද වනයෙහියි, එතදවොච යනු මේ තෙරුන් වහන්සේ එනුවරෙහිම සිටු පුතෙකි, ශාස්තෲන් සමීපයෙහි පැවිදිව පෙර විසූ කඳපිළිවෙල පිළිබඳ නුවණ ලැබීය, හෙතෙම තමා විසූ ස්කන්‍ධ පරම්පරාව සිහි කරන්නේ කාශ්‍යප දශබලයන් වහන්සේගේ සසුන පිරිහෙමින් තිබූ කාලයෙහි පැවිදිව සිවු පිරිස සසුනෙහි නිගරු කරන කාලයෙහි හිණක් බැද පව්වකට නැග එහි මහණදම් කොට තමා විසු බව දුටුවේය, හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත එළඹ එකරුණ විමසමැයි මේ “කො නු ඛො භන්තෙ” යන වචනය කීවේය.

සත්‍ථරි අගාරවා විහරන‍්ති අප‍්පතිස‍්සාති සත්‍ථරි ගාරවඤ‍්චෙව ජෙට‍්ඨකභාවඤ‍්ච අනුපට‍්ඨපෙත්‍වා විහරන‍්ති. සෙසෙසුපි එසෙව නයො. තත්‍ථ චෙතියඞ‍්ගණාදීසු ඡත‍්තං ධාරෙත්‍වා උපාහනා ආරුය‍්හ විචරන‍්තො නානප‍්පකාරඤ‍්ච නිරත්‍ථකකථං කථෙන‍්තො සත්‍ථරි අගාරවො විහරති නාම. ධම‍්මස‍්සවනග‍්ගෙ පන නිසීදිත්‍වා නිද‍්දායන‍්තො චෙව නානප‍්පකාරඤ‍්ච නිරත්‍ථකකථං කථෙන‍්තො ධම‍්මෙ අගාරවො විහරති නාම. සඞ‍්ඝමජ‍්ඣෙ බාහාවික‍්ඛෙපකං නානත‍්තකථං කථෙන‍්තො ථෙරනවමජ‍්ඣිමෙසු ච චිත‍්තීකාරං අකරොන‍්තො සඞ‍්ඝෙ අගාරවො විහරති නාම. සික‍්ඛං අපරිපූරෙන‍්තො සික‍්ඛාය අගාරවො විහරති නාම. අඤ‍්ඤමඤ‍්ඤං කලහභණ‍්ඩනාදීනි කරොන‍්තො අඤ‍්ඤමඤ‍්ඤං අගාරවො විහරති නාම.

සත්‍ථරි අගාරවා විහරන්ති අප්පතිස්ස යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය ජ්‍යෙෂ්ඨභාවය ද නොඑළවා වාසය කරත්, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි. එහි සෑමිදුල් ආදියෙහි සත් දරා පාවහන් පැළඳ හැසිරෙන්නේ නොයෙක් ආකාර ඇති නිරර්ථක කථා කියන්නේ ශාස්තෲන් කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, දහම් අසන හලෙහි හිඳගෙන නිදියන්නේ ද නොයෙක් ආකාර නිරර්ථක කථා කියන්නේ ද ධර්‍මය කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, සඟ මැඳ දෙඅත් විසුරුවන නොයෙක් කථා කියන්නේ ස්ථවිර නවක මධ්‍යම භික්ෂූන් කෙරෙහි ගෞරව නොකරන්නේ සඞ්ඝයා කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, ශික්ෂාව නොපුරන්නේ ශික්ෂාවට අගෞරවයෙන් වසන්නේ නමි, ඔවුනොවුන් කලහ ආරවුල් ආදිය කරන්නේ ඔවුනොවුනට අගෞරවයෙන් වසයි නමි,

දුතියං උත‍්තානත්‍ථමෙව.

දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය

3-4. ආජානීයසුත‍්තාදිවණ‍්ණනා

3-4. අජානීය ආදි සූත්‍ර වර්ණනා

තතියෙ අජ‍්ජවෙනාති උජුභාවෙන අවඞ‍්කගමනෙන. ජවෙනාති පදජවෙන. මද‍්දවෙනාති සරීරමුදුතාය. ඛන‍්තියාති අධිවාසනක‍්ඛන‍්තියා. සොරච‍්චෙනාති සුචිසීලතාය. භික‍්ඛුවාරෙ අජ‍්ජවන‍්ති ඤාණස‍්ස උජුකගමනං. ජවොති සූරං හුත්‍වා ඤාණස‍්ස ගමනභාවො. මද‍්දවන‍්ති සීලමද‍්දවං. ඛන‍්තීති අධිවාසනක‍්ඛන‍්තියෙව. සොරච‍්චං සුචිසීලතායෙව. චතුත්‍ථෙ පඤ‍්ච බලානි මිස‍්සකානි කථිතානි.

තෙවැන්නෙහි අජ්ජවෙන යනු සෘජු බැවිනි, අවංක ගමනිනි, ජවෙන යනු පාදජවයෙනි, මද්දවෙන යන සිරුරේ බුදුබවිනි, ඛන්තියා යනු ඉවසීමේ ක්‍ෂාන්තියෙනි, සොරච්චෙන යනු පිරිසුදු සිල් ඇති බැවිනි, භික්‍ෂූන් පිළිබඳ වාරයෙහි අජ්ජවං යන ඥානයේ සෘජුගමනයි, ජවො යනු ශූරයකු වී ඥානය උසුලන බවයි, මද්දවං යනු ශීලයෙන් මෘදුබවයි, ඛන්ති යනු අධිවාසන ක්‍ෂාන්තියමයි, සොරච්චං යනු පිරිසුදු සිල් ඇති බවමයි, සිවුවැන්නෙහි පඤ්ච බලයෝ මිශ්‍රකව කියන ලදහ.

5. චෙතොඛිලසුත‍්තවණ‍්ණනා

5. චෙතොඛිල සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ චෙතොඛිලාති චිත‍්තස‍්ස ථද‍්ධභාවා, කචවරභාවා, ඛාණුකභාවා. සත්‍ථරි කඞ‍්ඛතීති සත්‍ථු සරීරෙ වා ගුණෙ වා කඞ‍්ඛති. සරීරෙ කඞ‍්ඛමානො “ද‍්වත‍්තිංසවරපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං නාම සරීරං අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති, ගුණෙ කඞ‍්ඛමානො “අතීතානාගතපච‍්චුප‍්පන‍්නජානනසමත්‍ථං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. විචිකිච‍්ඡතීති විචිනන‍්තො කිච‍්ඡති, දුක‍්ඛං ආපජ‍්ජති, විනිච‍්ඡෙතුං න සක‍්කොති. නාධිමුච‍්චතීති එවමෙතන‍්ති අධිමොක‍්ඛං න පටිලභති. න සම‍්පසීදතීති ගුණෙසු ඔතරිත්‍වා නිබ‍්බිචිකිච‍්ඡභාවෙන පසීදිතුං අනාවිලො භවිතුං න සක‍්කොති. ආතප‍්පායාති කිලෙසසන‍්තාපකවීරියකරණත්‍ථාය. අනුයොගායාති පුනප‍්පුනං යොගාය. සාතච‍්චායාති සතතකිරියාය. පධානායාති පදහනත්‍ථාය. අයං පඨමො චෙතොඛිලොති අයං සත්‍ථරි විචිකිච‍්ඡාසඞ‍්ඛාතො පඨමො චිත‍්තස‍්ස ථද‍්ධභාවො එවමෙතස‍්ස භික‍්ඛුනො අප‍්පහීනො හොති.

පස්වැන්නෙහි චෙතොඛිලා යනු සිතේ තද බවයි, නිසරු බවයි, දැඩිබවයි, සත්‍ථරි කඞ්ඛති යනු ශාස්තෲන් වහන්සේගේ ශරීරය පිළිබඳව හෝ ගුණය පිළිබඳව සැකකරයි, සිරුරෙහි සැක කෙරෙන්නේ දෙතිස් උතුම් ලකුණවලින් යුත් සිරුරක් ඇත්ද නැද්දැයි සැක කරයි, ගුණයෙහි සැක කෙරෙන්නේ අතීත අනාගත වර්‍තමානයන් ගැනීමට සමත් සර්‍වඥතා ඥානයක් ඇත්ද නැද්දැයි සැක කරයි, විචිකිච්ඡති යනු විමසමින් දුෂ්කර බවට පත්වෙයි, දුකට පත් වෙයි, විනිශ්චය කිරීමට නොහැකි වෙයි, නාධිමුච්චති යනු මෙය මෙසේයයි නිශ්චයක් නොලබයි, න සම්පසීදති යනු ගුණයන්හි බැස නිසැක බවින් පැහැදීමට, නොකැලඹුනකු වීමට නොහැකි වෙයි, ආතප්පාය යනු කෙලෙස් තවන වීර්යකිරීම සඳහාය, අනුයොගාය යනු නැවත නැවත යෙදීම සඳහාය, සාතච්චාය යනු නිබඳ කිරීම සඳහායි, පධානාය යනු වීර්ය වඩනු සඳහායි, අයං පඨමො චෙතොඛිලා යනු මෙය ශාස්තෲන් කෙරෙහි සැක කිරීම් සංඛ්‍යාත වූ පළමු වැනි සිතේ දැඩිබව මෙසේ මේ භික්ෂුවගේ ප්‍රහීනවූයේ නොවෙයි,

ධම‍්මෙති පරියත‍්තිධම‍්මෙ ච පටිවෙධධම‍්මෙ ච. පරියත‍්තිධම‍්මෙ කඞ‍්ඛමානො “තෙපිටකං බුද‍්ධවචනං චතුරාසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානීති වදන‍්ති, අත්‍ථි නු ඛො එතං නත්‍ථී”ති කඞ‍්ඛති. පටිවෙධධම‍්මෙ කඞ‍්ඛමානො “විපස‍්සනානිස‍්සන්‍දො මග‍්ගො නාම, මග‍්ගනිස‍්සන්‍දං ඵලං නාම, සබ‍්බසඞ‍්ඛාරපටිනිස‍්සග‍්ගො නිබ‍්බානං නාමාති වදන‍්ති, තං අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. සඞ‍්ඝෙ කඞ‍්ඛතීති “උජුප‍්පටිපන‍්නො”තිආදීනං පදානං වසෙන “එවරූපං පටිපදං පටිපන‍්නො චත‍්තාරො මග‍්ගට‍්ඨා චත‍්තාරො ඵලට‍්ඨාති අට‍්ඨන‍්නං පුග‍්ගලානං සමූහභූතො සඞ‍්ඝො නාම අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. සික‍්ඛාය කඞ‍්ඛමානො “අධිසීලසික‍්ඛා නාම අධිචිත‍්තඅධිපඤ‍්ඤාසික‍්ඛා නාමාති වදන‍්ති, සා අත්‍ථි නු ඛො නත්‍ථී”ති කඞ‍්ඛති. අයං පඤ‍්චමොති අයං සබ්‍රහ‍්මචාරීසු කොපසඞ‍්ඛාතො පඤ‍්චමො චිත‍්තස‍්ස ථද‍්ධභාවො කචවරභාවො ඛාණුකභාවො.

ධම්මෙ යන පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි හා ප්‍රතිවෙධ ධර්‍මයෙහියි, පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි සැක කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය අසූහාරදහසක් ධර්‍මස්කන්ධයකැයි කියති. මෙය ඇත්ද නැද්දැයි සැකකරයි, ප්‍රතිවෙධ ධර්‍මයෙහි සැකකරන්නේ විදර්‍ශනාවේ ප්‍රතිඵලය මාර්‍ගය නමි මාර්‍ගයේ ප්‍රතිඵලය ඵලය නමි, සියලු සංස්කාර අතහැරීම නිවන නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැක කරයි, සඞ්ඝෙ කඞ්ඛති යනු සෘජු ප්‍රතිපන්න ආදි පදයන්ගේ වශයෙන් මෙබඳු වූ පිළිවෙතකට පිළිපන් සතර මාර්‍ගස්ථයෝය සතර ඵලස්ථයෝයි පුද්ගලයන් අටදෙනාගේ සමුහය වූ සංඝයා නම් ඇත්ද නැද්දැයි සැක කරයි, ශික්‍ෂාවෙහි සැක කරන්නේ අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂායි නමැයි කියත්, එය ඇත්ද නැද්දැයි සැකකරයි: අයං පඤ්චමො යනු මේ සබ්‍රහ්මචාරීන් අතුරෙහි කෝප සංඛ්‍යාත පස්වැනි වූ සිතේ තදබවයි, කිළිටි බවයි, දැඩිබවයි.

6. විනිබන්‍ධසුත‍්තවණ‍්ණනා

6. විනිබන්ධ සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ චෙතසොවිනිබන්‍ධාති චිත‍්තං විනිබන්‍ධිත්‍වා මුට‍්ඨියං කත්‍වා විය ගණ‍්හන‍්තීති චෙතසොවිනිබන්‍ධා. කාමෙති වත්‍ථුකාමෙපි කිලෙසකාමෙපි. කායෙති අත‍්තනො කායෙ. රූපෙති බහිද‍්ධාරූපෙ. යාවදත්‍ථන‍්ති යත‍්තකං ඉච‍්ඡති, තත‍්තකං. උදරාවදෙහකන‍්ති උදරපූරං. තඤ‍්හි උදරං අවදෙහනතො උදරාවදෙහකන‍්ති වුච‍්චති. සෙය්‍යසුඛන‍්ති මඤ‍්චපීඨසුඛං, උතුසුඛං වා. පස‍්සසුඛන‍්ති යථා සම‍්පරිවත‍්තකං සයන‍්තස‍්ස දක‍්ඛිණපස‍්ස වාමපස‍්සානං සුඛං හොති, එවං උප‍්පන‍්නසුඛං. මිද‍්ධසුඛන‍්ති නිද‍්දාසුඛං. අනුයුත‍්තොති යුත‍්තප‍්පයුත‍්තො විහරති. පණිධායාති පත්‍ථයිත්‍වා. සීලෙනාතිආදීසු සීලන‍්ති චතුපාරිසුද‍්ධිසීලං. වතන‍්ති වතසමාදානං. තපොති තපචරණං. බ්‍රහ‍්මචරියන‍්ති මෙථුනවිරති. දෙවො වා භවිස‍්සාමීති මහෙසක‍්ඛදෙවො වා භවිස‍්සාමි. දෙවඤ‍්ඤතරො වාති අප‍්පෙසක‍්ඛදෙවෙසු වා අඤ‍්ඤතරොති.

සැවැන්නෙහි චෙතසො විනිබන්ධා යනු සිත එකට බැඳ මිටක් කොට ගන්නාක් මෙන් ගනිත්යැයි චෙතසො විනිබන්ධා නමි, කාමෙ යනු වස්තුකාමයන්හි හා ක්ලෙශ කාමයන්හියි, කායෙ යනු තමන්ගේ සිරුරෙහියි, රූපෙ යනු බාහිර රූපයෙහියි, යාවදත්‍ථං යනු යම් පමණක් කැමති ද එපමණකි, උදරාවදෙහකං යනු බඩපුරවන්නාවූයි, එය වනාහි කුස පුරා සිටින බැවින් උදරාවදෙහක යයි කියනු ලැබේ, සෙය්‍යසුඛං යනු ඇඳ පුටුවල සුවය සහ සෘතු සුවයයි, පස්සසුඛං යනු යම්සේ හැරෙමින් නිදන්නාට දකුණුපස වම්පස වශයෙන් සුවයක් වේද එසේ උපන් සුවයයි, මිද්ධසුඛං යනු නිදිසුවයයි, අනුයුත්තො යනු යෙදී වසයි, පණිධාය යනු ප්‍රාර්‍ත්‍ථනා කොටයි, සීලෙන යනාදී තන්හි සීලං යනු සිවුපිරිසුදු සිල්ය, වතං යනු ව්‍රත සමාදානයයි, තපො යනු තපස් හැසීමයි, බ්‍රහ්මචරියං යනු මෛථුන විරතියයි, දෙවො වා භවිස්සාමි යනු මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි, දෙවඤ්ඤතරො ච යනු අල්පෙශාක්‍ය දෙවියන් අතුරෙහි කිසියම් දෙවියෙකියි.

7. යාගුසුත‍්තවණ‍්ණනා

7. යාගු සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ වාතං අනුලොමෙතීති වාතං අනුලොමෙත්‍වා හරති. වත්‍ථිං සොධෙතීති ධමනියො සුද‍්ධා කරොති. ආමාවසෙසං පාචෙතීති සචෙ ආමාවසෙසකං හොති, තං පාචෙති.

සත්වැන්නෙහි වාතං අනුලොමෙති යනු සුළඟ අනුලොම්ව ගෙනයයි, වත්‍ථිං සොධෙති යනු ධමනීන් පිරිසුදු කරයි, ආමාවසෙසං පාවෙති යනු ඉදින් කුස තුළ ඉතිරි දෙයක් වේද එය පැසවයි.

8. දන‍්තකට‍්ඨසුත‍්තවණ‍්ණනා

8. දන්තකට්ඨ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අචක‍්ඛුස‍්සන‍්ති න චක‍්ඛූනං හිතං, චක‍්ඛුං විසුද‍්ධං න කරොති.

අටවැන්නෙහි අචක්ඛුස්සං යනු ඇස්වලට හිතනොවූයි, ඇස පිරිසුදු නොකරයි,

9. ගීතස‍්සරසුත‍්තවණ‍්ණනා

9. ගීතස්සර සූත්‍ර වර්ණනාව

නවමෙ ආයතකෙනාති දීඝෙන, පරිපුණ‍්ණපදබ්‍යඤ‍්ජනකං ගාථාවත‍්තඤ‍්ච විනාසෙත්‍වා පවත‍්තෙන. සරකුත‍්තිම‍්පි නිකාමයමානස‍්සාති එවං ගීතස‍්සරො කාතබ‍්බොති සරකිරියං පත්‍ථයමානස‍්ස. සමාධිස‍්ස භඞ‍්ගො හොතීති සමථවිපස‍්සනාචිත‍්තස‍්ස විනාසො හොති.

නවවැන්නෙහි ආයතකෙන යනු දිගෙනි, පිරිපුන් පදව්‍යංජන බව ද ගාථාවෘත්තය ද වනසා පැවති දෙයිනි, සරකුත්තිම්පි නිකාමයමානස්ස යනු මෙසේ ගීතස්වරය කළයුතුයි ස්වරකෘත්‍යය කැමති වන්නාගේයි, සමාධිස්ස භඞ්ගො හොති යනු සමථ විදර්‍ශනා සිතේ විනාශය වෙයි.

10. මුට‍්ඨස‍්සති සුත‍්තවණ‍්ණනා

10. මුට්ඨස්සති සූත්‍ර වර්ණනාව

දසමෙ දුක‍්ඛං සුපතීති නානාවිධං සුපිනං පස‍්සන‍්තො දුක‍්ඛං සුපති. දුක‍්ඛං පටිබුජ‍්ඣතීති පටිබුජ‍්ඣන‍්තොපි උත‍්තසිත්‍වා සලොමහංසො පටිබුජ‍්ඣති. ඉමස‍්මිං සුත‍්තෙ සතිසම‍්පජඤ‍්ඤං මිස‍්සකං කථිතං.

දසවැන්නෙහි දුක්ඛං සුපති යනු නොයෙක් සිහින දකිමින් දුකසේ නිදයි, දුක්ඛං පටිබුජ්ඣති යනු අවදි වන්නේද තැතිගෙන ලොමුදැහැ ගැනීම් ඇතිව අවදිවෙයි, මේ සූත්‍රයෙහි සිහිනුවණ මිශ්‍රකව කියන ලදි.

කිමිලවග‍්ගො පඨමො.

පළමුවැනි වර්‍ගයයි.