චෙතොඛිලසුත‍්තං
5. 5. 1. 5.
5. 5. 1. 5.
[චෙතොඛිලසුත‍්තං]
[චේතෝඛිල සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
5. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, චෙතොඛිලා. කතමෙ පඤ‍්ච:
5. මහණෙනි, මෙ චේතෝඛිල (සිත්හි තදබැව්) පසෙක. කවර පසෙක යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ, භික‍්ඛු සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්ථරුන් කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. අධිමෝක්‍ෂ නො කෙරෙයි. ප්‍රසාද නො කෙරෙයි. මහණෙනි, යම් මහණෙක් ස්ථරුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, අධිමෝක්‍ෂ නො කෙරේ ද, සම්ප්‍රසාදය නො කෙරේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේ නම්, මේ ප්‍රථම චේතෝඛිල යි.
පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙ කඞ‍්ඛති -පෙ- [තස‍්ස චිත‍්තං න නමති -පෙ- අයං දුතියො චෙතොඛිලො.] සඞ‍්ඝෙ කඞ‍්ඛති -පෙ- [තස‍්ස චිත‍්තං න නමති -පෙ- අයං තතියො චෙතො ඛිලො]. සික‍්ඛාය කඞ‍්ඛති -පෙ- [තස‍්ස චිත‍්තං න නමති -පෙ- අයං චතුත්‍ථො චෙතො ඛිලො.] සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනො ආහතචිත‍්තො ඛිලජාතො. යො සො භික‍්ඛවෙ, භික‍්ඛු සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනො ආහතචිත‍්තො ඛිලජාතො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඤ‍්චමො චෙතොඛිලො.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි සැක කරයි ... [ඔහුගේ සිත ... නො නැමෙයි ... මේ දෙවන චේතෝඛිලයි] සඟුන් කෙරෙහි සැක කරයි. ... [ඔහුගේ සිත ... නොනැමෙයි ... මේ තුන්වන චේතෝඛිලයි]. ශික්‍ෂායෙහි සැක කරයි ... [ඔහු ගේ සිත ... නො නැමෙයි. මේ සතරවන චේතෝඛිලයි]. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇතියේ ගැටුනු සිත් ඇතියේ හටගත් (ක්‍රෝධ) හුල් ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ගැටුනුසිත් ඇතියේ හටගත් හුල් ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේද, මෙ පස්වන චේතෝඛිල යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච චෙතොඛිලාති.
මහණෙනි, මෙ චේතෝඛිල පසයි.