යෙදුමෙන් කියවන්න

විනිබන්‍ධසුත‍්තං

5. 5. 1. 6.

5. 5. 1. 6.

[විනිබන්‍ධසුත‍්තං]

[විනිබන්‍ධ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

6. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, චෙතසො විනිබන්‍ධා කතමෙ පඤ‍්ච:

6. මහණෙනි, මේ චිත්තයාගේ විනිබන්‍ධයෝ (සිත වෙළා බැඳලන ධර්‍මයෝ) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කාමෙසු අවිගතරාගො හොති, අවිගතඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ, භික‍්ඛු කාමෙසු අවිගතරාගො හොති, අවිගතඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. අයං පඨමො චෙතසො විනිබන්‍ධො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙහි නො පහවූ රාග ඇතියේ නො පහවූ ඡන්‍ද ඇතියේ නො පහවූ ප්‍රේම ඇතියේ නො පහවූ පිපාසා ඇතියේ නො පහවූ පරිදාහ ඇතියේ නො පහවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ම මහණෙක් කාමයන්හි අවිගත රාග ඇතියේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගත ප්‍රේම ඇතියේ අවිගත පිපාසා ඇතියේ අවිගත පරිදාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. මෙ චිත්තයාගේ ප්‍රථම විනිබන්‍ධ වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ අවිගතරාගො හොති, -පෙ- [අයං දුතියො චෙතසො විනිබන්‍ධො] -පෙ- රූපෙ අවිගතරාගො හොති -පෙ- [අයං තතියො චෙතසො විනිබන්‍ධො] -පෙ- යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති -පෙ- [අයං චතුත්‍ථො චෙතසො විනිබන්‍ධො] -පෙ- අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති: ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා’ති. යො සො භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති : ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙනවා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා’ති. තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඤ‍්චමො චෙතසො විනිබන්‍ධො.

තවද මහණෙනි, ස්වකීය කායයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ දෙවන විනිබන්‍ධය වේ] ... බාහිර රූපයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ තෙවන විනිබන්‍ධය වේ.] ... කැමති තාක් කුස්පුරා අහර වළඳා ශය්‍යාසුඛයෙහි හා පාර්‍ශවසුඛයෙහි හා නිද්‍රාසුඛයෙහි හා යෙදුනේ වාසය කරයි ... [චිත්තයාගේ මේ සිව්වන විනිබන්‍ධය වේ.] … අන්‍යතර දේවනිකායක් පතා ‘මම මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තවසින් වේවයි බ්‍රම්සරින් වේවයි මහායශස්ක දෙවියෙක් හෝ (අල්පයශසක දෙවියන් අතර) අප්‍රකට දෙවියෙක් හෝ වන්නෙමි’ යි බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේය. මහණෙනි, යම් මහණෙක් මම් මේ සිවුපිරිසිදු සිලින් වේවයි ව්‍රතසමාදානයෙන් වේවයි තපචරණයෙන් වේවයි දේවයෙක් හෝ අන්‍යතර දේවයෙක් හෝ වන්නෙමි’යි එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම්, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමෙකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම්, චිත්තයාගේ මේ පස්වන විනිබන්‍ධ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච චෙතසො විනිබන්‍ධාති.

මහණෙනි, මොහු පස්දෙන චිත්තයාගේ විනිබන්‍ධයෝ යි.