යාගුසුත්තං
5. 5. 1. 7.
5. 5. 1. 7.
[යාගුසුත්තං]
[යාගු සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
7. පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා යාගුයා. කතමෙ පඤ්ච:
7. මහණෙනි, හුළුකැන්හි (කැඳෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
ඛුදං පටිහන්ති, පිපාසං පටිවිනෙති, වාතං අනුලොමෙති, වත්ථිං සොධෙති, ආමාවසෙසං පාචෙති.
සාගිනි නසයි, පවස දුරුකෙරෙයි, වාතය අනුලොම් (කොට බැහැර) කෙරෙයි, වස්තිය (ධමනීන්) ශුද්ධ කෙරෙයි, ආමාවශේෂය (නො පැසී ඉතිරි ආහාරය) පැසව යි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා යාගුයාති.
මහණෙනි, හුළුකැන්හි මේ අනුසස් පසයි.
5. 5. 1. 8.
5. 5. 1. 8.
[දන්තකට්ඨසුත්තං]
[දන්තකට්ඨ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
8. පඤ්චිමෙ භික්ඛවෙ, ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ. කතමෙ පඤ්ච:
8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:
අචක්ඛුස්සං, මුඛං දුග්ගන්ධං හොති, රසහරණියො න විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං පරියොනන්ධති, භත්තමස්ස නච්ඡාදෙති.
ඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ.
මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, දැහැටි වැළඳීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
චක්ඛුස්සං, මුඛං න දුග්ගන්ධං හොති, රසහරණියො විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං න පරියොනන්ධති, භත්තමස්ස ඡාදෙති.
ඇසට හිත වෙයි, මුව දුඟඳ නො වෙයි, රසනහර පිරිසිදු වෙත්, පිත්සෙම් බත නො අවුරාලයි, ඔහට බත රිසියෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙති.
මහණෙනි, මේ දැහැටි වැළඳීමෙහි අනුසස් පස යි.
5. 5. 1. 9.
5. 5. 1. 9.
[ගීතස්සරසුත්තං]
[ගීතස්සර සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
9. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං භණන්තස්ස. කතමෙ පඤ්ච:
9. මහණෙනි, දීර්ඝ ගීතස්වරයෙන් (ගාථා වෘත්තය වනසා) දහම් බණනුවහට මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
අත්තනාපි තස්මිං සරෙ සාරජ්ජති, පරෙපි තස්මිං සරෙ සාරජ්ජන්ති, ගහපතිකාපි උජ්ඣායන්ති: ‘යථෙව මයං ගායාම, එවමෙව ඉමෙ සමණා සක්කියපුත්තියා ගායන්තී’ති, සරකුත්තිම්පි නිකාමයමානස්ස සමාධිස්ස භඞ්ගො හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති.
තෙමේත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති. “අපි යම් සේ ගයමෝ නම්, මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ද එසෙයින් ම ගයති” යි ගෙහෙවියෝ ද අවඥා කෙරෙත්. ස්වරාකෘතිය පතන්නහුගේ සමාධිභේදය ද වෙයි. පශ්චිම ජනතාව (එය ආදර්ශයට ගෙණ) දෘෂ්ටානුගතියට පැමිණෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං භණන්තස්සාති.
මහණෙනි, දීර්ඝ ගීතස්වරයෙන් දහම් බණනුවහට මේ දොස්පස වේ යයි.
5. 5. 1. 10.
5. 5. 1. 10.
[මුට්ඨස්සති සුත්තං]
[මුට්ඨස්සති සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
10. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො. කතමෙ පඤ්ච:
10. මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා (ප්රත්යවේක්ෂා) නුවණ නැතිව නින්දට වැටෙනුවහට මෙ දොස් පසෙකි. කවර පසෙක යත්:
දුක්ඛං සුපති, දුක්ඛං පටිබුජ්ඣති, පාපකං සුපිනං පස්සති, දෙවතා න රක්ඛන්ති, අසුචි මුච්චති.
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව්සිහින දක්නේ ය. දෙවියෝ නොරක්නාහ. අශූචි (ශුක්‍ර) මිදෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො.
මහණෙනි, නට සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට වැටෙනුවහට මේ දොස් පස වෙයි.
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා උපට්ඨිතසතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතො. කතමෙ පඤ්ච:
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, දෙවතා රක්ඛන්ති, අසුචි න මුච්චති.
සුවසේ හොවියි. සුවසේ පිබිදෙයි. ලමු සිහින නොදක්නේය. දෙවියෝ රක්නාහ. අශූචි නො මිදෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා උපට්ඨිතසතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතොති.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසයි.
කිම්බිලවග්ගො පඨමො.
කිම්බිලවර්‍ගය පළමුවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
කිම්බිලො ධම්මසවණං ආජානීයො බලං ඛිලං විනිබන්ධං යාගු කට්ඨං ගීතං මුට්ඨස්සතිනා චාති.
කිම්බිල සූත්‍රය, ධම්මසවණ සූත්‍රය, ආජානීය සූත්‍රය, බල සූත්‍රය, චේතෝඛිල සූත්‍රය, චේතෝවිනිබන්ධ සූත්‍රය, යාගු සූත්‍රය, දන්තකට්ඨ සූත්‍රය, ගීතස්සර සූත්‍රය, මුට්ඨස්සති සූත්‍රය දැයි දශයෙකි.