යෙදුමෙන් කියවන්න

අක‍්කොසකසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 5. 2. 1.

5. 5. 2. 1.

[අක‍්කොසකසුත‍්තං]

[අක්කෝසක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. යො සො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ‍්මචාරීනං, තස‍්ස පඤ‍්ච ආදීනවා පාටිකඞ‍්ඛා. කතමෙ පඤ‍්ච:

11. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන්ට ආක්‍රෝශ පරිභව කරන්නේ ආර්‍ය්‍යනට උපවාද කරන සුලු වේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමැති විය යුතු ය. කවර පසෙක යත්:

පාරාජිකො වා හොති ඡින‍්නපරිපන්‍ථො, අඤ‍්ඤතරං වා සඞ‍්කිලිට‍්ඨං ආපත‍්තිං ආපජ‍්ජති, බාළ‍්හං වා රොගාතඞ‍්කං ඵුසති, සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

සුන් ලොවුතුරු දහම් ඇතියේ පරිජි අවන්නේ හෝ වෙයි. අභ්‍යන්තර කිලිටි සහිත ඇවතකට හෝ අවදනේ ය. දැඩි රෝගෝපද්‍රවයෙක් හෝ පහස්නේ ය. සම්මූඪ ව කාලක්‍රියා කරන්නේ ය. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙන්නේ ය.

යො සො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ‍්මචාරීනං, තස‍්ස ඉමෙ පඤ‍්ච ආදීනවා පාටිකඞ‍්ඛාති.

මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ ආර්‍ය්‍යෝපවාදී වේ නම්, ඔහු විසින් මේ ආදීනව පස කැමැති වියයුතු යයි.

5. 5. 2. 2.

5. 5. 2. 2.

[භණ‍්ඩනකාරක සුත‍්තං]

[භණ්ඩනකාරක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

12. යො සො භික‍්ඛවෙ භික‍්ඛු භණ‍්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො, තස‍්ස පඤ‍්ච ආදීනවා පාටිකඞ‍්ඛා. කතමෙ පඤ‍්ච:

12. මහණෙනි, යම් මහණෙක් ඩබරකරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමති වියයුතු යි. කවර පසෙක යත්:

අනධිගතං නාධිගච‍්ඡති, අධිගතං පරිහායති, පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

අනධිගත ගුණවිශේෂය නො ලබන්නේ ය. අධිගත ගුණවිශේෂය පිරිහෙයි. පාපක කීර්තිශබ්දය නැඟෙයි. සම්මූඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙයි.

යො සො භික‍්ඛවෙ භික‍්ඛු භණ‍්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො, තස‍්ස ඉමෙ පඤ‍්ච ආදීනවා පාටිකඞ‍්ඛාති.

මහණෙනි, යම් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඟුන් කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පස කැමති වියයුතු යි.