යෙදුමෙන් කියවන්න

සීල සුත‍්තං

5. 5. 2. 3.

5. 5. 2. 3.

[සීල සුත‍්තං]

[සීල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

13. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. කතමෙ පඤ‍්ච:

13. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි (=සිල්බිඳීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

ඉධ භික‍්ඛවෙ දුස‍්සීලො සීලවිපන‍්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච‍්ඡති, අයං භික‍්ඛවෙ පඨමො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

මහණෙනි, මෙහි ශීලවිපන්න (=ශීලවිපත්තියට පත්) ගිහි දුශ්ශීලයා ප්‍රමාදය නිසා මහත් භොග හානියට, (පැවිදි දුශ්ශීලයා සප්තාර්‍ය්‍යධ්‍යානහානියට) පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ පළමුවන ආදීනවය යි.

පුන චපරං භික‍්ඛවෙ දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. අයං භික‍්ඛවෙ දුතියො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයාගේ පවිටු කීර්ති ඝෝෂය නැඟේ. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දෙවන ආදීනවය යි.

පුන චපරං භික‍්ඛවෙ දුස‍්සීලො සීලවිපන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති: යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ‍්කමති. මඞ‍්කුභූතො. අයං භික‍්ඛවෙ තතියො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි යම් යම් පිරිසකට එළඹේ නම්, අවිශාරද (බියසහිත) වූයේ සැක සහිත වූයේ එළඹෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ තුන්වන ආදීනවය යි.

පුන චපරං භික‍්ඛවෙ දුස‍්සීලො සීලවිපන‍්නො සම‍්මූළ‍්හො කාලං කරොති. අයං භික‍්ඛවෙ චතුත්‍ථො ආදීනවො දුස‍්සීලස‍්ස සීල විපත‍්තියා.

තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා මුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ සිව් වන ආදීනවය යි.

පුන චපරං භික‍්ඛවෙ දුස‍්සීලො සීලවිපන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති අයං භික‍්ඛවෙ පඤ‍්චමො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි මේ පස්වන ආදීනවය යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා දුස‍්සීලස‍්ස සීලවිප‍්පත‍්තියා.

මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ ආදීනව පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා සීලවතො සීලසම‍්පදාය. කතමෙ පඤ‍්ච:

මහණෙනි, සිල්වතාගේ ශීලසම්පත්තියෙහි (=සිල් පිරීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

ඉධ භික‍්ඛවෙ සීලවා සීලසම‍්පන‍්නො අප‍්පමාදාධිකරණං මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡති. අයං භික‍්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

මහණෙනි, මෙහි සීලසම්පන්න සිල්වත් (ගිහියා) අප්‍රමාදය නිසා මහත් භොග රාශිය (පැවිද්දා ආර්‍ය්‍ය ධනය) ලබයි. මහණෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ පළමුවන අනුසස යි.

පුන චපරං භික‍්ඛවෙ සීලවතො සීලසම‍්පන‍්නස‍්ස කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. අයං භික‍්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත්හට යහපත් කීර්ති ඝෝෂයෙක් නැඟේ. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ දෙවන අනුසස යි.

පුන චපරං භික‍්ඛවෙ සීලවා සීලසම‍්පන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ‍්කමති, අමඞ‍්කුභූතො අයං භික‍්ඛවෙ තතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් යම් යම් පිරිසකට ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි එළඹේ නම්, විශාරද (නිර්භීත) වූයේ නිසැක වූයේ එළඹෙයි. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ තුන්වන අනුසස යි.

පුන චපරං භික‍්ඛවෙ සීලවා සීලසම‍්පන‍්නො අසම‍්මූළ‍්හො කාලං කරොති. අයං භික‍්ඛවෙ චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් නොමුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, සිල්වත්හට සීලසම්පත්තියෙහි මේ සිව්වන අනුසස යි.

පුන චපරං භික‍්ඛවෙ සීලවා සීලසම‍්පන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. අයං භික‍්ඛවෙ පඤ‍්චමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය.

තවද මහණෙනි, ශීලවසම්පන්න සිල්වත් කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, සිල්වත්හට ශීලසම්පත්ති යෙහි මේ පස්වන අනුසස යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා සීලවතො සිලසම‍්පදායාති.

මහණෙනි, මේ සිල්වත්හට ශීලසම්පදාවෙහි අනුසස් පස යි. (මේ සූත්‍රය ගිහි පැවිදි දෙපසට ම සුදුසුසේ යෙදේ.)