යෙදුමෙන් කියවන්න

බහුභාණී සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 5. 2. 4.

5. 5. 2. 4.

[බහුභාණී සුත‍්තං]

[බහුභාණී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

14. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා බහුභාණියස‍්මිං පුග‍්ගලෙ. කතමෙ පඤ‍්ච.

14. මහණෙනි, බහුභාණී (ප්‍රඥාවෙන් නො පිරිසිඳ බොහෝ කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

මුසා භණති, පිසුනං භණති, ඵරුසං භණති, සම‍්ඵප‍්පලාපං භණති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

බොරු කියයි. පිසුනු කියයි. රළුබස් කියයි. හිස්බස් කියයි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා බහුභාණිස‍්මිං පුග‍්ගලෙ.

මහණෙනි, මේ බහුභාණී පුද්ගලයා කෙරෙහි ආදීනව පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා මන‍්තභාණිස‍්මිං පුග‍්ගලෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මන්තභාණී (=නුවණින් දැන කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

න මුසා භණති, න පිසුනං භණති, න ඵරුසං භණති, න සම‍්ඵප‍්පලාපං භණති. කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා මන‍්තභාණිස‍්මිං පුග‍්ගලෙති.

බොරු නො කියයි. පිසුනු නො කියයි. රළුබස් නො කියයි. හිස්බස් නො කිය යි. කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි. මේ මන්තභාණී පුද්ගලයා කෙරෙහි අනුසස් පස යි.

5. 5. 2. 5.

5. 5. 2. 5.

[පඨම අක‍්ඛන‍්තිසුත‍්තං]

[ප්‍රථම අක්ඛන්ති සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

15. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා අක‍්ඛන‍්තියා. කතමෙ පඤ‍්ච:

15. මහණෙනි, අක්‍ෂාන්තියෙහි (මෙරමා වරද නො ඉවසීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

බහුනො ජනස‍්ස අප‍්පියො හොති අමනාපො, වෙරබහුලො ච හොති, වජ‍්ජබහුලො ච, සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වද්‍ය බහුල ද වෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා අක‍්ඛන‍්තියා.

මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ ආදීනව පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා ඛන‍්තියා. කතමෙ පඤ‍්ච:

මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

බහුනො ජනස‍්ස පියො හොති මනාපො, න වෙරබහුලො හොති, න වජ‍්ජබහුලො, අසම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උප‍්පජ‍්ජති.

බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. වෛර බහුල නො වේ. වද්‍ය බහුල නො වේ. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා ඛන‍්තියාති.

මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.

5. 5. 2. 6.

5. 5. 2. 6.

[දුතිය අක‍්ඛන‍්තිසුත‍්තං]

[ද්විතීය අක්ඛන්ති සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

16. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා අක‍්ඛන‍්තියා. කතමෙ පඤ‍්ච:

16. මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:

බහුනො ජනස‍්ස අප‍්පියො හොති අමනාපො, ලුද‍්දො ච හොති, විප‍්පටිසාරී ච, සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. රෞද්‍ර ද වෙයි. විපිළිසර ඇති යේ ද වෙයි. මුළා වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා අක‍්ඛන‍්තියා.

මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා ඛන‍්තියා. කතමෙ පඤ‍්ච.

මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

බහුනො ජනස‍්ස පියො හොති මනාපො, අලුද‍්දො ච හොති, අවිප‍්පටිසාරී ච, අසම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.

බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. රෞද්‍ර ද නො වෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. මුළා නො වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා ඛන‍්තියාති.

මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.

5. 5. 2. 7.

5. 5. 2. 7.

[පඨමඅපාසාදික සුත‍්තං]

[ප්‍රථම අපාසාදික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා අපාසාදිකෙ. කතමෙ පඤ‍්ච:

17. මහණෙනි, අප්‍රාසාදිකයා කෙරෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:

අත‍්තාපි අත‍්තානං උපවදති, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහන‍්ති, පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

තෙමේත් තමහට උපවාද කෙරෙයි. විඥයෝ දැන ගර්‍හා කරත්. ලාමක කීර්තිශබ්දයෙක් නැඟෙයි. සම්මූඪ ව කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා අපාසාදිකෙ.

මහණෙනි, අප්‍රාසාදිකයා කෙරෙහි මේ දොස් පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා පාසාදිකෙ කතමෙ පඤ‍්ච:

මහණෙනි, ප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

අත‍්තාපි අත‍්තානං න උපවදති, අනුවිච‍්ච විඤ‍්ඤූ පසංසන‍්ති, කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, අසම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.

තෙමේත් තමහට උපවාද නො කරයි. විඥයෝ දැන පසස්නාහ. කලණකිත්හඬ නැඟෙයි. අසම්මුඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා පාසාදිකෙති.

මහණෙනි, ප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පස යි.

5. 5. 2. 8.

5. 5. 2. 8.

[දුතියඅපාසාදිකසුත‍්තං]

[ද්විතීය අපාසාදික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

18. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා අපාසාදිකෙ. කතමෙ පඤ‍්ච:

18. මහණෙනි, අප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

අප‍්පසන‍්නා නප‍්පසීදන‍්ති, පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තං හොති, සත්‍ථුසාසනං අකතං හොති, පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජති, චිත‍්තමස‍්ස නප‍්පසීදති.

නො පහන්හු නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය (කළකිරීම) වෙයි. ශාස්තෘ ශාසනය නො කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත නො පහදී.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා අපාසාදිකෙ.

මහණෙනි, අප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ දොස් පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා පාසාදිකෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, ප්‍රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

අප‍්පසන‍්නා පසීදන‍්ති, පසන‍්නානඤ‍්ච භිය්‍යො භාවො හොති, සත්‍ථු සාසනං කතං හොති, පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජති, චිත‍්තමස‍්ස පසීදති.

අප්‍රසන්නයෝ පහදනාහ. ප්‍රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. ශාස්තෘශාසනය කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත පැහැදෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා පාසාදිකෙති.

මහණෙනි, ප්‍රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පස යි.

5. 5. 2. 9.

5. 5. 2. 9.

[අග‍්ගිසුත‍්තං]

[අග්ගි සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

19. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා අග‍්ගිස‍්මිං. කතමෙ පඤ‍්ච:

19. මහණෙනි, ගින්නෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

අචක‍්ඛුස‍්සො, දුබ‍්බණ‍්ණකරණො, දුබ‍්බලකරණො, සඞ‍්ගණිකාපවද‍්ධනො, තිරච‍්ඡානකථාපවත‍්තනිකො.

ඇසට අහිත වෙයි. දුර්වර්‍ණ කරනුයේ වෙයි. දුර්‍වල කරනුයේ වෙයි. ගණසඞ්ගණිකා වඩනුයේ වෙයි. තිරශ්චීනකථා පිණිස පවත්නේ වේ.

ඉමෙ භික‍්ඛවෙ පඤ‍්ච: ආදීනවා අග‍්ගිස‍්මින‍්ති.

මහණෙනි, අගතියෙහි මේ පස් ආදීනව යි.

5. 5. 2. 10.

5. 5. 2. 10.

[මධුරාසුත‍්තං]

[මධුරා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

20. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා මධුරායං. කතමෙ පඤ‍්ච:

20. මහණෙනි, මධුරානගරයෙහි මේ ආදීනව පසෙක. කවර පසෙක යත්:

විසමා, බහුරජා, චණ‍්ඩසුනඛා, වාළයක‍්ඛා, දුල‍්ලභපිණ‍්ඩා.

විෂම වූයේ ය. බොහෝ රජස් ඇතියේ ය. සැඩ ශුනකයන් ඇතියේ ය. ව්‍යාල යක්‍ෂයන් ඇතියේ ය. දුර්‍ලභ පිණ්ඩපාත ඇතියේ ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා මධුරායන‍්ති.

මහණෙනි, මධුරායෙහි මේ පස් ආදීනව යි.

අක‍්කොසකවග‍්ගො දුතියො.

අක්කෝසක වර්‍ගය දෙවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අක‍්කොසභණ‍්ඩනසීලං බහුභාණී ද‍්වෙ අක‍්ඛන‍්තියො අපාසාදිකා ද‍්වෙ වුත‍්තා අග‍්ගිස‍්මිං මධුරාය චා’ති.

අක්කෝසක සූත්‍රය, භණ්ඩන සූත්‍රය, සීල සූත්‍රය, බහුභාණී සූත්‍ර ය, අක්ඛන්ති සූත්‍රදෙක ය, අපාසාදික සූත්‍ර දෙක ය, අග්ගි සූත්‍ර ය, මධුරා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.