යෙදුමෙන් කියවන්න

පඨමදීඝචාරික සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 5. 3. 1.

5. 5. 3. 1.

[පඨමදීඝචාරික සුත‍්තං]

[ප්‍රථම දීඝචාරික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

21. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා දීඝචාරිකං අනවත්‍ථ චාරිකං අනුයුත‍්තස‍්ස විහරතො. කතමෙ පඤ‍්ච:

21. මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත (අනියම්) චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

අස‍්සුතං න සුණාති, සුතං න පරියොදපෙති, සුතෙනෙකච‍්චෙන අවිසාරදො හොති, බාළ‍්හං රොගාතඞ‍්කං ඵුසති, න ච මිත‍්තවා හොති.

අශ්‍රැත ධර්‍මය නො අසයි. ශ්‍රැතය පිරිසිදු නො කෙරෙයි. මඳ මඳ ව ඇසූ ධර්‍මයෙන් අවිසාරද (සොම්නසට නො පැමිණියේ) වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නොවෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා දීඝචාරිකං අනවත්‍ථ චාරිකං අනුයුත‍්තස‍්ස විහරතො.

මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අනියම් චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා සමවත්‍ථචාරෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, සමවස්ථිත (අවස්ථානුරූප) චාරිකායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

අස‍්සුතං සුණාති, සුතං පරියොදපෙති, සුතෙනෙකච‍්චෙන විසාරදො හොති, න බාළ‍්හං රොගාතඞ‍්කං ඵුසති, මිත‍්තවා ච හොති.

අශ්‍රැත ධර්‍මය අසයි. ශ්‍රැතය පිරිසිදු කෙරෙයි. අසන ලද ඇතැම් ශ්‍රැතයෙන් විසාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව නො පහස්නේ වෙයි. මිතුරන් ඇතියේද වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා සමවත්‍ථචාරෙති.

මහණෙනි, මේ සමවස්ථිත චාරිකායෙහි අනුසස් පස යි.

5. 5. 3. 2.

5. 5. 3. 2.

[දුතියදීඝචාරික සුත‍්තං]

[ද්විතීය දීඝචාරික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

22. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා දීඝචාරිකං අනවත්‍ථ චාරිකං අනුයුත‍්තස‍්ස විහරතො. කතමෙ පඤ‍්ච:

22. මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අවස්ථිත චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

අනධිගතං නාධිගච‍්ඡති අධිගතං පරිහායති, අධිගතෙනෙකච‍්චෙන අවිසාරදො හොති බාළ‍්හං රොගාතඞ‍්කං ඵුසති, න ච මිත‍්තවා හොති.

අධිගත විශේෂයට නො පැමිණෙයි. අධිගත විශේෂය පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් අවිශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නො වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා දීඝචාරිකං අනවත්‍ථ චාරිකං අනුයුත‍්තස‍්ස විහරතො.

මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත චාරිකායෙහි යෙදී වසනුවහට මේ ආදීනව පසයි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා සමවත්‍ථචාරෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, සමවස්ථිත චාරයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

අනධිගතං අධිගච‍්ඡති, අධිගතං න පරිහායති, අධිගතෙනෙකච‍්චෙන විසාරදො හොති, න බාළ‍්හං රොගාතඞ‍්කං ඵුසති, මිත‍්තවා ච හොති.

අනධිගත විශේෂයට පැමිණෙයි. අධිගත නො පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් විශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රවය නො පහස්නේ ය. මිතුරන් ඇතියේ වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා සමවත්‍ථචාරෙති.

මහණෙනි, සමවස්ථිත චාරිකායෙහි මේ අනුසස් පස යි.