3. දීඝචාරික වග්ගො අට්ඨකථා
3. දීඝචාරික වර්ගය
1. පඨමදීඝචාරික සුත්තවණ්ණනා
1. ප්‍රථම දීඝචාරික සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ අනවත්ථචාරිකන්ති අවවත්ථිතචාරිකං. සුතං න පරියොදපෙතීති යම්පිස්ස සුතං අත්ථි, තං පරියොදපෙතුං න සක්කොති. සුතෙනෙකච්චෙන අවිසාරදො හොතීති ථොකථොකෙන සුතෙන විජ්ජමානෙනාපි ඤාණෙන සොමනස්සප්පත්තො න හොති. සමවත්ථචාරෙති සමවත්ථිතචාරෙ. දුතියං උත්තානත්ථමෙව.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අනවත්ථචාරිකං යනු අරුත් සහිත චාරිකාවයි. සුතං න පරියොදපෙති යනු යමක් ඔහුට ඇසුනේ වේද එය පිරිසුදු කිරීමට නොහැකි වෙයි. සුතෙනෙකච්චෙන අවිසාරදො හොති යනු ටිකෙන් ටික ඇසීම ඇතිවිට ද නුවණින් සොම්නසට පැමිණියෙක් නොවෙයි, සමවත්ථචාරෙ යන චාරිකාවෙහියි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. පඨමඅතිනිවාස සුත්තවණ්ණනා
3. ප්‍රථම අතිනිවාස සූත්‍ර වර්ණනාව
තතියෙ බහුභණ්ඩොති බහුපරික්ඛාරො. බහුභෙසජ්ජොති සප්පිනවනීතාදීනං බහුතාය බහුභෙසජ්ජො. බ්යත්තොති බ්යාසත්තො. සංසට්ඨොති පඤ්චවිධෙන සංසග්ගෙන සංසට්ඨො හුත්වා. අනනුලොමිකෙනාති සාසනස්ස අනනුච්ඡවිකෙන.
තෙවැන්නෙහි බහුභණ්ඩො යනු බොහෝ පිරිකර ඇත්තේයි, බහුභෙසජ්ජො යනු ගිතෙල් වෙඬරු ආදිය අධිකවීමෙන් බොහෝ බෙහෙත් ඇත්තේයි, ව්යත්තො යනු ඇළුණු තැනැත්තේයි, සංඝට්ඨො යනු පස් ආකාර සසර්ගයෙන් ඇළුණේ වීයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි,
4. දුතිය අතිනිවාස සුත්තවණ්ණනා
4. ද්විතීය අතිනිවාස සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ වණ්ණමච්ඡරීති ගුණමච්ඡරී. ධම්මමච්ඡරීති පරියත්තිමච්ඡරී.
සිවුවැන්නෙහි වණ්ණමච්ඡරි යන ගුණවැණුමට මසුරායි, ධම්මමච්ඡරි යනු පර්‍ය්‍යාප්ති ධර්මයෙහි මසුරායි,
5. පඨමකුලූපග සුත්තවණ්ණනා
5. ප්‍රථම කුලූපග සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අනාමන්තචාරෙ ආපජ්ජතීති “නිමන්තිතො සභත්තො සමානො සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්යා”ති සික්ඛාපදෙ (පාරා· 294) වුත්තං ආපත්තිං ආපජ්ජති. රහො නිසජ්ජායාතිආදීනිපි තෙසං තෙසං සික්ඛාපදානං වසෙන වෙදිතබ්බානි.
පස්වැන්නෙහි අනාමන්තචාරෙ යනු වළඳන ලද බත් ඇත්තේම ඇරයුම් ලද්දේ සිටින භික්ෂුව නොවිමසා පෙරබතෙහි හෝ පසුබතෙහි කුලයන්හි සැරිසැරීමට පැමිණෙන්නේයි, ශික්‍ෂාපදයෙහි කියන ලද ඇවතට පැමිණෙන්නේය, රහො නිසජ්ජාය යනාදිය ද ඒ ඒ ශික්ෂා පදයන්ගේ වශයෙන් දතයුතුය.
6. දුතියකුලූපග සුත්තවණ්ණනා
6. ද්විතිය කුලූපග සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අතිවෙලන්ති අතික්කන්තපමාණකාලං. සත්තමං උත්තානමෙව.
සවැන්නෙහි අතිවෙලං යනු ඉක්මුණු නියමිත කාලයයි, සත්වැන්න පැහැදිලිමය,
8. උස්සූරභත්තසුත්තවණ්ණනා
8. උස්සූරභත්ත සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ උස්සූරභත්තෙති අතිදිවාපචනභත්තෙ. න කාලෙන පටිපූජෙන්තීති යාගුකාලෙ යාගුං, ඛජ්ජකකාලෙ ඛජ්ජකං, භොජනකාලෙ භොජනං අපචන්තා යුත්තප්පයුත්තකාලස්ස අතිනාමිතත්තා න කාලෙන පටිපූජෙන්ති, අත්තනො චිත්තෙනෙව දෙන්ති නාම. තතො තෙපි තෙසු අත්තනො ගෙහං ආගතෙසු තථෙව කරොන්ති. කුලපවෙණියා ආගතා බලිපටිග්ගාහිකා දෙවතාපි යුත්තප්පයුත්තකාලෙන ලාභං ලභමානායෙව රක්ඛන්ති ගොපයන්ති පීළං අකත්වා. අකාලෙ ලභමානා පන “ඉමෙ අම්හෙසු අනාදරා”ති ආරක්ඛං න කරොන්ති.
අටවැන්නෙහි උස්සුරභත්තෙ යනු ඉතා දහවලෙහි පිසින බතෙහිය, න කාලෙන පටිපූජෙන්ති යනු කැඳ කාලයෙහි කැඳ ද කැවිලි කාලයෙහි කැවිලි ද භොජන කාලයෙහි බොජුන් ද නොපිසන්නාහු සුදුසුකාලය ඉක්මවීමෙන් සුදුසු කල්හි නොපුදත්, තමන්ගේ සිතෙන්ම දෙති නම් වෙත්. ඉක්බිති ඔවුන් තමන්ගේ නිවසට ආවිට එසේම කරත්. කුල ප්‍රවේණියෙන් පැමිණි බිලි පිළිගන්නා දෙවියෝ ද සුදුසු කාලයෙහි ලාභ ලබමින් ම රකිති ආරක්ෂා කරති, පීඩාවට පත්ව නොකල්හි ලබන්නාහු මොවුහු අප කෙරෙහි ආදර නැත්තෝය ආරක්ෂාව නොකරති,
සමණබ්රාහ්මණාපි “එතෙසං ගෙහෙ භොජනවෙලාය භොජනං න හොති, ඨිතමජ්ඣන්හිකෙ දෙන්තී”ති මඞ්ගලාමඞ්ගලෙසු කාතබ්බං න කරොන්ති. විමුඛා කම්මං කරොන්තීති “පාතො කිඤ්චි න ලභාම, ඛුදාය පටිපීළිතා කම්මං කාතුං න සක්කොමා”ති කම්මං විස්සජ්ජෙත්වා නිසීදන්ති. අනොජවන්තං හොතීති අකාලෙ භුත්තං ඔජං හරිතුං න සක්කොති. සුක්කපක්ඛො වුත්තවිපල්ලාසෙන වෙදිතබ්බො.
මහණ බමුණෝ ද මොවුන්ගේ ගෙහි හොජන කාලයෙහි බොජුන් නැත. සිටි මද්දහනෙහි දෙතියි මඟුල් අවමඟුල්වල දී කළයුතු දේ නොකරත්. විමුඛා කම්මං කරොන්ති යනු උදයෙහි කිසිවක් නොලබමු සයින් පෙළුනාහු කටයුතු කිරීමට නොහැක්කෝ වෙමුයි කටයුතු අතැර හිඳිත්. අනොජවන්තං හොති යනු නොකල්හි කෑ දෙය ඔජස් ඇතිකිරීමට නොහැකිවෙයි. යහපත් පැත්ත කියන ලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය.
9. පඨමකණ්හසප්පසුත්තවණ්ණනා
9. ප්‍රථම කණ්හසප්ප සූත්‍ර වර්ණනාව
නවමෙ සභීරූති සනිද්දො මහානිද්දං නිද්දායති. සප්පටිභයොති තං නිස්සාය භයං උප්පජ්ජති, තස්මා සප්පටිභයො. මිත්තදුබ්භීති පානභොජනදායකම්පි මිත්තං දුබ්භති හිංසති. මාතුගාමෙපි එසෙව නයො.
නවවැන්නෙහි සභීරූ යනු නිදි සහිතවූයේ මහත් නින්දක් නිදයි, සප්පටිභයො යනු එය නිසා බියක් උපදියි, එහෙයින් බියසහිත වූයේයි, මිත්තදූහි යනු කෑම්බීම් දෙන මිත්‍රයාට වුවද ද්වෙශ කරයි, හිංසා කරයි: මාතුගාමෙ යන්නෙහි ද මේ ක්‍රමයමයි.
10. දුතියකණ්හසප්පසුත්තවණ්ණනා
10. ද්විතීය කණ්හසප්ප සූත්‍ර වර්ණනාව
දසමෙ ඝොරවිසොති කක්ඛළවිසො. දුජ්ජිව්හොති ද්විධා භින්නජිව්හො. ඝොරවිසතාති ඝොරවිසතාය. සෙසද්වයෙපි එසෙව නයො.
දසවැන්නෙහි ඝොරවිසො යනු දරුණු විසයි, දුජිව්හො යනු දෙකට බිඳුණු දිව ඇත්තේයි. ඝොරවිසතා යනු දරුණු විස ඇති බැවිනි, සෙසු දෙකෙහි එම ක්‍රමයමැයි.
දීඝචාරිකවග්ගො තතියො.
තෙවැනි වර්ගයයි.