යෙදුමෙන් කියවන්න

දුතියකණ‍්හසප‍්පසුත‍්තං

5. 5. 3. 10.

5. 5. 3. 10.

[දුතියකණ‍්හසප‍්පසුත‍්තං]

[ද්විතීය කණ්හසප්ප සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

30. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා කණ‍්හසප‍්පෙ. කතමෙ පඤ‍්ච:

30. මහණෙනි, කළසප්හු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

කොධනො, උපනාහී, ඝොරවිසො, දුජීව‍්හො, මිත‍්තදුභී.

කිපෙන සුලු ය, වෙර බඳනා සුලු ය, ඝොරවිෂ ඇතියේ ය, දෙදිව් ඇතියේ ය, මිත්‍රද්‍රෝහී ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා කණ‍්හසප‍්පෙ.

මහණෙනි, කළසප් කෙරෙහි මේ ආදීනව පස යි.

එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා මාතුගාමෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

කොධනො, උපනාහී, ඝොරවිසො, දුජීව‍්හො, මිත‍්තදුභී.

කිපෙන සුලු ය, වෙර බඳිනා සුලු ය, ඝොරවිෂ ඇත්තී ය, දෙදිව් ඇත්තී ය, මිත්‍රද්‍රෝහී ය.

තත්‍රිදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස ඝොරවිසතා: යෙභුය්‍යෙන භික‍්ඛවෙ මාතුගාමො තිබ‍්බරාගො. තත්‍රිදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස දුජීව‍්හතා: යෙභුය්‍යෙන භික‍්ඛවෙ මාතුගාමො පිසුනාවාචො. තත්‍රිදං භික‍්ඛවෙ මාතුගාමස‍්ස මිත‍්තදුභිතා: යෙභුය්‍යෙන භික‍්ඛවෙ මාතුගාමො අතිචාරිනී.

මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ ඝොරවිෂ බව වෙයි: මහණෙනි, බොහෝ සෙයින් මාගම තීව්‍රරාග ඇත්තීය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ දෙදිව් ඇති බව යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් පිසුණු බස් ඇත්තී ය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ මිත්‍රද්‍රෝහීභාවය යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් අතිචාරිනී වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා මාතුගාමෙති.

මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.

දීඝචාරිකවග‍්ගො තතියො.

දීඝචාරිකවර්‍ගය තුන් වැනි යි

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දීඝචාරිකං ද‍්වෙ වුත‍්තා අතිනිවාසමච‍්ඡරෙ, ද‍්වෙ ච කුලූපගා භොගා භත‍්තං සප‍්පාපරෙ දුවෙති.

දීඝචාරික සූත්‍ර දෙකක් කියනලද, අතිනිවාසසූත්‍ර ය, දුතිය අතිනිවාස මච්ඡරීසූත්‍ර ය, කුලුපගසූත්‍ර දෙක ය, භෝගසූත්‍ර ය, උස්සුරභත්තසූත්‍ර ය, කණ්ණහසප්පසූත්‍ර දෙක ය යි සූත්‍ර දසයෙකි.