යෙදුමෙන් කියවන්න

අභාවනීය සුත‍්තං

5. 5. 4. 1.

5. 5. 4. 1.

[අභාවනීය සුත‍්තං]

[අභාවනීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු අභාවනීයො හොති. කතමෙහි පඤ‍්චහි:

31. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ අභාවනීය (බුහුමන් නො ලබන්නේ- නොවැඩෙන්නේ) වෙයි. කවර පසෙකින් යත්:

න ආකප‍්පසම‍්පන‍්නො හොති න වත‍්තසම‍්පන‍්නො, න බහුස‍්සුතො හොති න සුතධරො, න පටිසල‍්ලෙඛිතා හොති න පටිසල‍්ලාණාරාමො, න කල්‍යාණවාචො හොති න කල්‍යාණවාක‍්කරණො, දුප‍්පඤ‍්ඤො හොති ජළො එලමූගො.

ආකල්පසම්පන්න නො වූයේ (මනා ගතිපැවතුම් නැත්තේ) වත්සපන් නො වෙයි. බහුශ්‍රුත නො වූයේ ශ්‍රැතධර නො වෙයි. කෙලෙස් ලියා නො හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ නො වෙයි. කළණ බස් නැතියේ කළ්‍යාණවාක්කරණ ඇතියේ නො වෙයි. මූඪ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු අභාවනීයො හොති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය නො වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු භාවනීයො හොති. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය වෙයි. කවර පසෙකින් යත්:

ආකප‍්ප සම‍්පන‍්නො හොති වත‍්තසම‍්පන‍්නො, බහුස‍්සුතො හොති සුතධරො, පටිසල‍්ලෙඛිතා හොති පටිසල‍්ලාණාරාමො, කල්‍යාණවාචො හොති කල්‍යාණවාක‍්කරණො, පඤ‍්ඤවා හොති අජළො අනෙළමූගො.

ආකල්පසම්පන්න වූයේ වත්සපන් වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වෙයි. කෙළෙස් ලියා හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ වෙයි. කළණ බස් ඇතියේ කළ්‍යාණවාක්කරණ ඇතියේ වෙයි. ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්‍රාඥ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු භාවනීයො හොතීති.

මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය වෙයි.