පියසුත්තං
5. 5. 4. 2.
5. 5. 4. 2.
[පියසුත්තං]
[ප්‍රිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
32. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි:
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ආවාසික මහණ සබ්‍රම්සරුනට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින් යත්:
සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වසනේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ශ්‍රැතධර වූයේ රැස් කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදිකල්‍යාණ වූ මධ්යකල්යාණවූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්මකෙනෙක් කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. පරිබුද්ධ වූ නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්වාගත කලණ වදන් හඬ ඇතියේ කලණ වදන් ඇතියේ ද වෙයි. විසුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සව්දැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුලව ලබන්නේ ද වෙයි. ආස්රවක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත් ඵල සමාධි සඞ්ඛ්‍යාත චිත්තවිමුක්තිය ද අර්හත්ඵලප්රඥා සඞ්ඛ්‍යාත ප්‍රඥාවිමුක්තිය ද තෙමේ ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
මහණෙනි, මේ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ සබ්‍රම්සරුන්ට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වේ යයි.