යෙදුමෙන් කියවන්න

සොභනසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 5. 4. 3.

5. 5. 4. 3.

[සොභනසුත‍්තං]

[සෝභන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

33. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු ආවාසං සොභෙති. කතමෙහි පඤ‍්චහි:

33. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි. කවර පසෙකින් යත්:

සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. කල්‍යාණවාචො හොති කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා. පටිබලො හොති උපසඞ‍්කමන‍්තෙ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙතුං සමාදපෙතුං සමුත‍්තෙජෙතුං සම‍්පහංසෙතුං. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී.

සිල්වත් වූයේ ... සමාදන් ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ... බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනොවට පිළිවිදියාහු වෙති. අපරිබුද්ධ වූ (නොපැටලෙන) නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්‍වාගත සොඳුරු වදන් හඬ ඇතියේ සොඳුරු වදන් ඇතියේ ද වෙයි. වෙත එළඹෙන්නවුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට (උද්‍යෝගී කරවන්නට) පහදවන්නට ප්‍රතිබල වෙයි. විශුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සිවුදැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුල ව ලබන්නේ ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු ආවාසං සොභෙතීති.

මහණෙනි, මේ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි.

5. 5. 4. 4.

5. 5. 4. 4.

[බහූපකාරසුත‍්තං]

[බහූපකාර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

34. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු ආවාසස‍්ස බහූපකාරො හොති. කතමෙහි පඤ‍්චහි:

34. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:

සීලවා හොති -පෙ- සික‍්ඛති සික‍්ඛාපදෙසු. බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. ඛණ‍්ඩඵුල‍්ලං පටිසඞ‍්ඛරොති. මහා ඛො පන භික‍්ඛුසඞ‍්ඝො අභික‍්කන‍්තො, නානාවෙරජ‍්ජකා භික‍්ඛූ, ගිහීනං උපසඞ‍්කමිත්‍වා ආරොචෙති : “මහා ඛො ආවුසො, භික‍්ඛුසඞ‍්ඝො අභික‍්කන‍්තො, නානාවෙරජ‍්ජකා භික‍්ඛු, කරොථ පුඤ‍්ඤානි, සමයො පුඤ‍්ඤානි කාතුන‍්ති”. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී.

සිල්වත් වූයේ ... සමාදන්ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. කැඩුම් බිඳුම් පිළිසකර කෙරෙයි. “මහබික්සඟහු පැමිණියහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. (එ ආවාසික මහණ) ගිහියන් වෙත එළඹ ආරෝචනා කෙරෙයි: ‘ඇවැත්නි, මහබික්සඟහු එළඹිය හ. (ඔහු) නානා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) දිටුදැමියෙහි සුඛවිහරණ වූ අධිචිත්තයෙහි උපදනා වූ සිවුදැහැන් කැමති සේ ලබන සුලු වූයේ නිදුකින් ලබන සුලු වූයේ විපුල සේ ලබන සුලු වූයේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු ආවාසස‍්ස බහූපකාරො හොතී’ති.

මහණෙනි, මෙකරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇති වේ යයි.

5. 5. 4. 5.

5. 5. 4. 5.

[අනුකම‍්පකසුත‍්තං]

[අනුකම්පක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

35. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු ගිහීනං අනුකම‍්පති. කතමෙහි පඤ‍්චහි:

35. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගිහියනට අනුකම්පා කෙරෙයි. කවර පසෙකින් යත්:

අධිසීලෙ සමාදපෙති, ධම‍්මදස‍්සනෙ නිවෙසෙති, ගිලානකෙ උපසඞ‍්කමිත්‍වා සතිං උප‍්පාදෙති : ‘අරහග‍්ගතං ආයස‍්මන‍්තො සතිං උපට‍්ඨාපෙථා’ති. මහා ඛො පන භික‍්ඛුසඞ‍්ඝො අභික‍්කන‍්තො නානාවෙරජ‍්ජකා භික‍්ඛූ, ගිහීනං උපසඞ‍්කමිත්‍වා ආරොචෙති : “මහා ඛො ආවුසො, භික‍්ඛුසඞ‍්ඝො අභික‍්කන‍්තො, නානාවෙරජ‍්ජකා භික‍්ඛූ, කරොථ පුඤ‍්ඤානි, සමයො පුඤ‍්ඤානි කාතුන‍්ති.” යං ඛො පනස‍්ස භොජනං දෙන‍්ති ලූඛං වා පණීතං වා තං අත‍්තනා පරිභුඤ‍්ජති, සද‍්ධාදෙය්‍යං න විනිපාතෙති.

අධිසීලයෙහි සමාදන් කරවයි. චතුස්සත්‍යධර්‍මදර්‍ශනයෙහි යොදවයි. ගිලනුන් වෙත එළඹ “ඇවැත්නි, හැම සත්කාරයට නිසි තුණුරුවන් විසාහි ගිය ස්මෘතිය එළවා ගණුව” යි සිහි උපදවයි. මහබික්සඟහු එළඹියාහු වෙති. (ඔහු) නොයෙක් රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. එ ආවාසික මහණ ගිහියන් වෙත ගොස් (මෙසේ) දන්වාලයි. “ඇවැත්නි, මහබික්සඟහු එළඹියාහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂුහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) ඕහට රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි යම් ම භෝජනයක් දෙත් නම්, එය තෙමේ වළඳයි, ශ්‍රද්ධාදෙයය විනිපාත නො කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ආවාසිකො භික‍්ඛු ගිහීනං අනුකම‍්පතීති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ගිහිනට අනුකම්පා කෙරේ යයි.