පඨමඅවණ්ණාරහසුත්තං
5. 5. 4. 6.
5. 5. 4. 6.
[පඨමඅවණ්ණාරහසුත්තං]
[ප්රථම අවණ්ණාරහ සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
36. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
36. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරෑහි වෙයි. කවර පසෙකින් යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති, අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, සද්ධාදෙය්යං විනිපාතෙති.
නො විමසා නො පිවිස (නොදැන) නුගුණ කියයුත්තාට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කිය යුත්තාහට නුගුණ කියයි. නො පිරික්සා නො පිවිස නො පැහැදියයුතු තැන්හි ප්රසාදය උපදවයි. නො පිරික්සා නො පිවිස පැහැදිය යුතු තැන්හි අප්රසාදය උපදවයි. සද්ධාදෙය්යය විනිපාතන කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිටුනේයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ (හිසින්) ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, අනුවිච්ච පරියොගාහෙත්වා පාසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
විමසා පිවිස නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. විමසා පිවිස ගුණ කියයුත්තාහට ගුණ කියයි. විමසා පිවිස නො පැහැදියයුතු තැන්හි අප්රසාදය උපදවයි. විමසා පිවිස පැහැදියයුතු තැන්හි ප්රසාදය උපදවයි. සද්ධාදෙය්යය විනිපාතන නො කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්ගයෙහි සිටුනේ වෙයි.