දුතියඅවණ්ණාරහසුත්තං
5. 5. 4. 7.
5. 5. 4. 7.
[දුතියඅවණ්ණාරහසුත්තං]
[ද්විතීය අවණ්ණාරහ සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
37. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
37. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. ආවාසමච්ඡරී හොති ආවාසපලිගෙධී, කුලමච්ඡරී හොති කුලපලිගෙධී, සද්ධාදෙය්යං විනිපාතෙති.
නො විමසා නො පිවිස නුගුණ කියයුත්තාහට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කියයුත්තාහට නුගුණ කියයි. ආවාසමච්ඡරිය ඇත්තේ ආවාසගේධය (ගිජුබව) ඇත්තේ වෙයි. කුලමච්ඡරිය ඇත්තේ කුලගෙධය ඇත්තේ වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කරන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, න ආවාසමච්ඡරී හොති න ආවාසපලිගෙධී, න කුලමච්ඡරී හොති න කුලපලිගෙධී, සද්ධාදෙය්යං න විනිපාතෙති.
විමසා පිවිස (දැන) අගුණ කියයුත්තහුගේ අගුණ කිය යි, විමසා පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියයි, ආවාසමච්ඡරිය ආවාසගේධය ඇත්තේ නො වේ, කුලමච්ඡරිය කුලගෙධය ඇත්තේ නො වේ. ශ්රද්ධාදෙයය විනිපාතන නො කෙරේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.