තතියඅවණ්ණාරහසුත්තං
5. 5. 4. 8.
5. 5. 4. 8.
[තතියඅවණ්ණාරහසුත්තං]
[තෘතීය අවණ්ණාරහ සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
38. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
38. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, ආවාසමච්ඡරී හොති කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති.
නො විමසා නො පිවිස අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, නො විමසා නො පිවිස ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ වේ ද, කුලමච්ඡරිය ඇත්තේ වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ වේ ද,
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, න ආවාසමච්ඡරී හොති න කුලමච්ඡරී හොති න ලාභමච්ඡරී හොති.
විමසා පිවිස අගුණ කියයුත්තහුගේ අගුණ කියාද, විමසා, පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ නො වේ ද, කුලමච්ඡරිය ඇත්තේ නො වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ නො වේ ද,
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 9.
5. 5. 4. 9.
[පඨමච්ඡරියසුත්තං]
[ප්රථම මච්ඡරිය සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
39. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
39. මහණෙනි, මෙ දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරී හොති, කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති, වණ්ණමච්ඡරී හොති, සද්ධාදෙය්යං විනිපාතෙති.
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි , ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි. ශ්රද්ධාදෙයය නසන්නේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
න ආවාසමච්ඡරී හොති, න කුලමච්ඡරී හොති, න ලාභමච්ඡරී හොති, න වණ්ණමච්ඡරී හොති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි, කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ශ්රද්ධාදෙයය නො නසන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ දහම්පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ ය යි.