දුතිය මච්ඡරියසුත්තං
5. 5. 4. 10.
5. 5. 4. 10.
[දුතිය මච්ඡරියසුත්තං]
[ද්වීතිය මච්ඡරිය සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
40. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
40. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරී හොති, කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති, වණ්ණමච්ඡරී හොති, ධම්මමච්ඡරී හොති.
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි, ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි, ධම්මමච්ඡරිය ඇත්තේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මෙ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
න ආවාසමච්ඡරී හොති, න කුලමච්ඡරී හොති, න ලාභමච්ඡරී හොති, න වණ්ණමච්ඡරී හොති, න ධම්මමච්ඡරී හොති.
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි. කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ධම්මමච්ඡරිය නැත්තේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
ආවාසිකවග්ගො චතුත්ථො
ආවාසික වර්ගය සතර වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අභාවනීයො පියසොභනා ච බහූපකාරො අනුකම්පකො ච යථාභතං චාදි තයො අවණ්ණාරහා දුවෙ මච්ඡරියා ච වුත්තා
අභාවනීය සූත්ර ය, පිය සූත්ර ය, සෝභන සූත්ර ය, බහූපකාර සූත්ර ය, අනුකම්පක සූත්ර ය, යථාභතං ආදි කොට ඇති අවණ්ණාරභ සූත්ර තුන ය, මච්ඡරිය සූත්ර දෙක යයි සූත්ර දසයෙකි.