දුච්චරිතසුත්තං
5. 5. 5. 1.
5. 5. 5. 1.
[දුච්චරිතසුත්තං]
[දුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
41. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුච්චරිතෙ කතමෙ පඤ්ච:
41. මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
තෙමේත් තමාට උපවාද කෙරෙයි, විඥයෝ දැන ගරහති, ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි, මුළා වූයේ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දුච්චරිතෙ.
මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සුචරිතෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්යාණ කීර්තිශබ්දය උස්ව නැඟෙයි. නුමුළා වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සුචරිතෙ’ති.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 2.
5. 5. 5. 2.
[කායදුච්චරිතසුත්තං]
[කාය දුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
42. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කායදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
42. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා කායසුචරිතෙ -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
මහණෙනි, කායසුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 3.
5. 5. 5. 3.
[වචීදුච්චරිතසුත්තං]
[වචීදුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
43. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා වචීදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
43. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා වචීසුචරිතෙ -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
මහණෙනි, වාග්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 4.
5. 5. 5. 4.
[මනොදුච්චරිතසුත්තං]
[මනෝදුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
44. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මනොදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
44. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා මනොසුචරිතෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, නුවණැත්තෝ දැන පසසති. කල්යාණ කීර්තිශබ්දය උස්ව නැගෙයි. නො මුළාව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට පැමිණෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා මනොසුචරිතෙ’ති.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 5.
5. 5. 5. 5.
[අපරදුච්චරිතසුත්තං]
[අපර දුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
45. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුච්චරිතෙ කතමෙ පඤ්ච:
45. මහණෙනි, දුශ්චරිතයෙහි ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සද්ධම්මා වුට්ඨාති, අසද්ධම්මෙ පතිට්ඨාති.
තෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැත්තෝ දැන ගරහති. ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි. (දශකුශලකර්මපථ සඞ්ඛ්යාත) සද්ධර්මයෙන් විගතව සිටියි. (දශඅකුශලකර්මපථ සඞ්ඛ්යාත) අසද්ධර්මයෙහි පිහිටයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දුච්චරිතෙ.
මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සුචරිතෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසද්ධම්මා වුට්ඨාති, සද්ධම්මෙ පතිට්ඨාති.
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්යාණ කීර්තිශබ්දය නැගේ. අසද්ධර්මයෙන් විගතව සිටියි. සද්ධර්මයෙහි පිහිටයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සුචරිතෙ’ති.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පස යි.
5. 5. 5. 6.
5. 5. 5. 6.
[අපරකායදුච්චරිතසුත්තං]
[අපරකායදුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
46. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කායදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
46. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා කායසුචරිතෙ, -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
මහණෙනි, කායසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 7.
5. 5. 5. 7.
[අපරවචීදුච්චරිතසුත්තං]
[අපරවචීදුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
47. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා වචීදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
47. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි .... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා වචීසුචරිතෙ -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
මහණෙනි, වාක්සුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නොකෙරෙයි ...]
5. 5. 5. 8.
5. 5. 5. 8.
[අපරමනොදුච්චරිතසුත්තං]
[අපරමනෝදුච්චරිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
48. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මනොදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
48. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා මනොසුචරිතෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, මනඃසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්:
අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසද්ධම්මා වුට්ඨාති, සද්ධම්මෙ පතිට්ඨාති.
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, විඥයෝ දැන පසසත්, කලණ කිත් ගොස නැඟේ, අසද්ධර්මයෙන් නැඟෙයි, සද්ධර්මයෙහි පිහිටයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා මනොසුචරිතෙ’ති.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.