සීවථිකාසුත්තං
5. 5. 5. 9.
5. 5. 5. 9.
[සීවථිකාසුත්තං]
[සිවථික සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
49. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා සීවථිකාය. කතමෙ පඤ්ච:
49. මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අසුචි, දුග්ගන්ධා, සප්පටිභයා, වාළානං අමනුස්සානං ආවාසො, බහුනො ජනස්ස ආරොදනා.
අපවිත්ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්යාඩ අමනුෂ්යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරෝදනා (වැලපීම්) ඇත.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා සීවථිකාය.
මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පස යි.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ ආදීනවා සීවථිකූපමෙ පුග්ගලෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, එ පරිද්දෙන් ම සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අසුචිනා කායකම්මෙන සමන්නාගතො හොති, අසුචිනා වචීකම්මෙන සමන්නාගතො හොති, අසුචිනා මනොකම්මෙන සමන්නාගතො, හොති, ඉදමස්ස අසුචිතාය වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ, සීවථිකා අසුචි, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වෙයි, අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
තස්ස අසුචිනා කායකම්මෙන සමන්නාගතස්ස අසුචිනා වචීකම්මෙන සමන්නාගතස්ස අසුචිනා මනොකම්මෙන සමන්නාගතස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදමස්ස දුග්ගන්ධතාය වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා දුග්ගන්ධා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.
තමෙනං අසුචිනා කායකම්මෙන සමන්නාගතං අසුචිනා වචීකම්මෙන සමන්නාගතං අසුචිනා මනොකම්මෙන සමන්නාගතං පෙසලා සබ්රහ්මචාරී ආරකා පරිවජ්ජෙන්ති. ඉදමස්ස සප්පටිභයස්මිං වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා සප්පටිභයා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල් ප්රියශීල සබ්රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්රතිහය යි කියමි. මහණෙනි, සප්රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.
සො අසුචිනා කායකම්මෙන සමන්නාගතො අසුචිනා වචීකම්මෙන සමන්නාගතො අසුචිනා මනොකම්මෙන සමන්නාගතො සභාගෙහි පුග්ගලෙහි සද්ධිං සංවසති. ඉදමස්ස වාළාවාසස්මිං වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා වාළානං අමනුස්සානං ආවාසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
අපවිත්ර කායකර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර මනඃකර්මයෙන් සමන්වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්යාඩ අමනුෂ්යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
තමෙනං අසුචිනා කායකම්මෙන සමන්නාගතං අසුචිනා වචීකම්මෙන සමන්නාගතං අසුචිනා මනොකම්මෙන සමන්නාගතං පෙසලා සබ්රහ්මචාරී දිස්වා ඛීයනධම්මං ආපජ්ජන්ති. ‘අහො වත නො දුක්ඛං, යෙ මයං එවරූපෙහි පුග්ගලෙහි සද්ධිං සංවසාමා’ති, ඉදමස්ස ආරොදනාය වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා බහුනො ජනස්ස ආරොදනා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, ප්රියශීල සබ්රම්සරහු අපවිත්ර වූ කායකර්මයෙන් සමන්වාගත වූ අපවිත්ර වූ වාක්කර්මයෙන් සමන්වාගත වූ, අපවිත්ර වූ මනඃකර්මයෙන් සමන්වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරෝදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා සීවථිකූපමෙ පුග්ගලෙ’ති.
මහණෙනි, සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසයි.