යෙදුමෙන් කියවන්න

පුග‍්ගලප‍්පසාදසුත‍්තං

5. 5. 5. 10.

5. 5. 5. 10.

[පුග‍්ගලප‍්පසාදසුත‍්තං]

[පුග්ගලප්පසාද සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

50. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා පුග‍්ගලප‍්පසාදෙ. කතමෙ පඤ‍්ච:

50. මහණෙනි, පුද්ගලයකු කෙරෙහි උපන් ප්‍රසාදයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

යස‍්මිං භික‍්ඛවෙ පුග‍්ගලෙ පුග‍්ගලො අභිප‍්පසන‍්නො හොති, සො තථාරූපං ආපත‍්තිං ආපන‍්නො හොති, යථාරූපාය ආපත‍්තියා සඞ‍්ඝො උක‍්ඛිපති. තස‍්ස එවං හොති: “යො ඛො ම්‍යායං පුග‍්ගලො පියො මනාපො, සො සඞ‍්ඝෙන උක‍්ඛිත‍්තො”ති භික‍්ඛූසු අප‍්පසාදබහුලො හොති. භික‍්ඛුසු අප‍්පසාදබහුලො සමානො අඤ‍්ඤෙ භික‍්ඛූ න භජති, අඤ‍්ඤෙ භික‍්ඛු න භජන‍්තො සද‍්ධම‍්මං න සුණාති, සද‍්ධම‍්මං අසුණන‍්තො සද‍්ධම‍්මා පරිහායති. අයං භික‍්ඛවෙ පඨමො ආදීනවො පුග‍්ගලප‍්පසාදෙ.

මහණෙනි, යම් පුදුගලයකු කෙරෙහි පුදුගලයෙක් අතිශයින් පහන් වූයේ නම්, හේ (ප්‍රසාදවිෂය වූ පුද්ගල තෙමේ) සඞ්ඝයා යම් බඳු ආපත්තියෙකින් උක්‍ෂේපනිය කර්‍ම කෙරේ නම් එබඳු ආපත්තියකට පැමිණියේ වෙයි. ඔහුට (පහන්වූ පුඟුල්හට) මෙබඳු සිතෙක් වෙයි: “මට මේ පුද්ගල ප්‍රිය මනාප වෙයි, හේ සඟහු විසින් උත්ක්‍ෂිප්තය” යි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල කොට ඇතියේ වෙයි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල කොට ඇතියේ ම සෙසු මහණුන් භජනය නොකරයි. අන්‍ය භික්‍ෂූන් ඇසුරු නො කරනුයේ සද්ධර්‍මය නො අසයි. සද්ධර්‍මය නො අසනුයේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ප්‍රථම ආදීනවයි.

පුන චපරං භික‍්ඛවෙ යස‍්මිං පුග‍්ගලෙ පුග‍්ගලො අභිප‍්පසන‍්නො හොති, සො තථාරූපං ආපත‍්තිං ආපන‍්නො හොති, යථාරූපාය ආපත‍්තියා සඞ‍්ඝො අන‍්තෙ නිසීදාපෙති. තස‍්ස එවං හොති: “යො ඛො ම්‍යායං පුග‍්ගලො පියො මනාපො, සො සඞ‍්ඝෙන අන‍්තෙ නිසීදාපිතො”ති භික‍්ඛුසු අප‍්පසාද බහුලො හොති. භික‍්ඛුසු අප‍්පසාදබහුලො සමානො අඤ‍්ඤෙ භික‍්ඛූ න භජති, අඤ‍්ඤෙ භික‍්ඛූ න භජන‍්තො සද‍්ධම‍්මං න සුණාති, සද‍්ධම‍්මං අසුණන‍්තො සද‍්ධම‍්මං පරිහායති. අයං භික‍්ඛවෙ දුතියො ආදීනවො පුග‍්ගලප‍්පසාදෙ.

තවද මහණෙනි, යම් පුඟුලකු කෙරෙහි පුද්ගලයෙක් අතිශයින් පහන් වේ ද, යම් ඇවතෙකින් සඟහු (යමෙකු) ආසනාන්තයෙහි හිඳුවත් නම්, හේ එබඳු ඇවැතකට පැමිණෙයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හෙතෙම සඟහු විසින් අන්තයෙහි හිඳුවන ලදැ” යි භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වූයේ ම අන්‍ය භික්‍ෂූන් භජනය නො කෙරෙයි. අන්‍ය භික්‍ෂූන් භජනය නොකරන්නේ සද්ධර්‍මය නො අසයි. සද්ධර්‍මය නො අසනුයේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ද්විතීය ආදීනවයි.

පුන චපරං භික‍්ඛවෙ යස‍්මිං පුග‍්ගලෙ පුග‍්ගලො අභිප‍්පසන‍්නො හොති: සො දිසා පක‍්කන‍්තො හොති, තස‍්ස එවං හොති: “යො ඛො ම්‍යායං පුග‍්ගලො පියො මනාපො, සො දිසා පක‍්කන‍්තො’ති -පෙ- අඤ‍්ඤෙ භික‍්ඛූ න භජති -පෙ- අයං භික‍්ඛවෙ තතියො ආදීනවො පුග‍්ගලප‍්පසාදෙ.

තවද මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි පුද්ගලයෙක් අභිප්‍රසන්න වේ නම්, හේ අන්‍ය දිශාවකට ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හේ අන්‍ය දිශාවකට ගියේ වෙයි’... අන්‍ය භික්‍ෂූන් භජනය නො කරයි ... මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ තෘතීය ආදිනවයි.

පුන චපරං භික‍්ඛවෙ යස‍්මිං පුග‍්ගලෙ පුග‍්ගලො -පෙ- සො විබ‍්භන‍්තො හොති, තස‍්ස එවං හොති -පෙ- සො විබ‍්භන‍්තො’ති -පෙ- අඤ‍්ඤෙ භික‍්ඛූ -පෙ- අයං භික‍්ඛවෙ චතුත්‍ථො ආදීනවො පුග‍්ගලප‍්පසාදෙ.

තවද මහණෙනි ... හේ ගිහිබවට පැමිණියේ වෙයි ... ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ පුද්ගල මට ප්‍රියමනාප වෙයි. හේ ගිහි බවට පැමිණියේ වෙයි’... අන්‍ය භික්‍ෂූන් භජනය නො කෙරෙයි ... මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ චතුත්‍ථ ආදීනවයි.

පුන චපරං භික‍්ඛවෙ -පෙ- සො කාලංකතො හොති. තස‍්ස එවං හොති. ‘යො ඛො ම්‍යායං පුග‍්ගලො පියො මනාපො, සො කාලකතො’ති, -පෙ- අඤ‍්ඤෙ භික‍්ඛූ න භජති, අඤ‍්ඤෙ භික‍්ඛූ න භජන‍්තො සද‍්ධම‍්මං න සුණාති, සද‍්ධම‍්මං අසුණන‍්තො සද‍්ධම‍්මා පරිහායති. අයං භික‍්ඛවෙ පඤ‍්චමො ආදීනවො පුග‍්ගලප‍්පසාදෙ.

තවද මහණෙනි ... හේ කලුරිය කෙළේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හේ කලුරිය කෙළේය” යි ... අන්‍ය භික්‍ෂූන් නො ඇසුරු කෙරෙයි. අන්‍ය භික්‍ෂූන් භජනය නො කරන්නේ සදහම් නො අසයි. සදහම් නො අසන්නේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ පඤ්චම ආදීනවයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා පුග‍්ගලප‍්පසාදෙ’ති.

මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ආදීනව පසයි.

දුච‍්චරිතවග‍්ගො පඤ‍්චමො

දුච්චරිතවර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දුච‍්චරිතං කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං චතූහි පරෙ ද‍්වෙ සීවථිකා පුග‍්ගලප‍්පසාදෙන චාති

දුච්චරිත සූත්‍රය, කායදුච්චරිත සූත්‍රය, වචීදුච්චරිත සූත්‍රය, මනෝදුච්චරිත සූත්‍රය, අනෙකුදු දුච්චරිතසූත්‍ර සතරෙක, සීවථිකාසූත්‍රය, පුග්ගලප්‍රසාද සූත්‍රය දැයි දසයෙකි.

පඤ‍්චමං පණ‍්ණාසකං.

පස්වන පණ්ණාසකය නිමි.