යෙදුමෙන් කියවන්න

4. ආවාසිකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. ආවාසික වර්ගය

1. අභාවනීය සුත‍්තවණ‍්ණනා

1. අභාවනීය සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ න ආකප‍්පසම‍්පන‍්නොති සමණාකප‍්පෙන සම‍්පන‍්නො. අභාවනීයො හොතීති වඩ‍්ඪනීයො න හොති. දුතියං උත‍්තානමෙව.

සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි න ආකප්පසම්පන්නො යනු ශ්‍රමණ ආකල්පයෙන් යුක්ත නොවූයේයි, අභාවනීයො හොති යනු වර්‍ධනීය වූයේ වෙයි, දෙවැන්න පැහැදිලිමය.

3. සොභනසුත‍්තවණ‍්ණනා

3. සොභන සූත්‍ර වර්ණනාව

තතියෙ පටිබලොති කායබලෙන ච ඤාණබලෙන ච සමන‍්නාගතත‍්තා පටිබලො.

තෙවැන්නෙහි පටිබලො යනු කායබලයෙන් ද ඥානබලයෙන් ද යුක්තවූ බැවින් ප්‍රතිබල වූයේයි.

4. බහූපකාරසුත‍්තවණ‍්ණනා

4. බහූපකාර සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ ඛණ‍්ඩඵුල‍්ලන‍්ති පතිතට‍්ඨානඤ‍්ච භින‍්නට‍්ඨානඤ‍්ච. පටිසඞ‍්ඛරොතීති පටිපාකතිකං කරොති. ආරොචෙතීති ඉදං පවාරිතකුලානං වසෙන වුත‍්තං.

සිවුවැන්නෙහි ඛණ්ඩඵුල්ලං වැටුණු තැන්ද බිඳුණු තැන් ද යනුයි, සංඛරොති යනු ප්‍රකෘතිමත් කරයි: ආරොචෙති යන මෙය පැවරූ කුලයන්ගේ වශයෙන් කියන ලදි.

5. අනුකම‍්පකසුත‍්තවණ‍්ණනා

5. අනුකම්පක සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අධිසීලෙසූති පඤ‍්චසු සීලෙසු. ධම‍්මදස‍්සනෙ නිවෙසෙතීති චතුසච‍්චධම‍්මදස‍්සනෙ පතිට‍්ඨාපෙති. අරහග‍්ගතන‍්ති සබ‍්බසක‍්කාරානං අරහෙ රතනත‍්තයෙව ගතං, තීසු වත්‍ථූසු ගරුචිත‍්තීකාරං උපට‍්ඨපෙථාති අත්‍ථො. ඡට‍්ඨං උත‍්තානමෙව.

පස්වැන්නෙහි අධිසීලෙසු යනු පන්සිල්හියි, ධම්මදස්සනෙ නිවෙසෙති යනු සිවුසස් දහම් දැක්මෙහි පිහිටුවයි, අරහග්ගතං යනු සියලු සත්කාරයන්ට සුදුසු වූ තෙරුවනෙහිම ගියාවූ, තුන්වස්තුන්හි ගරුබුහුමන උපදවායි අරුත්ය. සයවැන්න පැහැදිලිමය.

7. දුතියඅවණ‍්ණාරහසුත‍්තවණ‍්ණනා

7. ද්විතීය අවණ්ණාරහ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ආවාසපලිගෙධීති ආවාසං බලවගිද‍්ධිවසෙන ගිලිත්‍වා විය ඨිතො. සෙසං සබ‍්බං උත‍්තානමෙවාති.

සත්වැන්නෙහි ආවාසපලිගෙධී යනු බලවත් ගිජබව වශයෙන් ආවාසය ගිලගෙන මෙන් සිටියේයි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

ආවාසිකවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වර්‍ගයයි.