දුතිය අතිනිවාස සුත්තං
5. 5. 3. 4.
5. 5. 3. 4.
[දුතිය අතිනිවාස සුත්තං]
[ද්විතීය අතිනිවාස සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
24. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අතිනිවාසෙ කතමෙ පඤ්ච:
24. මහණෙනි, අතිනිවාසයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරී හොති, කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති, වණ්ණමච්ඡරී හොති, ධම්මමච්ඡරී හොති.
ආවාසයෙහි මසුරු වෙයි. කුලයෙහි මසුරු වෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු වෙයි. ධර්මයෙහි මසුරු වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආදීනවා අතිනිවාසෙ.
මහණෙනි, මේ අතිනිවාසයෙහි ආදීනව පස යි.
පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා සමවත්ථවාසෙ. කතමෙ පඤ්ච:
මහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
න ආවාසමච්ඡරී හොති, න ධම්මමච්ඡරී හොති, න ලාභමච්ඡරී හොති. න වණ්ණමච්ඡරී හොති, න ධම්මමච්ඡරී හොති.
ආවාසයෙහි මසුරු නොවෙයි. කුලයෙහි මසුරු නොවෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු නොවෙයි. ධර්මයෙහි මසුරු නොවේ.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා සමවත්ථවාසෙති.
මහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ ආනිසංස පසයි.
5. 5. 3. 5.
5. 5. 3. 5.
[පඨමකුලූපග සුත්තං]
[ප්‍රථම කුලූපග සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
25. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කුලූපගෙ. කතමෙ පඤ්ච:
25. මහණෙනි, කුලෝපග (කුලයන්හි හැසිරෙන) මහණහු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අනාමන්තචාරෙ ආපජ්ජති, රහො නිසජ්ජාය ආපජ්ජති, පටිච්ඡන්නෙ ආසනෙ ආපජ්ජති, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්ච වාචාහි ධම්මං දෙසෙන්තො ආපජ්ජති, කාමසඞ්කප්පබහුලො විහරති.
නො පිළිවිසැ ගම්වැදිමෙහි ඇවැතට අවදනේ ය. රහස්ගතව (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. පිළිසන් අස්නෙහි (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. මාගමකට සපස්වදනෙකින් මතුයෙහි දහම් දෙසන්නේ ඇවැත් අවදනේය. කාමසංකල්ප බහුලව වෙසෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කුලූපගෙ’ති.
මහණෙනි, කුලෝපගයා කෙරෙහි මේ ආදීනව පසයි.
5. 5. 3. 6.
5. 5. 3. 6.
[දුතියකුලූපග සුත්තං]
[ද්විතීය කුලූපග සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
26. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කුලූපගස්ස භික්ඛුනො අතිවෙලං කුලෙසු සංසට්ඨස්ස විහරතො. කතමෙ පඤ්ච:
26. මහණෙනි, කල්ගෙවා කුලෙහි හැනී වසන කුලෝපග මහණහට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මාතුගාමස්ස අභිණ්හදස්සනං, දස්සනෙ සති සංසග්ගො, සංසග්ගෙ සති විස්සාසො, විස්සාසෙ සති ඔතාරො, ඔතිණ්ණචිත්තස්සෙතං පාටිකඞ්ඛං: අනභිරතො වා බ්රහ්මචරියං චරිස්සති, අඤ්ඤතරං වා සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජිස්සති, සික්ඛං වා පච්චක්ඛාය හීනයාවත්තිස්සති.
නිරතුරු මාගමකගේ දර්ශනය වෙයි. දර්ශනය වත්ම සසඟ වෙයි. සංසර්ගය වත් ම විශ්වාසය වෙයි. විශ්වාසය ඇතිවත්ම රාගයාගේ බැස ගැණීම වෙයි. රාගයෙන් බැසගන්නා ලද සිත් ඇතියහු විසින් “අභිරති (කැමැත්තක්) නැතිවැ බඹසර රක්නේ හෝ වෙයි, අන්‍යතර කිලිටිසහිත අවැතකට අවදනේ හෝ වෙයි, සිකපද ප්‍රත්‍යාඛ්‍යාන (හැරලීම) කොට හීන (ගිහී) භාවයට හෝ යන්නේ ය” යන තෙල කරුණ කැමති විය යුතුයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කුලූපගස්ස භික්ඛුනො අතිවෙලං කුලෙසු සංසට්ඨස්ස විහරතොති.
මහණෙනි, කල් ඉක්මවා කුලයෙහි හැනී වෙසෙන කුලෝපග මහණහට මේ ආදීනව පසයි.
5. 5. 3. 7.
5. 5. 3. 7.
[භොගසුත්තං]
[භොග සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
27. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා භොගෙසු. කතමෙ පඤ්ච:
27. මහණෙනි, භෝගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අග්ගිසාධාරණා භොගා, උදකසාධාරණා භොගා, රාජසාධාරණා භොගා, චොරසාධාරණා භොගා, අප්පියෙහි දායාදෙහි සාධාරණා භොගා.
භෝගයෝ අග්නිසාධාරණ වෙති. භෝගයෝ උදකසාධාරණ වෙති. භෝගයෝ රාජසාධාරණ වෙති. භෝගයෝ සොරුනට සාධාරණ වෙති. භෝගයෝ අප්‍රිය දායාදයන් (තමහට ප්‍රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා භොගෙසු.
මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි.
පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා භොගෙසු. කතමෙ පඤ්ච:
මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
භොගෙ නිස්සාය අත්තානං සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, මාතාපිතරො සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, පුත්තදාරදාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, මිත්තාමච්චෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං.
භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්රදාරදාසකර්මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් (මිතුරු සහකරුවන්) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදි සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්ෂිණා පිහිටුවයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා භොගෙසූ’ති.
මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසයි.