යෙදුමෙන් කියවන්න

උස‍්සූරභත‍්තසුත‍්තං

5. 5. 3. 8.

5. 5. 3. 8.

[උස‍්සූරභත‍්තසුත‍්තං]

[උස්සූරභත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

28. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා උස‍්සූරභත‍්තෙ කුලෙ. කතමෙ පඤ‍්ච:

28. මහණෙනි, හිරුනැගි බොහෝ දහවල් අහර පිසින කුලයෙහි මේ දොස් පසෙකි.

යෙ තෙ අතිථී පාහුනා තෙ න කාලෙන පටිපූජෙන‍්ති, යා තා බලිපටිග‍්ගාහිකා දෙවතා තා න කාලෙන පටිපූජෙන‍්ති, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එකභත‍්තිකා රත‍්තූපරතා විරතා විකාලභොජනා තෙ න කාලෙන පටිපූජෙන‍්ති, දාසකම‍්මකරපොරිසා විමුඛා කම‍්මං කරොන‍්ති, තාවතකං යෙව අසමයෙන භුත‍්තං අනොජවන‍්තං හොති.

සත්කාරාර්‍හ යම් අතිථිහූ (ආන්තුකයෝ) වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණු කෙනෙක් වෙත් නම්, නිසි කල්හි ඔවුන් නො පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ විමුඛව කර්‍ම (වැඩ හැර හිඳිත්). අසමයෙහි වැළඳූ භෝජනය එකෙණෙහි ඕජොරහිත වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා උස‍්සූරභත‍්තෙ කුලෙ.

මහණෙනි, බොහෝ දහවල් කොට අහර පිසින කුලයෙහි මේ ආදීනව පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා සමයභත‍්තෙ කුලෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, නිසි කල්හි අහර පිසින කුලෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

යෙ තෙ අතිථී පාහුනා තෙ කාලෙන පටිපූජෙන‍්ති, යා තා බලිපටිග‍්ගාහිකා දෙවතා තා කාලෙන පටිපූජෙන‍්ති, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එකභත‍්තිකා රත‍්තූපරතා විරතා විකාලභොජනා තෙ කාලෙන පටිපූජෙන‍්ති, දාසකම‍්මකරපොරිසා අවිමුඛා කම‍්මං කරොන‍්ති, තාවතකං යෙ ව සමයෙන භුත‍්තං ඔජවන‍්තං හොති.

යම් සත්කාරාර්‍හ අතිථිහූ වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණෝ වෙත් නම්, ඔවුන් සුදුසු කල්හි පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ අවිමුඛ (උත්සුක) වූවාහු කර්‍ම කරන්නාහ. සුදුසු කාලයෙහි වැළඳූ අහර එකෙණෙහි ඕජස් ඇතියේ වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා සමයභත‍්තෙ කුලෙති.

මහණෙනි, සමයභක්තකුලයෙහි මේ අනුසස් පස යි.