යෙදුමෙන් කියවන්න

පඨමඅතිනිවාස සුත‍්තං

5. 5. 3. 3.

5. 5. 3. 3.

[පඨමඅතිනිවාස සුත‍්තං]

[ප්‍රථම අතිනිවාස සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

23. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා අතිනිවාසෙ කතමෙ පඤ‍්ච:

23. මහණෙනි, අතිනිවාසයෙහි (පමණට වැඩිකල් එක්තැන්හි විසීමෙහි) මේ දොස් පසෙකි. කවර පසෙක යත්:

බහුභණ‍්ඩො හොති බහුභණ‍්ඩසන‍්නිචයො, බහුභෙසජ‍්ජො හොති බහුභෙසජ‍්ජසන‍්නිචයො, බහුකිච‍්චො හොති බහුකරණීයො ව්‍යත‍්තො කිඞ‍්කරණීයෙසු, සංසට‍්ඨො විහරති ගහට‍්ඨපබ‍්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග‍්ගෙන, තම‍්හා ච ආවාසා පක‍්කමන‍්තො සාපෙක‍්ඛො පක‍්කමති.

බොහෝ භාණ්ඩ රැස්කරණුයේ බහු භාණ්ඩික වෙයි. බොහෝ බෙහෙසද් රැස්කරණුයේ බහුභේසජ්ජ වෙයි. බහුකෘත්‍ය ඇතියේ බොහෝ කරණී ඇතියේ කිංකර්‍තව්‍යයන්හි ව්‍යක්ත (කළයුතු කිමැයි සෙවීමෙහි ඇලුණේ) වෙයි. ගෘහස්ථප්‍රව්‍රජිතයන් හා එක්වී අනනුලෝම වූ (නුසුදුසු) ගිහීසංසර්‍ගයෙන් හැනී වෙසෙයි. එ අවසින් නික්මයන්නේ නමුදු සාපේක්‍ෂක වූයේ නික්ම යෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ආදීනවා අතිනිවාසෙ.

මහණෙනි, අතිවාසයෙහි මෙ දොස් පසයි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ආනිසංසා සමවත්‍ථවාසෙ. කතමෙ පඤ‍්ච:

මහණෙනි, සමවස්ථිත වාසයෙහි (සුදුසකල් විසීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

න බහුභණ‍්ඩො හොති න බහුභණ‍්ඩසන‍්නිචයො, න බහුභෙසජ‍්ජො හොති න බහුභෙසජ‍්ජසන‍්නිචයො, න බහුකිච‍්චො හොති න බහුකරණීයො න ව්‍යත‍්තො කිඞ‍්කරණීයෙසු, අසංසට‍්ඨො විහරති ගහට‍්ඨපබ‍්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග‍්ගෙන, තම‍්හා ච ආවාසා පක‍්කමන‍්තො අනපෙක‍්ඛො පක‍්කමති.

බොහෝ භාණ්ඩ රැස් නො කරණුයේ බහු භාණ්ඩික නො වෙයි. බොහෝ බෙහෙසද් රැස් නො කරණුයේ බහුභේසජ්ජ නො වෙයි. බහුකෘත්‍ය නැතියේ බොහෝ කරණී නැතියේ කිංකර්‍තව්‍යයන්හි ඇලුණේ නො වෙයි. ගිහි පැවිද්දන් හා එක්නොවී අනුලොම් නො වූ ගිහි සසඟින් නො හැනී වෙසෙයි. එ අවසින් නික්ම යනුයේ ද අපේක්‍ෂා නැතිව නික්ම යෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ආනිසංසා සමවත්‍ථවාසෙති.

මහණෙනි, සමවස්ථිත වාසයෙහි මේ අනුසස් පසයි.