2. අක්කොසකවග්ගො අට්ඨකථා
2. අක්කොසක වර්ගය
1. අක්කොසකසුත්තවණ්ණනා
1. අක්කොසක සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ අක්කොසකපරිභාසකොති දසහි අක්කොසවත්ථූහි අක්කොසකො, භයදස්සනෙන පරිභාසකො. ඡින්නපරිපන්ථොති ලොකුත්තරපරිපන්ථස්ස ඡින්නත්තා ඡින්නපරිපන්ථො. රොගාතඞ්කන්ති රොගොයෙව කිච්ඡජීවිකායාවහනතො රොගාතඞ්කො නාම.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයේ අක්කොසකපරිභාසකො යනු දශ ආක්‍රොශ වස්තූන්ගෙන් ආක්‍රොශ කරන්නේ භය දැක්වීමෙන් පරිභව කරන්නේයි, ඡින්නපරිපත්ථො යනු ලෝකෝත්තර බාධාව සිඳුණු බැවින් සිඳුණු බාධා ඇත්තේයි, රොගාතඞ්කං යනු රෝගයම දුෂ්කර ජීවිකාවක් ගෙන එන බැවින් රොගාතඞ්ක නම් වෙයි,
2. භණ්ඩනකාරක සුත්තවණ්ණනා
2. භණ්ඩනකාරක සූත්‍ර වර්ණනාව
දුතියෙ අධිකරණකාරකොති චතුන්නං අධිකරණානං අඤ්ඤතරස්ස කාරකො. අනධිගතන්ති පුබ්බෙ අප්පත්තවිසෙසං.
දෙවැන්නෙහි අධිකරණකාරකො යන සතර අධිකරණයන්ගෙන් යම්කිසිවක් කරන්නායි, අනධිගතං යනු පෙර නූපන් විශේෂයකි,
3. සීල සුත්තවණ්ණනා
3. සීල සූත්‍ර වර්ණනාව
තතියෙ දුස්සීලොති අසීලො නිස්සීලො. සීලවිපන්නොති විපන්නසීලො භින්නසංවරො. පමාදාධිකරණන්ති පමාදකාරණා. ඉදඤ්ච සුත්තං ගහට්ඨානං වසෙන ආගතං, පබ්බජිතානම්පි පන ලබ්භතෙව. ගහට්ඨො හි යෙන යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති, යදි කසියා, යදි වණිජ්ජාය, පාණාතිපාතාදිවසෙන පමත්තො තං තං යථාකාලං සම්පාදෙතුං න සක්කොති, අථස්ස මූලං විනස්සති. මාඝාතකාලෙපි පාණාතිපාතං අදින්නාදානාදීනි ච කරොන්තො දණ්ඩවසෙන මහතිං භොගජානිං නිගච්ඡති. පබ්බජිතො දුස්සීලො පමාදකාරණා සීලතො බුද්ධවචනතො ඣානතො සත්තඅරියධනතො ච ජානිං නිගච්ඡති. ගහට්ඨස්ස “අසුකො අසුකකුලෙ ජාතො දුස්සීලො පාපධම්මො පරිච්චත්තඉධලොකපරලොකො සලාකභත්තමත්තම්පි න දෙතී”ති චතුපරිසමජ්ඣෙ පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. පබ්බජිතස්ස “අසුකො නාසක්ඛි සීලං රක්ඛිතුං බුද්ධවචනං ගහෙතුං, වෙජ්ජකම්මාදීහි ජීවති, ඡහි අගාරවෙහි සමන්නාගතො”ති එවං අබ්භුග්ගච්ඡති.
තෙවැන්නෙහි දුස්සීලො යනු සිල් නැත්තේ, දුසිල්වූයේයි, සීලවිපන්නො යනු විපතට පත් සිල් ඇත්තේයි, බිඳුණු සිල් ඇත්තේයි, පමාදාධිකරණං යනු ප්‍රමාද කිරීමයි, මේ සූත්‍රය ද ගිහියන්ගේ වශයෙන් ආයේයි, පැවිද්දන්ට ද ලැබීමය, ගිහියා වනාහි යම් යම් ශිල්පයන්ගෙන් ජීවිකාව කරයි, කෘෂිවණික් වශයෙන්, පරපණ නැසීම් ආදි වශයෙන් පමාවූයේ ඒ ඒ දෙය සුදුසු කල්හි ඉටුකර ගැනීමට නොහැකි වෙයි, ඉක්බිති ඔහුගේ මූල ද නැසෙයි, නොනැසීම සඳහා නීති පණවා ඇති කල්හි පරපණ නැසීම සොරකම් ආදිය ද කරන්නේ මහත් වූ භොග පරිහානියට පැමිණයි, පැවිදි දුසිල් තැනැත්තේ ප්‍රමාද හේතුවෙන් ශීලයෙන් බුද්ධ වචනයෙන් ධ්‍යානයෙන් සප්ත ආර්‍ය්‍ය ධනයෙන් ද පිරිහීමට යයි, ගිහියාට, “අසවලා අසවල් කුලයෙහි උපන්නේ දුසිල් වූයේ පවිටුදම් ඇත්තේ අත්හළ මෙලොව පරලොව ඇත්තේ ලහබතක් පමණවත් නොදෙයි” යනුවෙන් සිවුපිරිස මැද අපකීර්ති ශබ්දයක් මතුවෙයි. පැවිද්දාට අසවලා සිල් රැකීමට අසමත් විය, බුද්ධ වචනය ගැනීමට නොහැකි විය, වෙදකම් ආදියෙන් ජීවත්වෙයි, අගෞරව සයෙන් යුක්තවූයේයයි මෙසේ (අපකීර්තියක්) පැනනගියි,
අවිසාරදොති ගහට්ඨො තාව “අවස්සං බහූනං සන්නිපාතට්ඨානෙ කොචි මම කම්මං ජානිස්සති, අථ මං නිග්ගණ්හිස්සන්ති වා, රාජකුලස්ස වා දස්සන්තී”ති සභයො උපසඞ්කමති. මඞ්කුභූතො ච පතිතක්ඛන්ධො අධොමුඛො අඞ්ගුට්ඨකෙන භූමිං කසන්තො නිසීදති, විසාරදො හුත්වා කථෙතුං න සක්කොති. පබ්බජිතොපි “බහූ භික්ඛූ සන්නිපතිතා, අවස්සං කොචි මම කම්මං ජානිස්සති, අථ මෙ උපොසථම්පි පවාරණම්පි ඨපෙත්වා සාමඤ්ඤා චාවෙත්වා නික්කඩ්ඪිස්සන්තී”ති සභයො උපසඞ්කමති, විසාරදො හුත්වා කථෙතුං න සක්කොති. එකච්චො පන දුස්සීලොපි දප්පිතො විය චරති, සොපි අජ්ඣාසයෙන මඞ්කු හොතියෙව.
අවිසාරදො යනු ගිහියා අවශ්‍යයෙන්ම බොහෝ දෙනා රැස්වන තන්හි කිසිවෙක් මගේ කර්මය දන්නේ නම් මා අල්වා ගනිතැයි හෝ රාජකුලයට හෝ දක්වතියි බියසහිතව එළඹෙයි, හිසනැවුනේ පහතට නැවුණු කඳ ඇත්තේ ඇඟිලි අගින් බිම සාරමින් හිඳියි, නිර්භය වී කථාකිරීමට නොහැකි වෙයි, පැවිද්දා ද බොහෝ භික්ෂූන්ගේ රැස්වීමෙන් අවශ්‍යයෙන්ම යම් කිසිවෙක් මගේ කර්මය දනියි. ඉක්බිති මගේ පෙහෙවසත් පවාරණයත් අතහැර ශ්‍රමණ බවින් පහකොට එලවාදමතැයි බිය සහිතව එළඹෙයි, නිර්භය වී කථා කිරීමට නොහැකි වෙයි, ඇතැම් දුසිල් වූවෙක් එඩි ඇත්තේ මෙන් හැසිරෙයි හෙතෙමේත් අදහස් වශයෙන් මඞ්කුවූයේම වෙයි,
සම්මූළ්හො කාලං කරොතීති තස්ස හි මරණමඤ්චෙ නිපන්නස්ස දුස්සීලකම්මං සමාදාය වත්තිතට්ඨානං ආපාථං ආගච්ඡති. සො උම්මීලෙත්වා ඉධලොකං පස්සති, නිම්මීලෙත්වා පරලොකං. තස්ස චත්තාරො අපායා උපට්ඨහන්ති, සත්තිසතෙන සීසෙ පහරියමානො විය හොති. සො “වාරෙථ වාරෙථා”ති විරවන්තො මරති. තෙන වුත්තං – “සම්මූළ්හො කාලං කරොතී”ති. පඤ්චමපදං උත්තානමෙව. ආනිසංසකථා වුත්තවිපරියායෙන වෙදිතබ්බා.
සම්මුළ්හො කාලං කරොති යනු මරණ මඤ්චකයෙහි වැදහොත්තහුට දුසිල්කම් පිළිගෙන පැවතුනු තැන (අරමුණු වශයෙන්) ආපථයට එයි, හෙතෙම ඇස් ඇර මෙලොව දකියි, ඇස්වසා පරලොව දකියි, ඔහුට එතර අපාය එළඹ සිටී, සැත් සියයකින් හිසට පහර දෙන්නාක් මෙන් හැඟෙයි, හෙතෙම වළක්වවු වළක්වවු හඬ නගමින් මැරෙයි, එහෙයින් සම්මුළ්හො කාලං කරොතියි කියන ලදි, පස්වැනි පදය පැහැදිලිමය, අනුසස් කථාව කියන ලද්දට වෙනස් ලෙසින් දතයුතුය.
4. බහුභාණි සුත්තවණ්ණනා
4. බහුභාණි සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ බහුභාණිස්මින්ති පඤ්ඤාය අපරිච්ඡින්දිත්වා බහුං භණන්තෙ. මන්තභාණිස්මින්ති මන්තා වුච්චති පඤ්ඤා, තාය පරිච්ඡින්දිත්වා භණන්තෙ.
සිවුවැන්නෙහි බහුභාණිස්මිං යනු නුවණින් නොපිරිසිඳ බොහෝ කියනකල්හියි, මන්තභානිස්මිං යනු මන්තා යනු ප්රඥාවයි එයින් පිරිසිඳ කියන කල්හියි,
5. පඨම අක්ඛන්තිසුත්තවණ්ණනා
5. ප්‍රථම අක්ඛන්ති සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ වෙරබහුලොති පුග්ගලවෙරෙනපි අකුසලවෙරෙනපි බහුවෙරො. වජ්ජබහුලොති දොසබහුලො.
පස්වැන්නෙහි වෙරබහුලො යනු පුද්ගල වෛරයෙන් ද අකුශල වෛරයෙන් ද බොහෝ වෛර ඇත්තේයි. වජ්ජබහුලො යනු දොස් බහුල වූයේයි,
6. දුතිය අක්ඛන්තිසුත්තවණ්ණනා
6. ද්විතීය අක්ඛන්ති සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ලුද්දොති දාරුණො කක්ඛළො. විප්පටිසාරීති මඞ්කුභාවෙන සමන්නාගතො.
සවැන්නෙහි ලුද්දො යනු දරුණු කර්කශ තැනැත්තේයි. විප්පටිසාරි යනු විපිළිසර බවෙන් යුක්ත වූයේයි,
7. පඨමඅපාසාදික සුත්තවණ්ණනා
7. ප්‍රථම අපාසාදික සූත්‍ර වර්ණනාව
සත්තමෙ අපාසාදිකෙති අපාසාදිකෙහි කායකම්මාදීහි සමන්නාගතෙ. පාසාදිකෙති පසාදාවහෙ පරිසුද්ධසමාචාරෙ. අට්ඨමනවමානි උත්තානත්ථානෙව.
සත්වැන්නෙහි අපාසාදිකෙ යනු නොපහදවන සුල කායකර්‍මාදියෙන් යුක්ත වූයේයි, පාසාදිකෙ යනු පැහැදීම ඇති කරවන පිරිසුදු යහපත් හැසිරීමෙහියි, අටවැනි නවවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
10. මධුරාසුත්තවණ්ණනා
10. මධුරා සූත්‍ර වර්ණනාව
දසමෙ පඤ්චිමෙ, භික්ඛවෙ, ආදීනවා මධුරායන්ති එකං සමයං භගවා භික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරමානො මධුරානගරං සම්පාපුණිත්වා අන්තොනගරං පවිසිතුං ආරභි. අථෙකා මිච්ඡාදිට්ඨිකා යක්ඛිනී අචෙලා හුත්වා ද්වෙ හත්ථෙ පසාරෙත්වා ජිව්හං නිල්ලාලෙත්වා දසබලස්ස පුරතො අට්ඨාසි. සත්ථා අන්තොනගරං අප්පවිසිත්වා තතොව නික්ඛමිත්වා විහාරං අගමාසි. මහාජනො ඛාදනීයභොජනීයඤ්චෙව සක්කාරසම්මානඤ්ච ආදාය විහාරං ගන්ත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං අදාසි. සත්ථා තස්ස නගරස්ස නිග්ගණ්හනත්ථාය ඉමං සුත්තං ආරභි. තත්ථ විසමාති න සමතලා. බහුරජාති වාතපහරණකාලෙ උද්ධතෙන රජක්ඛන්ධෙන පරියොනද්ධා විය හොති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දසවැන්නෙහි පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මධුරායං යනු එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන සේක් මධුරා නුවරට සැපැමිණ ඇතුළු නුවරට පිවිසීමට පටන්ගත් සේක. ඉක්බිති එක් මිථ්‍යාදෘෂ්ටික යක්ෂණියක් නිරුවත් වී දෙඅත් විසුරුවා දිව සොලවා දශබලයන් වහන්සේගේ ඉදිරියෙහි සිටියාය, ශාස්තෲන් වහන්සේ ඇතුළු නුවරට නොපිවිස එයින් නික්ම විහාරයට වැඩිසේක. මහජනයා කෑ යුතු බිඳියයුතු දෑද සත්කාර සම්මාන ද රැගෙන විහාරයට ගොස් බුද්ධ ප්රමුඛ සංඝයාට දානයක් දුන්නේය, ශාස්තෲන් වහන්සේ ඒ නුවරට නිග්‍රහ කරනු සඳහා මේ සූත්‍රය ඇරඹූ සේක. එහි විසමා යනු සමතලා නොවූයේයි, බහුරජා යනු සුළඟ හමන කල්හි උඩට නැගුණු දූවිලි සමූහයෙන් වැසුනාක් මෙන් වෙයි, සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
අක්කොසකවග්ගො දුතියො.
දෙවැනි වර්ගයයි