ආජානීයසුත‍්තං
5. 5. 1. 3.
5. 5. 1. 3.
[ආජානීයසුත‍්තං]
[අජානීය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
3. පඤ‍්චහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති, රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි පඤ‍්චහි:
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි. කවර පසෙකින් යත්:
අජ‍්ජවෙන, ජවෙන, මද‍්දවෙන, ඛන‍්තියා, සොරච‍්චෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති, රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.
ඍජුත්‍වයෙන් (අවඞ්කගමන), ජවයෙන (පදජවය), මෘදුත්‍වයෙන (සිරුරුමෘදුබව), ක්‍ෂාන්තියෙන (ඉවසීම), සුරතභාවයෙන. මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ භද්‍රාශ්වාජානීය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි.
එවමෙව ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි පඤ‍්චහි:
මහණෙනි, එ සෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
අජ‍්ජවෙන, ජවෙන, මද‍්දවෙන, ඛන‍්තියා, සොරච‍්චෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.
ඍජුත්‍වය (ඥානයාගේ ඍජු ගමන), ජවය (සූර ඥානවත්භාවය) මෘදුත්‍වය (මෘදුසිල් ඇති බව), ක්‍ෂාන්තිය (අධිවාසන ක්‍ෂාන්තිය), සුරතභාවය යන මෙයිනි. මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි