සඞ්ගාරවසුත්තං
5. 4. 5. 3.
5. 4. 5. 3.
[සඞ්ගාරවසුත්තං]
[සඞ්ගාරව සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
44. අථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
44. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි සමරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළේ ය.
කො නු ඛො භො ගොතම හෙතු? කො පච්චයො? යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. කො පන භො ගොතම හෙතු? කො පච්චයො? යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතා’පි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා’ති.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුව ම නොවැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි? භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක බොහෝ කලක් නො හදාළ මන්ත්‍රයෝත් වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමුව ම වැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි?
යස්මිං බ්‍රාහ්මණ, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ. උදපත්තො සංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය න පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
බ්‍රාහ්මණය, යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි පරාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි උභයාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වේදමන්ත්‍රයෝ නො වැටහෙත්, නොහදාළ වේදමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි, කසාපැහැයෙන් වේවයි, නිල්පැහැයෙන් වේවයි, මඳටිය පැහැයෙන් වේවයි, මුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන් පිරික්සනුයේ යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද … පරාර්‍ත්‍ථය ද … උභයාර්‍ත්‍ථය ද ... එ සමයෙහි යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්ඝරාත්රයෙහි සජ්ඣායනා කළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, සජ්ඣායනා නො කළ මන්ත්‍රයෝ ද පළමුව මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො අග්ගිනා සන්තත්තො උක්කට්ඨිතො උස්සදකජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, නපස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණය ද තත්වූ පරිදි නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයද ... පරාර්‍ත්‍ථය ද .... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි ස්වාධ්‍යායී කෘත මන්ත්‍රයෝ ද නො වැටහෙත්. අස්වාධ්‍යායීකෘතමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ගින්නෙන් තැවුනු කකාළ උණුසුම් වූ දියබදනෙක් වේ නම්, එහි චක්ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛ නිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි කොට නොදන්නේ නම්, අත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි අධ්‍යයන කළ වේදමන්ත්‍රයෝ ද නො වැටහෙත්, අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ පළමුව මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථා’පි බ්‍රාහ්මණ, උදපත්තො සෙවාලපණකපරියොනද්ධො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, නපස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථිනමිද්ධයෙන් වැතිරගත් ථිනමිද්ධයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථිනමිද්ධයාගේ යථාභූත නිඃසරණයත් නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි යථාභූතයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්ඝරාත්රයෙහි අධ්‍යයන කළ මන්ත්‍රයෝ නො වැටහෙත්. අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ කැල මැයි. බ්‍රාහ්මණය, යම්සේ සෙවෙලින් හා පෙඳින් හා වැතිරගත් දියබඳුනෙක් වේ නම්, එහි චක්ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථිනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නො දන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය, නොදක්නේ ය. දීර්ඝරාත්රයෙහි හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, නොහදාළ මන්ත්‍රයෝ කැල මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො වාතෙරිතො චලිතො භන්තො ඌමිජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, න පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් වැළඳගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නො දක්නේ ය. දීර්ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නො හදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම? බ්‍රාහ්මණය, වාතයෙන් කම්පිත වූ සැලුනු භ්‍රාන්ත වූ හටගත් රළ ඇති දියබඳුනෙක් යම්සේ නම්, එහි චක්ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ යථාභූතයෙන් නො දන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක් හි උද්ධච්චකුක්කුච්චයෙන් වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ... ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නස්ස ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො ආවිලො ලුළිතො කලලීභූතො අන්ධකාරෙ නික්ඛිත්තො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, නපස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
තවද, බ්‍රාහ්මණය, යම් කලෙක්හි විචිකිච්ඡායෙන් වැතිරැගත්, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කවරේද? බ්‍රාහ්මණය, යම්සේ නොපහන්වූ කැලැඹුණු බොරවූ දියබඳුනෙක් අඳුරෙහි තබන ලදුයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පරික්ෂා කරණුයේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් වැතිරැගත් විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
යස්මිඤ්ච ඛො බ්‍රාහ්මණ, සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ උදපත්තො අසංසට්ඨො ලාඛාය වා හළිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ යස්මිං සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
බ්‍රාහ්මණය, යම් කලෙක කාමරාගයෙන් නො වැතිරැගත් කාමරාගයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. පරාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්ඝරාත්රයෙහි නො හදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි කසාපැහැයෙන් වේවයි නිල්පැහැයෙන් වේවයි මදටිය පැහැයෙන් වේවයි නොමුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එසෙයින් ම යම්සේ කලෙක්හි කාමරාගයෙන් නො ඇවිසැගත් කාමරාගයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එ සමයෙහි තත්වූ පරිදි දන්නේය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො අග්ගිනා අසන්තත්තො අනුක්කට්ඨිතො අනුස්සදකජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිහන්ති, පගෙව සජ්ඣායකතා.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් නොඇවිසැගත් ව්‍යාපාදයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම් සේ ගින්නෙන් නො තැවුනු නො පැසුනු උණුසුම් නොකළ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ තත්වූ පරිදි දන්නේ ය. දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නො ඇසැවිගත් ව්‍යාපාදයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එ සමයෙහි තත්වූ පරිදි දන්නේය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො න සෙවාලපණකපරියොනද්ධො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය, පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථීනමිද්ධයෙන් නො වැතිරැගත් ථීනමිද්ධයෙන් නො මැඩුනු සිතින් වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි. බ්‍රාහ්මණය, යම් සේ සෙවෙලින් හා පෙඳින් නො වැතුරුණු දියබඳුනෙක් වේ නම්, එහි චක්ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථීනමිද්ධයෙන් නො වැතුරුණු ථීනමිද්ධයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථීනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන, චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො න වාතෙරිතො න චලිතො න භන්තො න ඌමිජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය, පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් නොවැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් … පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් … තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, නො හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම්සේ වාතයෙන් කම්පිත නොවූ නො සසල නො බැමුනු හටගත් රළ නැති දියබඳුනෙක් වේ නම්, එහි චක්ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සාබලනුයේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් නො වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේය, දක්නේය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
පුන චපරං බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්‍රාහ්මණ, උදපත්තො අච්ඡො විප්පසන්නො අනාවිලො ආලොකෙ නික්ඛිත්තො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය, පස්සෙය්ය, එවමෙව ඛො බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡා පරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
තවද, බ්‍රාහ්මණය, යම් කලෙක විචිකිච්ඡායෙන් නො වැතිරැගත්, විචිකිච්ඡායෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්ඝරාත්රයෙහි නො හදාළ මන්ත්‍රයෝ වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම් සේ පවිත්‍ර විප්‍රසන්න වූ අනාවිල වූ දියබඳුනෙක් ආලෝකයෙහි නික්‍ෂිප්ත වූයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සාබලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් නො වැතිරැගත් විචිකිච්ඡායෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්ඝරාත්රයෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි.
අයං ඛො බ්‍රාහ්මණ හෙතු, අයං පච්චයො, යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. අයං පන බ්‍රාහ්මණ හෙතු අයං පච්චයො, යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිහන්ති, පගෙව සජ්ඣායකතාති.
බ්‍රාහ්මණය, යම් හෙයෙකින් ඇතැම් කලෙක දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වූ ද මන්ත්‍රයෝ නො වැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුකොටම නො වැටහෙත් නම්, මෙ හේතුය. මෙ ප්‍රත්‍යය යි. බ්‍රාහ්මණය, යම් හෙයෙකින් දීර්‍ඝරාත්‍රියෙහි නො හදාළ මන්ත්‍රයෝත් ඇතැම් කලෙක වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට ම වැටහෙත් නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යයයි.
අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවිහිම්ව සරණගිය උවසු කොට මා ධරණ සේක්වායි.