දොණ සුත්තං
5. 4. 5. 2.
5. 4. 5. 2.
[දොණ සුත්තං]
[දොණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
43. අථ ඛො දොණො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දොණො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
43. එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනාර්‍හ වූ ස්මරණාර්‍හ වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පසෙක හුන් ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකෙළේ ය:
සුතං මෙතං භො ගොතම: “න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතී”ති. තයිදං භො ගොතම තථෙව, න හි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතීති. තයිදං භො ගොතම න සම්පන්නමෙවාති.
භවත් ගෞතමයන් වහන්ස, “ශ්‍රමණගෞතමයෝ ජරාජීර්ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් කල් ඉක්ම වූ අන්තිම වියට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නො කෙරෙති. දැක හුනස්නෙන් හෝ නැඟි නො සිටිති. අසුනෙන් හෝ නිමන්ත්‍රණ නො කෙරෙති” යන තෙල කරුණ මා විසින් අසන ලදී. භවත් ගෞතමයෝ ජීර්ණ වූ වෘද්ධ වූ මහලු වූ අධ්වගත වූ අන්තිම වයසට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නොකරති, දැක හුනස්නෙන් හෝ නැඟි නොසිටිති, ආසනයෙන් හෝ නිමන්ත්‍රණ නො කරති යන මෙ කරුණ එසේ මැය. භවත් ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො නිසි මැයි.
[භගවා:]
[භගවත්:]
“ත්වම්පි නො දොණ, බ්රාහ්මණො පටිජානාසී?”ති.
“ද්‍රෝණයෙනි, තො ද ‘බ්‍රාහ්මණයෙක්මි’යි පිළිණ කෙරෙහි දැ?” යි.
යං හි තං භො ගොතම සම්මා වදමානො වදෙය්ය: “බ්රාහ්මණො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො”ති මමෙව තං භො ගොතම සම්මා වදමානො වදෙය්ය.
භවත් ගෞතමයන් වහන්ස, මොනවට කරුණු කියනුයෙක් - යම් ම පුද්ගලයකු ගෙණ “මවුපිය දෙපසින් මොනවට උපන්, සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවකුස ඇති, ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූ අනුපකෘෂ්ට වූ, අධ්‍යායක වූ වේදමන්ත්‍රධර වූ, නිඝණ්ඩු හා ක්‍රියා කල්ප විකල්ප සහිත (ශික්ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්ෂර ප්‍රභේද සහිත වූ (අථර්වවේදය සිවුවැනි කොට) ඉතිහාසය පස්වනු කොට ඇති ඍග් යජුර් සාම යන තුන් වේදයෙහි පරතෙරපත්, පද හදාරණ ව්‍යාකරණ හදාරණ, ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයන්හි අනූන (සමර්ත්ථ) වූයේ බ්‍රාහ්මණ” යා කියා නම්, භවත් ගෞතමයන් වහන්ස, මනා කොට කියනුයේ එ මා ම ගෙණ කියන්නේ ය.
අහං හි භො ගොතම බ්රාහ්මණො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො, ලොකායත මහාපුරිසලක්ඛණෙසු අනවයොති.
භවත් ගෞතමයෙනි, “මම් වූකලි මව්පසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූ, සත්වන මුත්නා යුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇති, ජාතිවාදයෙන් ප්‍රතික්ෂේප නොකළ, ආක්‍රෝශ නොකළ, වේදමන්ත්‍ර හදාරණ මන්ත්‍රධර වූ, නිඝණ්ඩුකේටුභ සහිත වූ අක්ෂරප්රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති තුන් වෙදයන්ගේ පරතෙරට ගිය, පද හා ශේෂව්‍යාකරණ හදාරණ විතණ්ඩවාදශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයෙහි අනූන (සම්පූර්ණ) බමුණෙකිම් වෙමි” යි.
යෙ ඛො තෙ දොණ, බ්රාහ්මණානං පුබ්බකා ඉසයො - මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසඤ්චිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, සජ්ඣායිතමනුසජ්ඣායන්ති,* වාචිතමනුවාචෙන්ති, සෙය්යථීදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. ත්යාස්සුමෙ පඤ්ච බ්රාහ්මණෙ පඤ්ඤාපෙන්ති: බ්රහ්මසමං, දෙවසමං, මරියාදං, සම්භින්නමරියාදං, බ්‍රාහ්මණ චණ්ඩාලං යෙව පඤ්චමං. තෙසං ත්වං දොණ කතමො?ති.
ද්‍රෝණය, බමුණන්ගේ මන්ත්‍රකතෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් පූර්ව ඍෂි කෙනෙක් වෙද්ද, යම් ඍෂි කෙනකුන් සතු වූ (ඔවුන් විසින් සරසම්පත්තියෙන්) ගයන ලද, (අන්‍යයන්ට) කියන ලද, රැස් කොට තබන ලද මේ පැරණි වේදසඞ්ඛ්‍යාත මන්ත්‍රය මෙකල බමුණෝ ඒ පූර්ව ඍෂින්ට අනුව ගයත් ද, ඔවුනට අනුව (ඔවුන් විසින් කියන ලද්ද අනුව) කියත් ද, හදාරණ ලද්ද අනුව හදාරත් ද, කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු (දස දෙන) යි. ඔවුහු මේ පස් බමුණු කෙනකුන් පණවති. බ්‍රහ්මසම ය, දෙවසම ය, මරියාද ය, සම්භිත්තමරියාද ය, බ්රාහ්මණචණ්ඩාලයාම පස්වනු ය. ද්‍රෝණය, ඔවුනතුරෙන් තෙපි කවරැ යි?
න ඛො මයං භො ගොතම, ඉමෙ පඤ්ච බ්රාහ්මණෙ ජානාම. අථ ඛො මයං බ්රාහ්මණාත්වෙව ජානාම. සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අහං ඉමෙ පඤ්ච බ්රාහ්මණෙ ජානෙය්යන්ති.
භවත් ගෞතමයෙනි, ඇපි මේ පස්බමුණන් නො දනුම්හ. එතෙකුදුවත් ඇපි බ්‍රාහ්මණ යයි ම දනුම්හ. යම්සේ මම් මේ පස්බමුණන් දැනගනීම් ද, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් දහම් දෙසන සේක්වා! එ පිණිස අයදිමියි.
තෙන හි බ්‍රාහ්මණ සුණොහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං හොති ඛො දොණො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
එසේ නම් බමුණ, අස. මැනවින් මෙනෙහි කර. කියන්නෙමියි. ‘එසේ ය භවත්නි’ යි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල කරුණ වදාළහ:
කථඤ්ච දොණ, බ්රාහ්මණො බ්රහ්මසමො හොති?
හිසෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණ බ්රාහ්මසම වෙයි යත්:
ඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරබ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො අට්ඨචත්තාළීස වස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව, නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා, න වණිජ්ජාය, න ගොරක්ඛෙන, න ඉස්සත්ථෙන න රාජපොරිසෙන න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරිය ධනං නිය්යාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං - ඉති උද්ධමධො තිරියං සබ්බධී සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණා -පෙ- මුදිතා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං - ඉති උද්ධමධො තිරියං සබ්බධී සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉමෙ චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උප්පජ්ජති.
ද්‍රෝණයෙනි, මෙ ලොව්හි බමුණු මවුපසින් ද පියපසින් ද යන උභය පාර්ශ්වයෙන් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස ඇතියේ ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් වේදමන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා ඇදුරුහට ආචාර්‍ය්‍යධනය අධර්මයෙන් නොව ධර්මයෙන් ම සොයයි. ද්‍රෝණය, එහි (ආචාර්ය්යධනපර්ය්යෙෂණයෙහි) දු ධර්මය කවරේය යත්: කෘෂිකර්‍මයෙනුදු නො ම වෙයි. වණික් කර්‍මයෙනුදු නො ම වෙයි. ගෙරි රැක්මෙනුදු නො ම වෙයි. දුනුවාකමිනුදු නො ම වෙයි. රාජපුරුෂත්‍වයෙනුදු නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකිනුදු නො ම වෙයි. හුදු භික්‍ෂාචර්‍ය්‍යායෙන් කබලට (අමත්රයට) අවමන් නො කරමින් වෙයි. හේ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හේ මෙසෙයින් පැවිදි වූයේ ම විපුල වූ මෙත් සහගිය සිතින් එක් දිශාවක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිශාවද … එ සෙයින් තෙවන දිශාවද ... එ සෙයින් සතරවන දිශාවද ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මසමතායෙන් සියලු සත්ත්වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වෙසෙයි. කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්ෂා සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිග ... එසෙයින් තෙවන දිග ... එසෙයින් සතර වන දිග ... මෙ සෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මසමතායෙන් සියලු සත්ත්වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාදයෙන් යුත් උපේක්ෂා සහගත සිතින් අරමුණු කොට වාසය කරයි. හේ මෙ සතර බඹවෙහෙර වඩා කාබුන් මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයට එළඹෙයි.
එවං ඛො දොණ බ්රාහ්මණො බ්රහ්මසමො හොති.
ද්‍රෝණය, මෙසෙයින් ම බ්‍රාහ්මණ (බ්රහ්සවිහාරධ්යානයුක්ත හෙයින්) බ්‍රහ්මසම වෙයි.
කතඤ්ච දොණ බ්රාහ්මණො දෙවසමො හොති?
කිසෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණ දෙවසම වෙයි යත්:
ඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා, න වණිජ්ජාය, න ගොරක්ඛෙන, න ඉස්සත්ථෙන, න රාජපොරිසෙන, න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කයෙන, න වික්කයෙන, බ්රාහ්මණිං යෙව උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිං යෙව ගච්ඡති. න ඛත්තියිං. න වෙස්සිං, න සුද්දිං, න චණ්ඩාලිං, න නෙසාදිං, න වෙණිං, න රථකාරිං, න පුක්කුසිං ගච්ඡති. න ගබ්භිනිං ගච්ඡති, න පායමානං ගච්ඡති, න අනුතුනිං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති: සචෙ දොණ බ්රාහ්මණො ගබ්භිනිං ගච්ඡති, අතිමීළ්හජො නාම සො හොති මාණවකො වා මාණවිකා වා. තස්මා දොණ බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න පායමානං ගච්ඡති: සචෙ දොණ බ්රාහ්මණො පායමානං ගච්ඡති, අසුචි පටිපීතො නාම සො හොති මාණවකො වා මාණවිකා වා. තස්මා දොණ බ්රාහ්මණො න පායමානං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න අනුතුනිං ගච්ඡති: සචෙ දොණ බ්රාහ්මණො අනුතුනිං ගච්ඡති තස්ස සා හොති බ්රාහ්මණී නෙව කාමත්ථා න දවත්ථා න රතත්ථා, පජත්ථාව බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. සො මිථුනං උප්පාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො විවිච්චෙව කාමෙහි චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමෙ චත්තාරො ඣානෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
ද්‍රෝණය, මෙ ලොව්හි බ්‍රාහ්මණ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවුකුස් ඇතියේ ජාතාවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්‍රෝෂ නො කරණ ලදුයේ වෙයි. හේ අටසාළිස්වසක් වේදමන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස්වසක් කුමරබඹසර වැස වේදමන්ත්‍ර හදාරා ඇදුරුහට ආචාර්‍ය්‍යධනය නො දැහැමින් නො ව දැහැමින් ම සොයයි. ද්‍රෝණය, එහි ලා දහම් කවර: කෘෂිකර්මයෙන් නො වෙයි. වණික්කර්මයෙන් නො වෙයි. ගෙරිරැක්මෙන් නො වෙයි. දුනුවාකමින් ද නො වෙයි. රාජපුරුෂත්ත්වයෙන් නො වෙයි. අන්‍යතර ශිල්පයෙකින් නො වෙයි. හුදෙක් භික්‍ෂාචර්‍ය්‍යායෙන් කබලූ නො අවමන් කරමින් වෙයි. හෙ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී නොදැහැමින් නො ව දැහැමින් ම අඹුවක සොයයි. ද්‍රෝණය, එහිදු කවර ධර්මයෙක යත්: මිලදී ගැණීමෙන් නො වෙයි. විකිණැගැණීමෙන් නො වෙයි. අතැ පැන් හෙව දුන් බැමිණියක ම සොයයි. හෙ බැමිණියක කරා ම එළඹෙයි. කැත්දුවක කරා නො යෙයි. වෛශ්‍ය ස්ත්‍රියක කරා ද නො යෙයි. ශුද්‍රස්ත්‍රියක කරා ද නො යෙයි. සැඬැලියක කරා ද නො යෙයි. වැදි අඟනෙක කරා ද නො යෙයි. කුළුපොතු අඟනක කරාද නො යෙයි. සොම්මරු අඟනක කරා ද නො යෙයි. පුප්සඬු අඟනක කරා ද නො යෙයි. ගැබිනියක කරා ද නො යෙයි. දරුවන් කිරිපොවන්නියක කරා ද නො යෙයි. ඔසප් නොවූ මාගමක කරා ද නො යෙයි. ද්‍රෝණය, බ්‍රාහ්මණ කවර හෙයින් ගැබිනියක කරා නො යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බමුණු ගැබින කරා යේ නම්, උපදනා ඒ මණෙවු හෝ මෙණෙවි හෝ මහා මීළහ (ගූථරාශි) යෙහි උපන්නේ නම් වෙයි. ද්‍රෝණය, එහෙයින් බ්‍රාහ්මණ ගැබිනියක වෙත නො යෙයි. ද්රෙණය, කවර හෙයින් බ්‍රාහ්මණ දරුවන් කිරිපොවන්නියක කරා නොයේද යත්: ද්‍රෝණයෙනි, ඉදින් බ්‍රාහ්මණ දරුවන් කිරිපොවන්නියක කරා යේ නම්, එ මණෙවු හෝ මෙණෙවිය හෝ අශුචි පානය කෙළේ වන්නේ ය. ද්‍රෝණය, එහෙයින් බමුණු දරුවන් කිරිපොවන්නියක කරා නො යෙයි: ද්‍රෝණය, බමුණු කවර හෙයින් ඔසප් නො වූ බැමිණිය කරා නො යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බමුණු ඔසප් නො වූ බැමිණියක කරා යේ නම් යුතු නො වෙයි. ඔහට එ බැමිණි කාමය සඳහා නො වෙයි. දවය සඳහා නො වෙයි. රතිය පිණිස නො වෙයි. බමුණුහට බැමිණි ප්රජාසන්තානය පිණිස ම වෙයි. හෙ පුතකු හා දුවක හා උපදවා කෙස්මස් බහා කසාවත් හැඳපෙරෙව ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හෙ මෙසේ පැවිදි වූයේ ම කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වාසය කරයි. හෙ මෙ සතර දැහැන් වඩා කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග (බ්‍රහ්ම) ලෝකයෙහි උපදනේ ය.
එවං ඛො දොණ බ්රාහ්මණො දෙවසමො හොති.
ද්‍රෝණය, මෙසේ බ්‍රාහ්මණ (ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්ම) දෙවසම වෙයි.
කථඤ්ච දොණ, බ්රාහ්මණො මරියාදො හොති?
කිසෙයින් ද්‍රෝණයෙනි, බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇති වෙයි යත්:
ඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීසවස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා, න වණිජ්ජාය, න ගොරක්ඛෙන, න ඉස්සත්ථෙන, න රාජපොරිසෙන, න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කයෙන, න වික්කයෙන, බ්රාහ්මණිං යෙව උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිං යෙව ගච්ඡති, න ඛත්තියිං, න වෙස්සිං, න සුද්දිං, න චණ්ඩාලිං, න නෙසාදිං, න වෙණිං, න රථකාරිං, න පුක්කුසිං ගච්ඡති. න ගබ්භිනිං ගච්ඡති. න පායමානං ගච්ඡති න අනුතුනිං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති? සචෙ දොණ බ්රාහ්මණො ගබ්භිනිං ගච්ඡති -පෙ- පජත්ථා ව බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. සො මිථුනං උප්පාදෙත්වා තමෙව පුත්තස්සාදං නිකාමයමානො කුටුම්බං අජ්ඣාවසති, න අගාරස්මා අනගාරියං පබ්බජති. යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදා, තත්ථ තිට්ඨති, තං න වීතික්කමති ‘යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදො තත්ථ බ්රාහ්මණො ඨිතො තං න වීතික්කමතී’ති ඛො දොණ තස්මා “බ්රාහ්මණො මරියාදො” ති වුච්චති.
ද්‍රෝණය, මෙලොව්හි බ්‍රාහ්මණ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූයේ සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇතියේ ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වූයේ වෙයි. හේ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා ආචාර්‍ය්‍යහට අධර්මයෙන් නොව ධර්මයෙන් ම ආචාර්ය්යධන සොයයි. ද්‍රෝණය, එහි ධර්මය කවර යත්: කෘෂිකර්මයෙන් ද නො ම වෙයි. වණික්කර්මයෙන් ද නො ම වෙයි. ගෝරක්ෂායෙන් ද නො ම වෙයි. දුනුවාකමින් ද නො ම වෙයි. රාජපුරුෂත්වයෙන් ද නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකින් ද නො ම වෙයි. භික්‍ෂාචර්‍ය්‍යායෙන් ම කබලු (භික්ෂා භාජන) නො අවමන් කරණුයේ හුදෙක් ධන සොයයි. හෙ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී අධර්මයෙන් නොව ධර්මයෙන් ම දාරපර්ය්යෙෂණා කෙරෙයි. බමුණ එහිදු ධර්මය කවර යත්: ක්‍රයයෙනුදු නොවෙයි. වික්‍රයයෙනුදු නො වෙයි. අතැ පැන් හෙව දුන් බැමිණියක ම සොයයි. හෙ බැමිණිය කරා ම යෙයි. කැත්කුමරියක කරා නො යෙයි. වෛශ්‍ය ස්ත්‍රියක කරා නො යෙයි. ශුද්‍රස්ත්‍රියක කරා නො යෙයි. සැඬලියක කරා නො යෙයි. වැදි අඟනක කරා නො යෙයි. කුළුපොතු අඟනක කරා නො යෙයි. සොම්මරු අඟනක කරා නො යෙයි. පුප්සඬුවක කරා නො යෙයි. ගැබිනක කරා නො යෙයි. දරුවන් කිරි පොවන්නියක කරා නො යෙයි. ඍතුමත් නො වූවක කරා නො යෙයි. ද්‍රෝණයෙනි, කවර හෙයින් බ්‍රාහ්මණ ගැබින කරා නොම යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බ්‍රාහ්මණ ගැබින කරා යේ නම් ... ප්‍රජාව පිණිස ම බමුණුහට බැබිණි වෙයි. හෙ මිථුනය උපදවා එ දරුගේ ම ආස්වාදය කැමති වනුයේ ගිහිගෙයි වෙසෙයි. ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නො වෙයි. පැරණි බමුණන්ගේ මර්‍ය්‍යාදාව යම්තාක් වෙ නම්, එහි සිටුනේ ය. එය නො මඩනේ ය. පැරණි බමුණන්ගේ මර්ය්යාදාය යම් තාක් නම් බ්‍රාහ්මණ එහි සිටියේ එය ව්යතික්රම නො කෙරේය යන එකරුණින් ම ද්‍රෝණය “බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇතියෙකැ” යි කියනු ලැබේ.
එවං ඛො දොණ බ්රාහ්මණො මරියාදො හොති.
ද්‍රෝණයෙනි, මෙසේ බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇති වෙයි.
කථඤ්ච දොණ, බ්රාහ්මණො සම්භින්නමරියාදො හොති?
ද්‍රෝණය, කිසෙයින්, බ්‍රාහ්මණ සමහින්නමරියාද වෙයි යත්:
ඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති -පෙ- අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති, ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා න වණිජ්ජාය න ගොරක්ඛෙන න ඉස්සත්ථෙන, න රාජපොරිසෙන, න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙන’පි අධම්මෙන’පි. කයෙන’පි වික්කයෙන’පි බ්රාහ්මණිම්පි උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිම්පි ගච්ඡති, ඛත්තියිම්පි ගච්ඡති, වෙස්සිම්පි ගච්ඡති, සුද්දිම්පි ගච්ඡති, චණ්ඩාලිම්පි ගච්ඡති, නෙසාදිම්පි ගච්ඡති, වෙණිම්පි ගච්ඡති, රථකාරිම්පි ගච්ඡති, පුක්කුසිම්පි ගච්ඡති, ගභිනිම්පි ගච්ඡති, පායමානම්පි ගච්ඡති, උතුනිම්පි ගච්ඡති, අනුතුනිම්පි ගච්ඡති, තස්ස සා හොති බ්රාහ්මණී කාමත්ථාපි දවත්ථාපි රතත්ථාපි. න පජත්ථාව බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදා, තත්ථ න තිට්ඨති, තං වීතික්කමති. ‘යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදා තත්ථ බ්රාහ්මණො න ඨිතො, තං වීතික්කමතී’ති ඛො දොණ තස්මා “බ්රාහ්මණො සම්භින්නමරියාදො” ති වුච්චති.
ද්‍රෝණය, මෙ ලෙව්හි බ්‍රාහ්මණ මව්පිය දෙපසින් සුජාත වූයේ වෙයි … ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා දැහැමින් ම ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍යධනය අදහමින් නො ව දහමින් සොයයි. ද්‍රෝණය, එහිදු දහම් කවර යත්: කෘෂිකර්මයෙන් නො ම වෙයි. වණික් කර්මයෙන් නො වෙයි. ගවරක්ෂායෙන් නො ම වෙයි. දුනුවාකමින් නො ම වෙයි. රාජපුරුෂභාවයෙන් නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකින් නො ම වෙයි, භික්ෂාභාජනය (හිඟනපාත්රය) නො ඉක්මවා සිතනුයේ (නො ගරහනුයේ) හුදු භික්‍ෂාචර්‍ය්‍යායෙන් සොයයි. හේ ආචාර්‍ය්‍යහට ආචාර්ය්ය ධනය පවරා දී ධර්‍මයෙනුදු අධර්‍මයෙනුදු ක්‍රයයෙනුදු වික්රයෙනුදු දිය එව පාවාදුන් භාර්‍ය්‍යාවක හෝ බැමිණියක සොයයි. හේ බැමිණියක වෙත ද යෙයි, කැත්දුවක වෙත ද යෙයි, වෛශ්යස්ත්රියක වෙත ද යෙයි, ශුද්‍රියක වෙත ද යෙයි, සැඩලියක වෙත ද යෙයි. වැදිඅඟනක වෙත ද යෙයි, කුලුපොතු අඟනක වෙත ද යෙයි, සොම්මරු අඟනක වෙත ද යෙයි. පුප්සඬු අඟනක වෙත ද යෙයි. ගැබිනිය වෙත ද යෙයි, දරුවන් කිරි පොවන්නිය වෙත ද යෙයි. ඔසප් අඟන වෙත ද යෙයි. ඔසප් නො වූ අඟන වෙත ද යෙයි. ඔහට තෙල බැමිණි කාම පිණිස ද වෙයි, කෙළි පිණිස ද වෙයි, කාමරති පිණිස ද වෙයි. එ බමුණුහට බැමිණිය පුත්‍රප්‍රජාව පිණිස ම නො වෙයි. පුරාණ බමුණන්ගේ යම් ආචාරමර්ය්යාදාවෙක් වේ නම්, එහි නො සිටියි, එය ඉක්මවාලයි. ද්‍රෝණය, පුරාණ බ්‍රාහ්මණයන්ගේ යම් මර්ය්යාදායෙක් වේ ද, බමුණු එහි නො සිටියේ එය ඉක්මවාලයි. එහෙයින් “බ්‍රාහ්මණ සම්හින්න මරියාදා අත්තේ” ය යි කියනු ලැබේ.
එවං ඛො දොණ බ්රාහ්මණො සම්භින්නමරියාදො හොති.
ද්‍රෝණ, මෙසේ බමුණ සම්හින්න මරියාද වේ.
කථඤ්ච දොණ, බ්රාහ්මණො බ්‍රාහ්මණ චණ්ඩාලො හොති?
ද්‍රෝණය, බ්‍රාහ්මණ කෙසේ නම් බ්‍රාහ්මණචණ්ඩාල වේ යත්:
ඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙන’පි අධම්මෙන’පි කසියා’පි වණිජ්ජාය’පි ගොරක්ඛෙන’පි ඉස්සත්ථෙන’පි රාජපොරිසෙන’පි සිප්පඤ්ඤතරෙන’පි කෙවලම්පි භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙන’පි අධම්මෙන’පි කයෙන’පි වික්කයෙන’පි උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිම්පි ගච්ඡති, ඛත්තියිම්පි ගච්ඡති, වෙස්සිම්පි ගච්ඡති, සුද්දිම්පි ගච්ඡති, චණ්ඩාලිම්පි ගච්ඡති, නෙසාදිම්පි ගච්ඡති, වෙණිම්පි ගච්ඡති රථකාරිම්පි ගච්ඡති, පුක්කුසිම්පි ගච්ඡති, ගබ්භිනිම්පි ගච්ඡති, පායමානම්පි ගච්ඡති, උතුනිම්පි ගච්ඡති, අනුතුනිම්පි ගච්ඡති තස්ස සා හොති බ්රාහ්මණී කාමත්ථාපි දවත්ථාපි රතත්ථාපි, න පජත්ථාව බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. සො සබ්බකම්මෙහි ජීවිකං කප්පෙති, කමෙනං බ්රාහ්මණා එවමාහංසු: “කස්මා භවං බ්රාහ්මණො පටිජානමානො සබ්බකම්මෙහි ජීවිකං කප්පෙති?”ති. සො එවමාහ: “සෙය්යථාපි භො අග්ගි සුචිම්පි දහති, අසුචිම්පි දහති න ච තෙන අග්ගි උපලිප්පති, එවමෙව ඛො භො සබ්බකම්මෙහි චෙපි බ්රාහ්මණො ජීවිකං කප්පෙති, න ච තෙන බ්රාහ්මණො උපලිප්පති”. සබ්බකම්මෙහි ජීවිකංකප්පෙතීති ඛො දොණ තස්මා බ්රාහ්මණො “බ්‍රාහ්මණ චණ්ඩාලො”ති වුච්චති.
ද්‍රෝණය, මෙ ලෙව්හි බ්‍රාහ්මණ මවුපසින් හා පියපසින් හා උභයපාර්‍ශවයෙන් සුජාත වූයේ සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස් ඇතියේ වෙයි. ජාතිවාදයෙන් අක්ෂිපතවූයේ අනුපකෘෂ්ට වෙයි. හෙ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර සෙරෙයි. හේ මන්ත්‍ර හදාරා අටසාළිස් වසක් කුමරබඹසර සැරැ ඇදුරුහට දැහැමිනුදු නොදැහැමිනුදු කෘෂිකර්‍මයෙනුදු වණික්කර්මයෙනුදු ගෝරක්ෂායෙනුදු දුනුවාකමිනුදු රාජපුරුෂත්‍වයෙනුදු අන්‍යතර ශිල්පයෙනුදු කබලු හෙළා නො දක්වමින් හුදෙක් භික්ෂාචර්ය්යයෙනුදු ආචාර්ය්ය ධනය සොයන්නේය. හේ ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍යධනය පවරා දී දැහැමිනුදු නොදැහැමිනුදු ක්‍රයයෙනුදු වික්‍රයයෙනුදු දිය අතැ හෙව දුන් භාර්‍ය්‍යාවක සොයයි. හේ බ්‍රාහ්මණිය වෙත ද යෙයි. ක්‍ෂත්‍රියාව වෙත ද යෙයි. වෛශ්යස්ත්රිය කරා ද යෙයි. ශුද්රස්ත්රිය කරා ද යෙයි. සැඩොලිය වෙත ද යෙයි. වැදි අඟන වෙත ද යෙයි. කුළුපොතු අඟනක කරා ද යෙයි. සැඬොලිය වෙත ද යෙයි. සොම්මරු අඟන වෙත ද යෙයි. පුප්සඬු අඟන වෙත ද යෙයි. ගැබිනිය කරා ද යෙයි. කිරිපොවන්නිය කරා ද යෙයි. ඔසප් වූවක කරා ද යෙයි, ඔසප් නොවූවක කරා ද යෙයි. ඔහට ඒ බැමිණිය කාම පිණිස ද, දව පිණිස ද, කාමරති පිණිස ද වෙයි. පුත්‍රප්‍රජාව සඳහා ම බමුණුහට බැමිණිය නො වෙයි. හේ හැම කර්මයෙන් දිවි රක්නේය. තෙල පුඟුල්හට බ්‍රාහ්මණයෝ මෙසේ කියන්නාහ: “කවර හෙයින් භවත් ‘බ්‍රාහ්මණයෙමි’ යි පිළින කෙරෙමින් හැම කර්මයෙන් ජීවිකා කෙරේදැ”යි. හේ මෙසේ කියයි: “භවත්නි, යම්සේ අගතිය පවිත්‍රයත් දවා ද, අපවිත්‍රයත් දවා ද, එය හා අගතිය නො තැවරේ ද, භවත්නි, එසෙයින් ම බ්‍රාහ්මණ හැම කර්මාන්තයෙන් ජීවිකා කෙරේ නම්, බ්‍රාහ්මණ එය හා නො තැවරේ.” ද්‍රෝණය, බ්‍රාහ්මණයා සර්වකර්මාන්තයෙන් ජීවිකා කරන්නේ ය යන එකරුණෙන් බ්‍රාහ්මණයා “බ්රාහ්මචණ්ඩාල” යයි කියනු ලැබේ.
එවං ඛො දොණ බ්රාහ්මණො බ්රාහ්මණචණ්ඩාලො හොති.
ද්‍රෝණය, මෙසෙයින් බ්‍රාහ්මණචණ්ඩාල වෙයි.
යෙ ඛො දොණ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො - මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙස්යඤ්චිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, සජ්ඣායිතමනුසජ්ඣායන්ති, වාචිතමනුවාචෙන්ති, සෙය්යථීදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. ත්යාස්සුමෙ පඤ්ච බ්රාහ්මණෙ පඤ්ඤාපෙන්ති: බ්රහ්මසමං, දෙවසමං, මරියාදං, සම්හින්නමරියාදං, බ්රාහ්මණචණ්ඩාලංයෙව පඤ්චමං. තෙසං ත්වං දොණ කතමො?ති. එවං සන්තෙ මයං භො ගොතම බ්රාහ්මණචණ්ඩාලම්පි න පුරෙම.
ද්‍රෝණය, බමුණන්ගේ මන්ත්‍රකතෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් පූර්ව ඍෂි කෙනෙක් වෙත් ද, යම් ඍෂි කෙනකුන් විසින් ගයන ලද පවත්වන ලද සඞ්ග්‍රහ කරණ ලද මේ පුරාණ මන්ත්‍රපදයක් වේ ද, මෙකල්හි බ්‍රාහ්මණයෝ ඒ ගීතය අනුගායනා කෙරෙත් ද, එය අනුව කියත් ද, (ඔවුන් විසින්) හදාරණ ලද්ද අනුව හදාරත් ද, (අන්‍යයනට) කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු යි. ඔහු මේ පස් බමුණන් පණවති, බ්‍රහ්මසමය, දෙවසම ය, මරියාදය, සමහින්නමරියාද ය, බ්‍රාහ්මණචණ්ඩාල ම පස්වනු ය. ද්‍රෝණය, තෝ ඔවුනතුරෙහි කතමයෙහි දැ?යි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි අපි බ්රාහ්මචණ්ඩාලයා පවා නො පුරම්හ. (බ්‍රාහ්මණ චණ්ඩාල තරම්වත් නොවම්හ)
අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවි ඇතිතෙක් සරණ ගිය උපාසකයකු තොට ධරණ සේක් වායි.