යෙදුමෙන් කියවන්න

සොණ සුත‍්තං

5. 4. 5. 1.

5. 4. 5. 1.

[සොණ සුත‍්තං]

[සෝණ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

42. පඤ‍්චිමෙ භික‍්ඛවෙ පොරාණා බ්‍රාහ‍්මණධම‍්මා එතරහි සුනඛෙසු සන්‍දිස‍්සන‍්ති නො බ්‍රාහ‍්මණෙසු. කතමෙ පඤ‍්ච:

42. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍ම (බමුණු සිරිත්) පසෙක් මෙ කල්හි ශුනකයන් කෙරෙහි දක්නා ලැබෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො දක්නා ලැබෙයි. කවර පසෙක යත්:

පුබ‍්බෙ සුදං භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණිං යෙව ගච‍්ඡන‍්ති, නො අබ්‍රාහ‍්මණිං. එතරහි භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණිම‍්පි ගච‍්ඡන‍්ති. අබ්‍රාහ‍්මණිම‍්පි ගච‍්ඡන‍්ති. එතරහි භික‍්ඛවෙ සුනඛා සුනඛිං යෙව ගච‍්ඡන‍්ති, නො අසුනඛිං. අයං භික‍්ඛවෙ පඨමො පොරාණො බ්‍රාහ‍්මණධම‍්මො එතරහි සුනඛෙසු සන්‍දිස‍්සති, නො බ්‍රාහ‍්මණෙසු.

මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක කරා ම යෙත්. අබ්‍රාහ්මණියක කරා නොයෙත්. මහණෙනි, මෙකල්හි බ්‍රාහ්මණයෝ බැමිණිය කරා ද යෙත්. නොබැමිණිය කරා ද යෙත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකිය වෙත ම යෙති. අශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පළමුවැනි පැරණි වූ බ්‍රාහ්මණ ධර්‍මය දැන් ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.

පුබ‍්බෙ සුදං භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණිං උතුනිං යෙව ගච‍්ඡන‍්ති, නො අනුතුනිං. එතරහි භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණිං උතුනිම‍්පි ගච‍්ඡන‍්ති, අනුතුනිම‍්පි ගච‍්ඡන‍්ති, එතරහි භික‍්ඛවෙ සුනඛා සුනඛිං උතුනිං යෙව ගච‍්ඡන‍්ති, නො අනුතුනිං. අයං භික‍්ඛවෙ දුතියො පොරාණො බ්‍රාහ‍්මණ ධම‍්මො එතරහි සුනඛෙසු සන්‍දිස‍්සති, නො බ්‍රාහ‍්මණෙසු.

මහණෙනි, පෙර බමුණෝ ඔසප්වූ බැමිණිය වෙත ම යෙති, ඔසප් නො වූ බැමිණිය වෙත නොයත්. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ ඔසප් වූ බැමිණිය වෙත ද යෙති. ඔසප් නො වූ බැමිණිය වෙත ද යෙත්. මහණෙනි, මෙ වක්හි ශුනකයෝ ඔසප් වූ ම ශුනකිය වෙත යෙති. ඔසප් නොවූ ශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.

පුබ‍්බෙ සුදං භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණිං නෙව කිණන‍්ති, නො වික‍්කිණන‍්ති. සම‍්පියෙනෙව සංවාසං සංසග‍්ගත්‍ථාය සම‍්පවත‍්තෙන‍්ති. එතරහි භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණිං කිණන‍්තිපි, වික‍්කිණන‍්තිපි. සම‍්පියෙනපි සංවාසං සංසග‍්ගත්‍ථාය සම‍්පවත‍්තෙන‍්ති. අසම‍්පියෙනපි සංවාසං සංසග‍්ගත්‍ථාය සම‍්පවත‍්තෙන‍්ති. එතරහි භික‍්ඛවෙ සුනඛා සුනඛිං නෙව කිණන‍්ති, නො වික‍්කිණන‍්ති. සම‍්පියෙනෙව සංවාසං සංසග‍්ගත්‍ථාය සම‍්පවත‍්තෙන‍්ති. අයං භික‍්ඛවෙ තතියො පොරාණො බ්‍රාහ‍්මණධම‍්මො එතරහි සුනඛෙසු සන්‍දිස‍්සති, නො බ්‍රාහ‍්මණෙසු.

මහණෙනි, පූර්‍වයෙහි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක ගන්නෝ මිලදී නො ගනිති. දෙන්නෝ නො ම විකුණති. අන්‍යෝන්‍ය සත් (විද්‍යමාන) ප්‍රේමයෙන් ම කුල පරම්පරාව ඝටනු පිණිස සංවාසය පවත්වති. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක මිලදී ද ගනිති, විකුණන්නාහු ද වෙති. අන්‍යෝන්‍ය සත්ප්‍රේම යෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. අසත්ප්‍රෙමයෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකියක මිලදී නො ම ගනිති. නොම විකුණති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ම කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මේ තෙවන පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ කල්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණෙයි.

පුබ‍්බෙ සුදං භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා සන‍්නිධිං න කරොන‍්ති ධනස‍්සපි ධඤ‍්ඤස‍්සපි රජතස‍්සපි ජාතරූපස‍්සපි. එතරහි භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා සන‍්නිධිං කරොන‍්ති ධනස‍්සපි ධඤ‍්ඤස‍්සපි රජතස‍්සපි ජාතරූපස‍්සපි. එතරහි භික‍්ඛවෙ සුනඛා සන‍්නිධිං න කරොන‍්ති ධනස‍්සපි ධඤ‍්ඤස‍්සපි රජතස‍්සපි ජාතරූපස‍්සපි. අයං භික‍්ඛවෙ චතුත්‍ථො පොරාණො බ්‍රාහ‍්මණධම‍්මො එතරහි සුනඛෙසු සන්‍දිස‍්සති, නො බ්‍රාහ‍්මණෙසු.

මහණෙනි, පෙර බමුණෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි (රැස්කොට තැබීම) නො කරත්. මහණෙනි, මෙ වක්හි බ්‍රාහ්මණයෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි කරත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ධනය ද ධාන්‍ය ද රජත ද ජාතරූප ද සන්නිධි නො කරත්. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි බ්‍රාහ්මණයන් කෙරෙහි නොව ශුනකයන් කෙරෙහි මැ දෘශ්‍යමාන වෙයි.

පුබ‍්බෙ සුදං භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා සායං සායමාසාය, පාතො පාතරාසාය භික‍්ඛං පරියෙසන‍්ති. එතරහි භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා අවසෙසං ආදාය පක‍්කමන‍්ති. එතරහි භික‍්ඛවෙ සුනඛා සායං සායමාසාය, පාතො පාතරාසාය භික‍්ඛං පරියෙසන‍්ති. අයං භික‍්ඛවෙ පඤ‍්චමො පොරාණො බ්‍රාහ‍්මණධම‍්මො එතරහි සුනඛෙසු සන්‍දිස‍්සන‍්ති, නො බ්‍රාහ‍්මණෙසු.

මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ සායමාශ (සවස කෑම) සඳහා සවස්හි දු ප්‍රාතරාශය (උදය කෑම) සඳහා උදාසන්හි දු භික්‍ෂා සොයා ඇවිදුනාහ. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ කැමති තාක් කුස් පුරා අහර වළඳා අවශේෂය රැගෙණ යෙති. මහණෙනි, මෙකල්හි ශුනකයෝ සායාහනයෙහි සායමාශය සඳහා ද උදාසන්හි ප්‍රාතරාශය සඳහා ද සොයා ඇවිදුනාහ. මහණෙනි, මේ පස්වන පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නො වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච පොරාණා බ්‍රාහ‍්මණධම‍්මා එතරහි සුනඛෙසු සන්‍දිස‍්සන‍්ති, නො බ්‍රාහ‍්මණෙසූති.

මහණෙනි, මේ පැරණි බමුණුදහම් පස මෙ කල්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නොවේ යයි.