යෙදුමෙන් කියවන්න

පත‍්තපිණ‍්ඩික සුත‍්තං

5. 4. 4. 11.

5. 4. 4. 11.

[පත‍්තපිණ‍්ඩික සුත‍්තං]

[පත්තපිණ්ඩික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. පඤ‍්චිමෙ භික‍්ඛවෙ පත‍්තපිණ‍්ඩිකා. කතමෙ පඤ‍්ච:

41. මහණෙනි, මේ පත්තපිණ්ඩිකයෝ (පාත්‍රසංඥා ඇතිව පිඬු පිළිගන්නෝ) පස් දෙනෙකි ... කවර පස් දෙනෙක් යත්:

මන්‍දත‍්තා මොමුහත‍්තා පත‍්තපිණ‍්ඩිකො හොති. පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො පත‍්තපිණ‍්ඩිකො හොති. උම‍්මාදා චිත‍්තක‍්ඛෙපා පත‍්තපිණ‍්ඩිකො හොති. වණ‍්ණිතං බුද‍්ධෙහි බුද‍්ධසාවකෙහීති පත‍්තපිණ‍්ඩිකො හොති. අප‍්පිච‍්ඡතං යෙව නිස‍්සාය, සන‍්තුට‍්ඨිං යෙව නිස‍්සාය, සල‍්ලෙඛං යෙව නිස‍්සාය, පවිවෙකං යෙව නිස‍්සාය, ඉදමට‍්ඨිතං යෙව නිස‍්සාය, පත‍්තපිණ‍්ඩිකො හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච පත‍්තපිණ‍්ඩිකා.

මන්‍දභාවයෙන් මොමුහතායෙන් පත්තපිණ්ඩික වෙයි. ලාමකෙච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ පත්තපිණ්ඩික වෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. ‘බුදුන් විසින්’ බුදු සව්වන් විසින් පසස්නා ලදැ’යි පත්තපිණ්ඩික වෙයි. අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා (ධුතාඞ්ග වශයෙන්) පත්තපිණ්ඩික වෙයි. මහණෙනි, මෙ පඤ්ච පත්තපිණ්ඩිකයෝ ය.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං පත‍්තපිණ‍්ඩිකානං ය‍්වායං පත‍්තපිණ‍්ඩිකො අප‍්පිච‍්ඡතං යෙව නිස‍්සාය, සන‍්තුට‍්ඨිං යෙව නිස‍්සාය, සල‍්ලෙඛං යෙව නිස‍්සාය, පවිවෙකං යෙව නිස‍්සාය, ඉදමට‍්ඨිතං යෙව නිස‍්සාය, පත‍්තපිණ‍්ඩිකො හොති. අයං ඉමෙසං පඤ‍්චන‍්නං පත‍්තපිණ‍්ඩිකානං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.

මහණෙනි, මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙම මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.

සෙය්‍යාථාපි භික‍්ඛවෙ ගවා ඛීරං ඛීරම‍්හා දධි, දධිම‍්හා නවනීතං, නවනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො තත්‍ථ අග‍්ගමක‍්ඛායති; එවමෙව ඛො භික‍්ඛවෙ ඉමෙසං පඤ‍්චන‍්නං පත‍්තපිණ‍්ඩිකානං ය‍්වායං පත‍්තපිණ‍්ඩිකො අප‍්පිච‍්ඡතං යෙව නිස‍්සාය, සන‍්තුට‍්ඨිං යෙව නිස‍්සාය, සල‍්ලෙඛං යෙව නිස‍්සාය, පවිවෙකං යෙව නිස‍්සාය, ඉදමට‍්ඨිතං යෙව නිස‍්සාය පත‍්තපිණ‍්ඩිකො හොති, අයං ඉමෙසං පඤ‍්චන‍්නං පත‍්තපිණ‍්ඩිකානං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො චාති.

මහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරියෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ නම්, මහණෙනි, එපරිද්දෙන් මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙමේ මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ යයි.

ආරඤ‍්ඤකවග‍්ගො චතුත්‍ථො.

ආරඤ්ඤකවර්‍ගය සතරවැනි යි

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ආරඤ‍්ඤං පංසුපිණ‍්ඩං ච රුක‍්ඛසුසානෙන අබ‍්භොකාසිකං නෙසජ‍්ජං සන්‍ථතං එකාසනිකං ඛලුපච‍්ඡාපිණ‍්ඩිකෙන චාති.

ආරඤ්ඤක සූත්‍රය, පංසුකූලික සූත්‍රය, පිණ්ඩපාතික සූත්‍රය, රුක්ඛමූල සූත්‍රය, සෝසානික සූත්‍රය, අබ්භොසික සූත්‍රය, නෙසජ්ජික සූත්‍රය, යථාසන්‍ථතික සූත්‍රය, ඒකාසනික සූත්‍රය, බලුපච්ඡාභන්තික සූත්‍රය, පත්තපිණ්ඩික සූත්‍රය දැ යි එකොළොසෙකි.