යෙදුමෙන් කියවන්න

ගිහීසුත‍්තං

5. 4. 3. 9.

5. 4. 3. 9.

[ගිහීසුත‍්තං]

[ගිහි සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

29. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති පඤ‍්චමත‍්තෙහි උපාසකසතෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. අථ ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආමන‍්තෙසි:

29. එ කල්හි අනේපිඬු ගැහැවි පන්සියක් පමණ උවසුවන් විසින් පිරිවරණ ලදුවැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක:

යං කිඤ‍්චි සාරිපුත‍්ත, ජානෙය්‍යාථ ගිහිං ඔදාතවසනං පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තං, චතුන‍්නඤ‍්ච ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්ම සුඛවිහාරානං නිකාමලාභිං අකිච‍්ඡලාභිං අකසිරලාභිං, සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො”ති.

ශාරිපුත්‍රයෙනි, සුදුවත් හඳනා (පඤ්චශික්‍ෂාපදයෙහි) සංවෘතක්‍රියා ඇති යම් කිසි ගිහියකු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති විශුද්ධචිත්තය ඇසුරු කළ සතර ධර්‍මයන් කැමතිසේ ලබනුවහු නිදුකින් ලබනුවහු විපුල කොට ලබනුවහු දනිවූ ද? හෙතෙම කැමති වනුයේ “ක්‍ෂයකළ නිරය (නිරයගාමිකර්‍ම) ඇතියෙම් වෙමි. කෟෂය කළ තිරිසන් යොන් ඇතියෙම් වෙමි. ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි. ක්‍ෂීණ වූ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් වෙමි. අපායට නොවැටෙන සැහැවි ඇතියෙම් මාර්‍ගනියාමයෙන් නියතයෙම්, සම්බෝධිය (අර්‍හත්ත්‍වය) පරායණ කොට ඇතියෙම්, සෝවන් වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ ය.

කතමෙසු පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තො හොති?

කවර (පඤ්චශික්‍ෂාපදයෙක් හි) සංවෘත ක්‍රියා ඇතියේ වේ ය යත්:

ඉධ සාරිපුත‍්ත, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති.

ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරික් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.

ඉමෙසු පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තො හොති.

මෙ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්‍ම ඇතියේ වෙයි.

කතමෙසං චතුන‍්නං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී?

ආභිචේතසික වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති කවර දහම් කැමැති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වේ ය යත්:

ඉධ සාරිපුත‍්ත, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුමස‍්සානං බුද‍්ධො භගවාති”ති. අයමස‍්ස පඨමො ආභිචෙතසිකො දිට‍්ඨධම‍්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද‍්ධස‍්ස චිත‍්තස‍්ස විසුද‍්ධියා අපරියොදාතස‍්ස චිත‍්තස‍්ස පරියොදපනාය.

ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක “මෙ මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථීයහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ” යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් විශුද්ධ නො වූ චිත්තයාගේ ශුද්ධිය සඳහා පර්‍ය්‍යවදාත නො වූ චිත්තයාගේ පර්‍ය්‍යාවදානය සඳහා මෙ ප්‍රථම උත්තමචිත්තය ඇසුරුකළ දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.

පුන චපරං සාරිපුත‍්ත, අරියසාවකො ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. අයමස‍්ස දුතියො ආභිචෙතසිකො දිට‍්ඨධම‍්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද‍්ධස‍්ස චිත‍්තස‍්ස විසුද‍්ධියා අපරියොදාතස‍්ස චිත‍්තස‍්ස පරියොදපනාය.

තවද ශාරිපුත්‍රයෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “භාග්‍යවතුන් වහන්සේ විසින් සපර්‍ය්‍යාප්තික නවලෝකෝත්තරධර්‍මය ස්වාඛ්‍යාතය, ලෝකෝත්තරධර්‍මය සාංදෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා වේදිතවය්‍ය” යි ධර්‍මයෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ ශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මෙ දෙ වන ආභිචේතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.

පුන චපරං සාරිපුත‍්ත, අරියසාවකො සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨ පුරිසපුග‍්ගලා, එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. අයමස‍්ස තතියො ආභිචෙතසිකො දිට‍්ඨධම‍්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද‍්ධස‍්ස චිත‍්තස‍්ස විසුද‍්ධියා අපරියොදාතස‍්ස චිත‍්තස‍්ස පරියොදපනාය.

තවද ශාරීපුත්‍රයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඍජුමාර්‍ගයට පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා න්‍යාය (අර්‍හත්‍වය පිණිස) ප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා අනුරූප ප්‍රතිපත්තියට පිළිපන්නේ ය. ඔහු කවරහ යත්: පුරුෂයුගම (මාර්‍ගස්ථ ඵලස්ථ විසින්) සතරක් වන අෂ්ට පුරුෂපුද්ගලයෝ ය. භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනෙය්‍යය වෙයි, පාහුනෙය්‍යය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි අෂ්ටාර්‍ය්‍යපුද්ගල සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මේ තුන් වන ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.

පුන චපරං සාරිපුත‍්ත, අරියසාවකො අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි. අයමස‍්ස චතුත්‍ථො ආභිචෙතසිකො දිට‍්ඨධම‍්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද‍්ධස‍්ස චිත‍්තස‍්ස විසුද‍්ධියා අපරියොදාතස‍්ස චිත‍්තස‍්ස පරියොදපනාය.

තවද ශාරීපුත්‍රයෙනි, අරීසවු ආර්‍ය්‍යකාන්ත වූ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණෘදාසව්‍යයෙන් මිදුනු විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණාමානදෘෂ්ටියෙන් පරාමෘෂ්ට නො වූ චිත්තසමාධිය උපදවන ශීලයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මේ සතර වන ආභිචෛතසික වූ දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.

ඉමෙසං චතුන‍්නං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී.

මෙසේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මේ ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාර සතර කැමති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල සෙයින් ලබනුයේ වෙයි.

යං කිඤ‍්චි සාරිපුත‍්ත, ජානෙය්‍යාථ ගිහිං ඔදාතවසනං ඉමෙසු පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තං, ඉමෙසඤ‍්ච චතුන‍්නං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකමලාභිං අකිච‍්ඡලාභිං අකසිරලාභිං, සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.

ශාරීපුත්‍රයෙනි, මේ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්‍මාන්ත ඇති, මෙ ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරයන් සතර කැමති සෙයින් ලබන නිදුකින් ලබන විපුල කොට ලබන හෙළපිළී හඳනා යම් මැ ගිහියකු දනිවූ ද? හේ කැමැති වන්නේ නම්, ක්‍ෂීණනිරය ඇතියෙම් වෙමි, ක්‍ෂීණ තිරශ්චීනයෝනි ඇතියෙම් වෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්‍ෂීණාපායදුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි, සෝවන් වෙමි, විනිපාත ධර්‍ම නැතියෙම් නියතයෙම් සම්බෝධිපරායන වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ යි.

84. නිරයෙසු භයං දිස‍්වා පාපානි පරිවජ‍්ජයෙ, අරියධම‍්මං සමාදාය පණ‍්ඩිතො පරිවජ‍්ජයෙ.

84. නුවණැතියේ නිරයෙහි භය දැක පව් හැරලන්නේය. ආර්‍ය්‍යධර්‍මය (පඤ්චශීලය) සමාදන් කොට ගෙණ පව් දුරැ ලන්නේ ය.

85. න හිංසෙ පාණභූතානි විජ‍්ජමානෙ පරක‍්කමෙ, මුසා ච න භණෙ ජානං අදින‍්නං න පරාමසෙ.

85. වීර්‍ය්‍ය ඇති කල්හි (දැන දැන) ප්‍රාණීන් නො පෙළන්නේ ය. දැනැ දැනැ මුසවාත් නො කියන්නේ ය. නුදුන් දෑ ද නො පහස්නේ ය.

86. සෙහි දාරෙහි සන‍්තුට‍්ඨො පරදාරං ච නාරමෙ මෙරයං වාරුණිං ජන‍්තු න පිවෙ චිත‍්තමොහනිං.

86. සිය අඹුන් හා සමඟ තුටු වන්නේ පරඹුන් කෙරෙහි නො ඇලෙන්නේ ය. පුරුෂ තෙමේ සිත මුළා කරණ රහමෙර නො ම බොන්නේ ය.

87. අනුස‍්සරෙය්‍ය සම‍්බුද‍්ධං ධම‍්මං චානුවිතක‍්කයෙ, අව්‍යාපජ‍්ඣං හිතං චිත‍්තං දෙවලොකාය භාවයෙ.

87. සම්බුදුන් සිහිකරන්නේ ය. නවලෝකෝත්තරධර්‍මය ද අනුස්මෘති වශයෙන් අනුවිතර්‍කණය කරන්නේ ය. දෙව්ලොවැ (බඹලොව) උපත් සඳහා නිදුක් වූ හිත වූ (බ්‍රහ්මවිහාර) සිත වඩන්නේ ය.

88. උපට‍්ඨිතෙ දෙය්‍යධම‍්මෙ පුඤ‍්ඤත්‍ථස‍්ස ජිගිංසතො, සන‍්තෙසු පඨමං දින‍්නා විපුලා හොති දක‍්ඛිණා.

88. පුණ්‍යාර්ත්‍ථි වූ පුණ්‍යගවේෂකයාහට දේයධර්‍මය ඇති කල්හි පළමු කොට බුදුපසේබුදුමහරහතුන් කෙරෙහි දෙන ලද, දක්‍ෂිණා තොමෝ විපුල (ඵල ඇත්තී) වෙයි.

89. සන‍්තො භවෙ පවක‍්ඛාමි, සාරිපුත‍්ත, සුණාහි මෙ, ඉති කණ‍්හාසු සෙතාසු රොහිණීසු හරීසු වා.

89-91. ශාරීපුත්‍රයෙනි, සත්පුරුෂයන් නියම කොට පවසමි. මාගේ භාෂිතය අසව. කළුපැහැ ඇති වේව යි, සුදු වේව යි, රතු වේව යි, රන්වන් වේව යි, කල්මාෂ (ලප) සහිත වේව යි, සමානරූප ඇති වේව යි, පරෙවිපැහැති වේව යි, මෙසේ තෙල යම් කිසි ගවයන් කෙරෙහි ධුරවහනයට සමත් බලසම්පන්න දැමුනු කල්‍යාණ ජව හා වීර්‍ය්‍ය ඇති පුඞ්ගවයෙක් උපදනේ වේ නම්, ඔහු ම ධුරයෙහි යොදත්. ඔහුගේ වර්‍ණය නො පිරික්සත් (නො සලකත්.)

90. කම‍්මාසාසු සරූපාසු ගොසු පාරෙවතාසු වා. යාසු කාසු ච එතාසු දන‍්තො ජායති පුඞ‍්ගවො.

91. ධොරය‍්හො බලසම‍්පන‍්නො කල්‍යාණජවනික‍්කමො, තමෙව භාරෙ යුඤ‍්ජන‍්ති නාස‍්සවණ‍්ණං පරික‍්ඛරෙ.

92. එවමෙව මනුස‍්සෙසු යස‍්මිං කස‍්මිඤ‍්චි ජාතියෙ, ඛත‍්තියෙ බ්‍රාහ‍්මණෙ වෙස‍්සෙ සුද‍්දෙ චණ‍්ඩාලපුක‍්කුසෙ.

92-95 එ පරිද්දෙන් ම මනුෂ්‍යයන් කෙරෙහි ක්‍ෂත්‍රියකුලයෙහි වේව යි, බ්‍රාහ්මණකුලයෙහි වේව යි, වෛශ්‍යකුලයෙහි වේව යි, ශුද්‍රකුලයෙහි වේව යි, සැඩොල් පුප්සඩුකුලෙහි වේව යි, මෙබඳු යම් කිසි තෙල කුලන් අතුරෙහි වූ කිසි යම් ජාතියෙක්හි උපන් දැමුනාවූ මනා ව්‍රත ඇති ධර්මිෂ්ධ වූ සත්‍යවාදී වූ ලජ්ජායෙන් යුත් සිත් ඇති ප්‍රහීණ වූ පුනර් ජාතිමරණ ඇති බ්‍රහ්මචර්‍ය්‍යය පිළිබඳ සකලගුණයෙන් යුත් දුරු කළ කෙලෙස්බර ඇති සංයෝගරහිත වූ සිවුමඟින් කළ කිස ඇති ආස්‍රව රහිත වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් උපාදාන විසින් නො ගෙණ කෙලෙස් පිරිනිවනින් පිරිනිවියෙක් වේ ද, කෙලෙස්රජස් නැති ඒ (ක්‍ෂීණාස්‍රව පුද්ගල සඞ්ඛ්‍යාත) පුණ්‍යක්‍ෂේත්‍රයෙහි දෙන ලද දක්‍ෂිණා තොමෝ (ඵලයෙන්) විපුල වෙයි.

93. යාසු කාසු ච එතාසු දන‍්තො ජායති සුබ‍්බතො, ධම‍්මට‍්ඨො සීලසම‍්පන‍්නො සච‍්චවාදී හිරීමනො.

94. පහීනජාතිමරණො බ්‍රහ‍්මචරියස‍්ස කෙවලී, පන‍්නභාරො විසංයුත‍්තො කතකිච‍්චො අනාසවො.

95. පාරගූ සබ‍්බධම‍්මානං අනුපාදාය නිබ‍්බුතො, තස‍්මිං ච විරජෙ ඛෙත‍්තෙ විපුලා හොති දක‍්ඛිණා.

96. බාලාව අවිජානන‍්තා දුම‍්මෙධා අස‍්සුතාවිනො, බහිද‍්ධා දෙන‍්ති දානානි න හි සන‍්තෙ උපාසරෙ.

96. කාරණාකාරණ නො දන්නා තන්වැසි නුවණ නැති අශ්‍රැතවත් බාලයෝ ම බුදුසස්නෙන් පිටත්හි (විපුල ඵල ඇතැයි) දන් දෙත්. සත්පුරුෂයන් නො ම ඇසුරු කෙරෙත්.

97. යෙ ච සන‍්තෙ උපාසෙන‍්ති සප‍්පඤ‍්ඤෙ ධීරසම‍්මතෙ, සද‍්ධා ච නෙසං සුගතෙ මූලජාතා පතිට‍්ඨිතා.

97. යම් කෙනෙක් සප්‍රාඥ වූ ධීර ය යි සම්මත වූ සත්පුරුෂයන් උපාසනය (ආශ්‍රය) කෙරෙත් ද, ඔවුන්ගේ ශ්‍රද්ධාව ද සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇතිව පිහිටියා වෙයි ද,

98. දෙවලොකං ච තෙ යන‍්ති කුලෙ වා ඉධ ජායරෙ, අනුපුබ‍්බෙන නිබ‍්බානං අධිගච‍්ඡන‍්ති පණ‍්ඩිතාති.

98. ඔහු දෙව්ලොව ද යෙති. මෙ මිනිසත්හි උතුම් කුලයෙක හෝ උපදනාහ. එ පණ්ඩිතයෝ අනුපිළිවෙළින් නිවන අවබෝධ කෙරෙත් ය යි.